LRT දුම්රිය ශක්‍යතා අධ්‍යයනයට JICA සහාය

    June, 30, 2016

    බස්නාහිර කලාපීය මහානගර සැලසුම් ව්‍යාපෘතිය යටතේ මහානගර කලාපයේ වර්තමාන හා අනාගත ප්‍රවාහන ඉල්ලුම සමඟ අනුගත විය හැකි වඩාත් සුදුසුම ප්‍රවාහන මාදිලිය සැහැල්ලු දුම්රිය සංක්‍රමණික (Light Rain Transit) පද්ධතිය බව විශේෂඥ නිර්දේශය වී තිබේ.

    මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ග ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතන‍යේ (JICA) සහාය ලබාගැනීමටත්, ඒ අතුරින් කොළඹ කොටුව - කොල්ලුපිටිය - බම්බලපිටිය - යුනියන් පෙදෙස - මරදාන ප්‍රදේශ යා කෙරෙමින් දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ගය හා බොරැල්ල - මාලඹේ ප්‍රදේශ අතර ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ගය ඉදි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඒ අනුව, සැහැල්ලු දුම්රිය සංක්‍රමණික මාර්ග ඉදි කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇති මාර්ග හත (07)කි.