Mahindra Treo පෙළ: සැබෑ විශ්වසනීයත්වය, IP67 ආරක්ෂාව සහ තිරසර වේගවත් විසදුම්

    October, 2, 2025

    බොහෝ EV වාහන, පරාසය සහ විශ්වසනීයත්වය පිළිබඳ නොපැහැදිලි ඇස්තමේන්තු පමණක් ඉදිරිපත් කළ නමුත්, මහින්ද්‍රා සමාගම Treo විදුලි ත්‍රිරෝද රථ පෙළ  සමඟ නව ප්‍රමිතියක් සකස්කර තිබේ. නාගරික ජීවිතයට  සරිලන ලෙස නිර්මාණයකර, ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය දිනාගත් Treo Passenger, Treo Plus සහ Treo Zor (භාණ්ඩ බෙදාහැරීම් වෑන් රථ සහ Pickup) මාදිලි  සැබෑ පරාසයක්, IP67 සහතික කළ ආරක්ෂාවක් සහ වසර 5ක නිෂ්පාදන  වගකීමක් ලබා දෙමින්, තිරසර රථ සඳහා විශ්වාසනීයම තේරීම බවට පත් වී ඇත.

    ගැටලු රහිත විශ්වාසය

    Mahindra Treo රථය මෙම ක්ෂේත්‍රයේ හොඳම තාක්‍ෂණයෙන් සංවර්ධනය කරන ලද අධි වෝල්ටීයතා ලිතියම්-අයන බැටරි ඇසුරුමක් වටා ගොඩනගා ඇත. මෙම හවුල්කාරිත්වය මඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සරිලන ගුණාත්මකභාවය, දිගු කාලීන ජීවිත කාලය සහ ඉහළ තාක්ෂණය අභියෝගකරන තත්ත්වයන් යටතේ ද අඛණ්ඩ කාර්ය සාධනය තහවුරු කරයි.

    බැටරිය සහ මෝටරය යන දෙකම IP67 සහතිකකර ඇත, එනම් දූවිලි වලින් සම්පූර්ණයෙන් ආරක්ෂාවන අතර ජලයේ ගිලිමකදීද මිනිත්තු 30 ක කාලයක්  සඳහා සහ මීටර 1 ක් දක්වා ගැඹුරට ආරක්ෂාකර ඇත. අධික වර්ෂාව, ගංවතුර හෝ දූවිලි සහිත මෙහෙයුම් පරිසරයන් තුළ පවා ඔවුන්ගේ වාහන  විශ්වාසදායක සහ ආරක්ෂිතව පවතින බවට මෙය ව්‍යාපාරවලට සහතිකයක් ලබා දෙයි.

    සෑම Treo රථයකටම වර්ෂ 5ක / කිලෝමීටර් 100,000ක සම්පූර්ණ වගකීමක් ලැබෙන අතර, එමඟින් ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආයෝජනය Mahindra හි පරීක්ෂාකාරී විශ්වාසනීයතාවයෙන් ආවරණය වන බව සහතික වේ.

    විශ්වාසදායක බලය සහ සැබෑ ධාවන දුර ප්‍රමාණය

    ව්‍යාපාරික ගමනාගමනය සඳහා ශක්තිමත් සහ විශ්වාසනීය විසඳුමක් ලෙස Treo පරාසය නිර්මාණය කර ඇත.

    • Mahindra Treo Auto: එක ආරෝපණ වාරයකින් කිලෝමීටර 130 ක ධාවනයක්
    • Mahindra Treo Plus: කිලෝමීටර 150 දක්වා විස්තීරණ ධාවනයක්, දිගු මගී හෝ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සඳහා වඩාත් සුදුසුය.
    • Mahindra Treo Zor Cargo (DV & Pickup): කිලෝමීටර 110ක් දක්වා ධාවන පරාසයක් සහිත ප්‍රවාහන අවශ්‍යතා සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබේ. ක්ෂණික බෙදා හැරීම සඳහා වඩාත් සුදුසුය.

    කම්පන රහිතව, එන්ජින් ශබ්ද රහිතව සුමට ස්වයංක්‍රීය රිය පැදවීමක්, Treo වාහන, රියදුරු සුවපහසුව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තුළින් අඩු තෙහෙට්ටුවකින් දීර්ග රිය ධාවනයකට පහසුකම් සලසයි.

    නාගරික ජීවිතයට සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා සරිලන

    ආයතනික ගනුදෙනුකරුවන් සඳහා, කාර්යක්ෂමතාව යනු මාදිලියට වඩා වැඩි දෙයකි - එනම් රථවාහන තදබදය තුළ පහසුවෙන් හැසිරවිය හැකි වීම, පටු වීදිවල ගමන් කිරීමට ඇති පහසුව සහ වාහන නැවැත්වීම සඳහා පවතින සීමිත ඉඩ ප්‍රමාණවලට පවා මනාව ගැලපීම වැනි දේ පිළිබඳ සැලකිලිමත් වේ. Treo හි සංයුක්ත නිමාව සහ විශිෂ්ට හැරවුම් අරය, ව්‍යාපාරවලට ප්‍රමාදයකින් තොරව තීරණාත්මක බෙදාහැරීම් සේවා සපුරාලිය හැකි බව සහතික කරමින් ඉහළ ඝනත්වයක් සහිත නාගරික ප්‍රදේශවල ක්ෂණික බෙදාහැරීම් සඳහා කදිම විසඳුමකි

    මෙහෙයුම් පිරිවැය අඩු කිරීමෙන් (තෙල් මාරු කිරීම් නැත,අවම කොටස් ගෙවීම, අවම නඩත්තුව) සහ ඉන්ධන වියදම් ඉවත් කිරීමෙන්, Treo හිමිකරුවන්ට  මුළු පිරිවැයෙන් සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන අතරම, ආයතනික තිරසරබව සහ හරිත ගමනාගමන ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වේ.