MA’s කුකින් ස්ටුඩියෝ ඉවුම් පිහුම් වැඩසටහන සමගින් වැඩබිමට නව වෙනසක්

    February, 1, 2016

    ‘‘ආහාර විශ්වීය භාෂාවක් ලෙස හැඳින්වීමට හැකියි. සාමූහිකත්වය හා ඉවුම් පිහුම් යනු එකිනෙක හා ගැළපෙන අදහස් දෙකක්. මේ දෙකින්ම වෙන්නේ මිනිසුන් එකිනෙකා හා එක්කාසු කිරීමයි.’’ Ma’s Foods සමාගමේ සන්නිවේදන කලමනාකාරිනී හා මුළුතැන්ගේ ත්‍රෛයිමාසික සඟරාවේ සංස්කාරකවරිය වන සාරා ද අල්විස් මහත්මිය එසේ පැවසුවේ, ආයතනයක සේවකයින්ට සතුටු වීමට, නව අභියෝග සාර්ථකව නිමා කිරීමට මෙන්ම රසවත් ආහාර පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳ ඉගෙනගැනීමට ද අවස්ථාව හිමිකරදෙන අළුත් මුහුණුවරක වැඩසටහන් හඳුන්වා දෙමිනි.

    Ma’s Foods මෙරට ප‍්‍රමුඛ පෙලේ ආහාර නිෂ්පාදන සමාගමකි. ආයතනයක විවිධ තනතුරු වල කටයුතු කරන සේවකයින් දායක කරගනිමින් සාමූහිකව සිදුකරන නවතම ඉවුම් පිහුම් වැඩසටහනක් Ma’s Foods දියත් කර ඇත. කාර්යාලයේ සේවක කණ්ඩායමට අභියෝග ඉදිරිපත් කිරීම හා වෙනසට හුරුවීමට අවස්ථාව ලබාදීම කිසිසේත්ම ඔවුන්ව තැතිගන්වන සුළු කටයුත්තක් නොවන බව මෙම ඉවුම් පිහුම් වැඩසටහනේදී දැකගත හැකිය.
    Ma’s Foods මගින් මෙහෙයවන මෙම ඉවුම් පිහුම් වැඩසටහන් සඳහා ඉවුම් පිහුම් වලට කැමති පිරිස් දායක කරගැනීම සිදුවෙයි. ඉවුම් පිහුම් කලාවේ නව්‍යතා හඳුනාගැනීමට මෙන්ම සතුටින් යුතුව ඉවුම් පිහුම් වල නිරතවීමේ අවස්ථාව ද මීට දායක වන පිරිස් වලට හිමිවනු ඇත. Ma’s Foods ආයතනය තුළ සිටින ඉවුම් පිහුම් වලට කැමති පිරිස් මගින් මෙම වැඩසටහනට දායක වන පිරිසට මගපෙන්වීම සිදුකරන අතර සේවකයින් එකිනෙකා අතර සිදුවන සුහදශීලී තරගයක් මෙහිදී දැකගත හැකිය.

    ‘‘මුළුතැන්ගේ තුළ ඉවුම් පිහුම් කටයුතු වල නිරතවීම තුළින් සේවකයින් අතර පවතින මිත‍්‍රත්වය හා ඵලදායීතාව නංවාලීමට හැකියි. මෙම ඉවුම් පිහුම් වැඩසටහනට සහභාගී වන කණ්ඩායම දෙන ලද කාලය තුළ සැලසුම් සහගතව හා සංවිධානාත්මකව කටයුතු කර ඉවුම් පිහුම් වල නියැලී රසවත් ද පිළියෙල කරගැනීම සිදුකරනවා. එමෙන්ම, අප තුළ සැගවී සිටි නිර්මාණශීලී සූපවේදීන් කවුරුන්දැයි කියා හඳුනාගැනීමට ද අවස්ථාව ලැබෙනවා.’’ ඉවුම් පිහුම් වැඩසටහන පිළිබඳ පැහැදිලි කළ සාරා ද අල්විස් මහත්මිය පැවසුවාය.

    MA’s ආයතනය මගින් පවත්වන ඉවුම් පිහුම් පන්ති කොළඹ පිහිටි කුකින් ස්ටුඩියෝ හි දී පැවැත්වේ. සැබෑ මුළුතැන්ගෙයක් ලෙස අලංකාර අන්දමට නිමවා ඇති මේ මුළුතැන්ගේ තුළ අභියෝග ජයග‍්‍රහණය කිරීමේ අරමුණින් පෙරට යන කණ්ඩායම් වලට සාමූහිකව කටයුතු කළ හැකිය. නියමිත කාලය තුළ ආහාර පිළියෙල කිරීමෙන් අනතුරුව විනිශ්චයට බඳුන් කිරීමෙන් අනතුරුව එම ආහාර වල රසය විඳගැනීමේ අවස්ථාව ද සේවකයින්ට හිමිවේ.
    මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන සම්පත් බැංකුවේ කලමනාකාර පිරිස් හා සේවකයින් මෑතකදී පැවති කණ්ඩායම් හැගීම් නංවාලීම අරමුණු කරගෙන පැවති පළමු ඉවුම් පිහුම් පංතියට සහභාගී විය.

    මෙම වැඩසටහන අතරතුර දී මුළුතැන්ගෙය පිළිබඳ හඳුන්වාදීම ප‍්‍රථමයෙන් සිදුවූ අතර මෙහි පළමු වටයේදී තරගකරුවෝ සාමාන්‍ය කෑමවේලක් පිළියෙල කලහ. මෙය නම්කර තිබුණේ ‘සුදානම් වෙමු’ (Get Ready) යනුවෙනි. මීළග වටය වූ ‘ඉදිරියට’ (Go) යන වටය තුළදී කලමනාකරුවන්ගේ හා කණ්ඩායමේ සාමූහික දක්ෂතා පෙන්නුම් කළ අතර ඔවුන් පිළියෙල කළ ආහාර වලට විනිසුරුවන් විසින් ලකුණු ලබාදීම සිදුකරන ලදී.

    ආහාර පිළියෙල කිරීමේ අවසන් තරග වටයේදී කිසිදු උපදේශකයකුගේ මගපෙන්වීම නොලැබුණු අතර තරගකරුවන්ට ලබාදුන් නිශ්චිත කාලය තුළදී ආහාර පිළියෙල කිරීමට සිදුවිය. එකිනෙක කණ්ඩායම් පිළියෙල කළ ආහාර අනෙක් කණ්ඩායම් වල සාමාජිකයින් ද රසබැලූ අතර අවසානයේදී ජයග‍්‍රාහකයෙකුව තෝරාගැනීම සිදුකෙරිණි.

    මෙම ඉවුම් පිහුම් වැඩසටහන තුළින් බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් දැකගත හැකිය. එනම්, සාම්ප‍්‍රදායික නොවන ආකාරයට ආහාර පිළියෙල කිරීම, නිර්මාණශීලීත්වය, කාල කළමනාකරණයේ වැදගත්කම, සාමූහිකව කටයුතු කිරීම, මිත‍්‍රශීලීව කටයුතු කිරීම, නායකත්වය, ඉවුම් පිහුම් දක්ෂතා මෙන්ම සතුටින් තරග කිරීම ආදියයි.

    සේවකයින්ගේ සාමූහික දායකකත්වය තුළින් වැඩබිමේදී හිමිකරගත හැකි වෙනස් අත්දැකීමක් ලෙස කදිම MA’s ඉවුම් පිහුම් වැඩසටහන නම්කළ හැකිය.

    ‘‘සියලූදෙනාටම විශිෂ්ඨ සූපවේදීන් බවට පත්වීමට නොහැකියි. කුමන හෝ ආකාරයේ ආහාරයක් පිළියෙල කරගැනීමට බොහෝ දෙනෙක් දන්නවා. එවැනි බොහෝ පිරිසක් එක්වූ විට ඔවුන්ට සාමූහිකව කටයුතු කර ජයග‍්‍රහණය ලැබිය හැකියි. MA’s ඉවුම් පිහුම් වැඩසටහන අවසානයේදී මීට සහභාගී වන තරගකරුවන්ට ඔවුන් ගැනම ආඩම්බර වීමට හැකියි. එමෙන්ම, ඔවුන්ගේ ජීවිතයට ප‍්‍රයෝජනවත් ආකාරයේ කුසලතා දියුණු කරගෙන ආයතනික වැඩ කටයුතු තුළ සියලූදෙනාටම එක්වී කටයුතු කිරීමේ හැකියාව MA’s ඉවුම් පිහුම් වැඩසටහනට දායක වන සේවකයින්ට හිමිවෙනවා.’’ සාරා ද අල්විස් මහත්මිය අවසන් වශයෙන් පැවසුවාය.