MAS හෝල්ඩිංග්ස් හයිටි යයි

    June, 27, 2016

    මෙරට ප්‍රමුඛතම ඇඟළුම් නිෂ්පාදකයෙකු වන MAS හෝල්ඩිංග්ස් විසින් හයිටි හි Caracol කරමාන්තපුරයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සූදානමින් පසුවන බව නිවේදනය කර සිටී.

    MAS හෝල්ඩිංග්ස් හි නියෝජ්‍ය සභාපති ශරාඩ් අමලීන් මේ බව පසුගිය බදාදා ප්‍රකාශ කර සිටියේය. ඒ හයිටි හි National Society of Industrial Parks විසින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවක දීය.

    ශ්‍රී ලංකාව මූලස්ථානය කරගත් MAS හෝල්ඩිංග්ස් රටවල් 15 ක් පුරා කර්මාන්තශාලා 48 කට හිමිකම් කියනු ලබන 79,000 ක පිරිසක් එහි මෙහෙයුම් කටයුතු සඳහා දායක වී සිටී.