Ma’s Foods සිය අභිමානවත් 30 වන සංවත්සරය සමරයි

    April, 5, 2016

    මෙරට ප‍්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් MA’s Tropical Food Processing, දඹුල්ලේ පිහිටා තිබෙන ප‍්‍රධාන නිෂ්පාදන පරිශ‍්‍රයේදී පසුගියදා සිය 30 වන සංවත්සරය සැමරුවේය.

    MA’s Tropical Food Processing සමාගම 1986 දී ආරම්භ වූයේ කුළුබඩු නිෂ්පාදන මාදිලි ගණනාවක් ඇසුරුම්කරණ ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යාපාරයක් ලෙසිනි. එලෙස ආරම්භ වූ MA’s Tropical Food Processing සමාගම අද වනවිට චට්නි, අච්චාරු, තුනපහ මිශ‍්‍රණ, කුළු බඩු, පැස්ටා, පැස්ටා සෝස් හා පොල් කිරි ආදී ආහාර මාදිලි ගණනාවක් නිෂ්පාදනය කරන මෙරට ප‍්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත්වී ඇත.

    MA’s කුළු බඩු සහ මිශ‍්‍රණ, Dad's Garden සෝස්, Happy Home ආහාර පෙළ, Pasta Roma පැස්ටා හා පැස්ටා සෝස් යනාදී වෙළඳ සන්නාමයන් යටතේ රසවත් ආහාර නිෂ්පාදන රැසක් MA’s පවුලෙන් ඔබ වෙත ලබාදෙනු ලැබේ. එයට අමතරව කාබනික සහතික ලත් Ma’s Happy Life Kitchen සහ Happy Home Organic නිපැයුම් වෙළඳපොලේ ඇති සුවිශේෂී නිෂ්පාදන පෙළකි.

    MA’s Tropical Food Processing සමාගම මෙරට ප‍්‍රජාවට හා තිරසාර පාරිසරික සංවර්ධනයට මහෝපකාරී වන කාර්යයන් ගණනාවකට දායක වී ඇත. මාතලේ ප‍්‍රදේශයේ සුළු පරිමාණ කුළු බඩු ගොවීන්ගේ ජීවනෝපායට අවශ්‍ය මගපෙන්වීම හා සහයෝගය ලබාදී ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරයේ පිළිගත් ප‍්‍රමිති සහතිකයක් ලබාදීමට සමාගම ලබාදුන් ක‍්‍රියාකාරී දායකත්වය මගින් ඒ බව මනාව පිළිබිඹු වෙයි.