February, 12, 2016
මෙරට ප්රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන MA’s Tropical Food Processing වෙතින් වෙළඳපලට පැමිණෙන MA’s Kitchen තුනපහ මිශ්‍රණ නිෂ්පාදන පෙළ වැඩිදියුණු කළ නැවුම් මුහුණුවරකින් පාරිභෝගිකයින් අතට පත්වෙයි. MA’s Tropical Food Processing සමාගම ගුණාත්මක බවින් ඉහළ, පහසුවෙන් හා රසවත්ව පිළියෙල කරගත හැකි ආහාර නිෂ්පාදන මෙරට වෙළඳපලට හඳුන්වාදීම වෙනුවෙන් හිමිකරගෙන තිබෙන කීර්තිමත් නාමය මේ නිෂ්පාදන පෙළ මගින් තවදුරටත් තහවුරු කර ඇත.
MA’s Kitchen තුනපහ මිශ්‍රණය නැවුම් මුහුණුවරකින් වෙළඳපල වෙත ඉදිරිපත් කිරීමේ අරමුණ වී තිබෙන්නේ ලාංකේය හා ආසියානු ආහාරයන්ගේ රස හා සුවඳ පාරිභෝගිකයින් අතරට පත්කිරීමයි. නව ඇසුරුමකින් හා සලකුණින් යුතුව වෙළඳපලට පැමිණෙන MA’s Kitchen තුනපහ මිශ්‍රණය ආහාර වලට එක්කරමින් මුළුතැන්ගේ ඉවුම් පිහුම් කටයුතු තවදුරටත් පහසු කරගැනීමට හැකි අතර රසය ගැන කිසිදු සැකයකින් තොරව පවුලේ ආහාර වේල පහසුවෙන් හා සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කරගැනීමට ද පාරිභෝගිකයින්ට හැකිය.
''කාර්යබහුල ජීවිතය තුළ පුද්ගලයින්ට පහසුවෙන් හා රසවත්ව සිය ආහාරවේල මනාව පිළියෙල කරගැනීමට හැකියාව ඇති මෙන්ම පරිපූර්ණ රසය හා මනා සංයෝග එක්වූ හොඳ නිෂ්පාදනයක් බිහිකිරීමට අප කටයුතු කළා.'' MA's Tropical Food Processing සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මාරියෝ ද අල්විස් මහතා පැවසුවේය.
ස්වභාවික අමුද්‍රව්‍ය හා කුළුබඩු යොදාගනිමින් නිෂ්පාදනය වන MA’s Kitchen තුනපහ මිශ්‍රණයට කිසිදු ආකාරයේ කෘතිම රස හෝ සුවඳ වර්ග එක්කර නැත. MA’s Kitchen තුනපහ මිශ්‍රණ නිෂ්පාදන පෙළ අතරට ලාංකේය ව්‍යංජන වන කුකුල් මස් කරිය, කහබත හා ඇඹුල් තියල් ආදිය රසවත් කිරීමට අවශ්‍ය තුනපහ අඩංගුය. එමෙන්ම, MA’s Kitchen තුනපහ මිශ්‍රණය අතරට අලූතින් එක්වී තිබෙන මිරිසට කරිය, ගම්මිරිස් හා අබ කරිය නොමැතිනම් බිස්ටෙක් කරිය යොදාගනිමින් ඕනෑම තැනැත්තෙකුට නිවසේ සිටම රසවත් ආහාර වේලක් පිළියෙල කරගැනීමට හැකිය. MA’s Kitchen තුනපහ මිශ්‍රණයට එක්වූ ආසියානු රස වර්ග අතරට තායි රෙඞ් හා ග්‍රීන් කරිය, ඉන්දියන් බිරියානි, තන්දුරි හා ටිකා ද ඇතුළත්ය.
''MA’s Kitchen තුනපහ මිශ්‍රණය මිලදීගන්නා පාරිභෝගිකයින්ට නිවසේ සිටම විවිධ ආහාර වර්ග පිළියෙල කරමින් ආහාර පිළිබඳ නව අත්හදාබැලීම් සිදුකිරීමට හැකියි. මෙම තුනපහ යොදාගනිමින් පහසුවෙන් ආහාර පිළියෙල කරගැනීමට හැකි නිසා මුළුතැන්ගේ තුළ පැය ගණනාවක් ගතකිරීමට අවශ්‍ය වන්නේ ද නැහැ.'' මාරියෝ ද අල්විස් මහතා අවධාරණය කර සිටියේය.
නිවසේ දී සිටම රසවත්ව හා පහසුවෙන් ආහාර පිළියෙල කරගැනීමට අවශ්‍ය සුවිශේෂී නිෂ්පාදන ගණනාවක් MA’s Kitchen නිෂ්පාදන වෙතින් පාරිභෝගිකයින්ට පිළිගන්වයි. MA’s Kitchen නිරන්තරයෙන් වෙළඳපලට නව නිෂ්පාදන හා හඳුන්වාදීම් සිදුකරමින් රසවත් ආහාර පිළියෙල කිරීමේ විශේෂඥයින් ලෙස නිෂ්පාදනයේ ගුණාත්මකභාවය රඳවා ගන්නා අතරතුර සැබෑ ඉවුම් පිහුම් අත්දැකීමක් මෙරට පාරිභෝගිකයින්ට සහතික කරයි.
කාර්යබහුල ජීවිත ගතකරන නමුත් නිවසේ දී සිට සිය ආහාර වේල පිළියෙල කරගැනීමට කැමති පාරිභෝගිකයින්ගේ වැඩිවන ඉල්ලූම සපුරාලමින් MA’s Kitchen තුනපහ මිශ්‍රණය තුළින් නිවසේදී සිටම පහසුවෙන් රසවත් ආහාර පිළියෙල කරගැනීමට හැකිය. එපමණක් නොව MA’s Kitchen තුනපහ මිශ්‍රණය හා තෙම්පරාදු නිෂ්පාදන පෙළ යොදාගනිමින් ඕනෑම තැනැත්තෙකුට ආසියානු කලාපයට ආවේණික සුවිශේෂී සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු පිළියෙල කරගැනීමට හැකිය.
MA’s Kitchen වෙතින් වෙළඳපලට පැමිණෙන නිෂ්පාදන පෙළ මගින් වෙළඳසැල් තුළ මේ වනවිටත් පවතින MA’s Kitchen ආහාර නිෂ්පාදන පෙළේ අඩුව පුරවමින් පාරිභෝගිකයින්ට ප්‍රබෝධමත් රස විඳගැනීමට හා ඉවුම් පිහුම් අත්හදාබැලීම් සිදුකිරීමේ අවස්ථාව ලබාදෙයි.
Video Story