March, 14, 2016
ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට්ෆෝන් ඇප් එක වන Matchstix මෙරට දහස් ගණනක් වු සමාජ ජාලකරණ මිතුරු සබඳතා අතරට එක්වෙයි. Matchstix නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා පාක් ස්ට්‍රීට් මිව් ස් හිදී පැවැත්විණ. එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන්, ජනප්‍රිය චරිත සහ Matchstix භාවිත කරන්නන් මෙන්ම ඒ පිළිබඳව උනන්දු වන්නන් ද එක්ව සිටියහ.
Matchstix ඇප් එක මඟින් රුචිකත්වය අතින් ඒ ඒ ප්‍රදේශවල සමාන පුද්ගලයින් සමබන්ධ කෙරේ. Matchstix හි ලියාපදිංචි වීමෙන් පසු GPS මඟින් ක්‍රියාත්මක වන මෘදුකාංගයක් ඔස්සේ මෙය ක්‍රියාත්මක වෙයි. මෙම ඇප් එක ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා වලින් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සහ iOS යන මෙහෙයුම් පද්ධති දෙකටම මෙම ඇප් එක ක්‍රියාත්මක කළ හැකිය.
Matchstix ඇප් එකට පිවිසීම සඳහා සක්‍රිය සිම්පතක්, ස්මාර්ට්ෆෝන් එකක් සහ ෆේස්බුක් ගිණුමක් අවශ්‍ය වෙයි. මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් පසු සබඳතා වර්ධනය කිරීම සිදුකරගත හැකිය.පෞද්ගලික තොරතුරු කිහිපයක් පමණක් ඇතුළත් කිරීමෙන් පසු Matchstix ඇප් එක පහසුවෙන් ක්‍රියාත්මක කරවාගත හැකි අතර ඒ ඔස්සේ ඉතා ඉක්මනින් අවට ප්‍රදේශයේ සිටින රුචිකත්වය අතින් සමාන තවත් අය සොයාගැනීමට අවස්ථාව උදාවෙයි. මෙමඟින් නව සමාජ සබඳතා රැසක් ගොඩනැගෙයි.
මෙම හඳුන්වාදීමේ අවස්ථාවට එක්වු Mobimedia හි වෙළඳ කළමාණාකාර ක්ලාරා ග්‍රින්ටාල් සඳහන් කළේ “ශ්‍රී ලංකාව සමාජ සබඳතා වර්ධනය කර ගැනීම අතින් ඉතා ඉහළ තැනක සිටින රටක් බවයි. මේ නිසා දිනෙන් දින එම සබඳතා වර්ධනය කරගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම සකස් කළ යුතු බවත්, එම කාර්යා භාරය ඉටු කිරීමට Matchstix සමත් වනු ඇති බවටත් ඇය විශ්වාසය පළ කළාය. මෙරට ජනතාවගේ කැමැත්ත, අදහස් සහ ජීවන තොරතුරු බෙදා හදා ගැනීමේ නව මාධ්‍යයක් ලෙස Matchstix කටයුතු කරනු ඇති බව ද ඇය පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් වඩා ආරක්ෂාකාරී මෙන්ම විශ්වසනීය ලෙස නව සමාජ සබඳතා ගොඩනැගීමේ කාර්යය ඉටු කිරීමට Matchstix බැඳී සිටිනු ඇති බව ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාව ඇමතූ භාරති එයාර්ටෙල් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ ප්‍රධානි චන්ද්‍රෙස්කර් සිං චවුහාන් මහතා සඳහන් කළේ “පාරිභොගිකයාගේ ජීවිතය පහසු කරන නව නිපැයුම් සහ අදහස් පිළිබඳව එයාර්ටෙල් නිරන්තර අවබෝධයකින් කටයුතු කරන බවයි. මේ නිසා Matchstix මෙරට ජනතාවගේ සබඳතා තවදුරටත් පුළුල් කරනු ඇති බව පෙන්වා දෙන ඒ මහතා සඳහන් කළේ Matchstix ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා 100MB දත්ත ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවයි. මෙම වාසිය නිසා පහසුවෙන් තමන්ට අවශ්‍ය මිත්‍රයින් සහ හිතවතුන් සොයාගැනීමේ පහසුකම් හිමිවනු ඇති බව ද ඒ මහතා පැවසීය.
ඉදිරි කාලයේදී පුළුල් ප්‍රචාරණ වැඩසටහනක් මඟින් Matchstix මෙරට ජනයා අතර ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියක් ද සැලසුම් කර තිබේ.
Matchstix මේ වනවිට ආසියානු රටවල් රැසක සාර්ථකව ක්‍රියාත්මක වෙයි. දළ ගණන් බැලීම් අනුව මේ වනවිට 253,000 අධික පිරිසක් Matchstix ඇප් එක ඩවුන්ලොඩ් කරගෙන සිටිති. මෙම ප්‍රමාණය දෛනිකව ඉහළ යමින් පවතී.
Matchstix ලොව ප්‍රමුඛ ඩිජිටල් විසඳුම් සපයන ආයතනයක් වන Mobimedia හි නිෂ්පාදනයකි.ඉතා සීඝ්‍රෙයන් ව්‍යාප්තවත වන ස්මාර්ට්ෆෝන් තාක්ෂණය ආදීය සඳහා විසඳුම් ඉදිරිපත් කරන ප්‍රමුඛ සමාගමකි. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා www.mobimedia.com.au. වෙත පිවිසෙන්න. එසේ නොමැති නම් www.matchstixapp.com හෝ ෆේස්බුක් හි facebook.com/matchstixsrilanka පිටුවට පිවිසෙන්න.
2009 ජනවාරි 12 වන දින සිට මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කටයුතු කරන භාරති එයාර්ටෙල් ලංකා සමාගම මේ වනවිට මිලියනයකට අධික පාරිභෝගික ජාලයකින් සමන්විත වෙයි. එයාර්ටෙල් වසර 3ක් වැනි කෙටිකාලයක් තුළ ඉතා ඉක්මනින් ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වු දුරකථන සේවාවකි.මේ අනුව ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන දුරකථන සේවා ජාලය වන “එයාර්ටෙල්“ ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමකි. ISO 27001:2005 සහ ISO 22301 යන තත්ව සම්මානයෙන්ද පිදුම් ලබා ඇති එයාර්ටෙල් වගකීමක් සහිතව , විශ්වාසවන්ත ලෙස සිය පාරිභෝගිකයාට සේවය සලසයි.
එයාර්ටෙල් පිළිබඳ වැඩි විස්තර www.airtel.lk වෙතින් ලබාගත හැකිය.
Video Story