ඇමරිකානු පොලීසිය මයුරට අනතුරු අඟවයි. මයුරගෙන් මොණර උත්තරයක්

    July, 31, 2014

    ඇමරිකාවේ ටෙක්සාස්හිදී මංකොල්ලකරුවන්ට එලව එලවා පහරදුන් අභීත ශ්‍රී ලාංකිකයා වන මයුර දිසානායකට ඇමරිකානු පොලීසිය දැනුම් දී ඇත්තේ එම කල්ලියේ ඔඩෙල් මතිස් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත් වුවත් අනිකුත් මංකොල්ල කරුවන් පලාගොස් තිබෙන නිසා පරිස්සමින් සිටින ලෙසයි.

    පොලීසිය තමාට එම අනතුරු හැඟවීම කළබව මයුර USA Today සමග සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කර තිබේ.

    මෙම අනතුරු හැඟවීම පිළිබඳව අදහස් දක්වමින් මයුර මෙසේ සඳහන් කර ඇත.

    “මම දන්නවා, ඔවුන් නැවතත් පැමිණීමට ඉඩකඩක් තිබෙන බව. මම එයට මුහුණ දීමට සූදානම්. මම කියන්නේ නෑ, මම බයයි කියා. නමුත් මම සීරුවෙන් සූදානම් වෙලයි ඉන්නේ. ඔවුන් එනව නම් ආපුවාවේ.“

    එම ප්‍රකාශය USA Today වාර්තා කර තිබුණේ මෙසේයි.

    “I know there’s a possibility that they could come back and try to get revenge or something, but I’m ready,” Dissanayake says. “I wouldn’t say I’m scared, but I’m careful, and I’m prepared. If they come, they come.”

    මිතුරෙකු කොල්ලකෑමට පැමිණි සොරුන් කණ්ඩායමකට එලව එලවා පහරදී මයුර සිය අභීත බව මුළු ලොවටම විදහා දැක්වූයේ ලංකාවටද ආඩම්බරයක් ගෙන දෙමිනි.