February, 5, 2016
ශ්‍රී ලංකාවේ සිට ආනයනය කරනු ලබන MDF බෝඩ් සඳහා මේ දක්වා නියම කර තිබූ ආනයනික බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පාකිස්තානය තිරණය කර තිබේ.
දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳ ගනුදෙනු දිරිගැන්වීමේ පියවරක් ලෙසින් පාකිස්තානු රජය විසින් මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට කරනු ලබන අපනයනවලින් MDF බෝඩ් සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලැබෙන අතර මෙරටින් කරන MDF බෝඩ් අපනයනවලින් 10% කට වඩා යැවෙනුයේ පාකිස්තානයටයි. එසේම පාකිස්තානයට MDF බෝඩ් අපනයනය කරන රටවලින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසුවන අතර එහි පළමු තැනෙහි සිටින්නේ මැලේසියාවයි.
Video Story