Mercedes-Benz තරු අත්දැකීම ඩීමෝ රුවන්පුරයට ගෙනයයි

    July, 1, 2016

    සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) ,Mercedes-Benz තරු අත්දැකීම රත්නපුරයට රැගෙන යයි. රත්නපුර සිල්වර් රේ හෝටලයේදී පැවති මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ Mercedes-Benz හිමිකරුවන් සහ ජීප් හිමිකරුවන් මෙන්ම පාරිභෝගිකයින් රැසක් එක්ව සිටියහ. මෙහිදී මෙම ආරාධිතයින්ට Mercedes-Benz හි නවතම වාහන පෙළ වන Mercedes-Benz C 180, Mercedes-Benz C-Class Coupe, Mercedes-Benz GLE SUV,නව Mercedes-Benz E-Class, Mercedes-Benz Vito, Jeep Grand Cherokee සහ Jeep Wrangler යනාදී රථ වාහන පිළිබඳව අත්දැකීමක් ලැබීමට අවස්ථාව උදාවිය.

    Mercedes-Benz හි නවතම E-Class මෝටර් රථය හඳුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණු අතර මෙහිදී Mercedes-Benz E-Class හි මෙරට ප්‍රථම රථය ඩීමෝ සමූහ ප්‍රධාන විධායක ගහනාත් පණ්ඩිතගේ මහතා අතින් එහි ප්‍රථම පාරිභෝගිකයා වන ලාල් පින්වත්ත මහතා වෙත භාරදීම ද මෙහිදී සිදුකෙරිණ. Mercedes-Benz E-Class මෝටර් රථය ලොව ප්‍රමුඛතම සහ නව්‍යත්වයෙන් යුතු තාක්ෂණයට අනුව නිපදවා තිබේ. සුවපහසුව සහ ආරක්ෂාව අතින් මුල් තැනක් ගන්නා Mercedes-Benz E-Class මෝටර් රථය නව මානයේ රියදුරු සහායක පහසුකම් වලින්ද යුක්ත වෙයි. Multi-chamber air suspension පද්ධතියකින්ද සමන්විත මෙම මෝටර් රථය පළමු පන්තියේ රිය ධාවනයේ අත්දැකීමක් ලබාදෙයි.ධාවන මංතීරු මාරුකිරීමේ සහය සේවාව මඟින් ආයාසයකින් තොරව මංතීරුව තෝරා ඊට රථය යොමු කිරීමේ හැකියාව ලැබේ. මෙම මෝටර්රථය ස්වයංව ක්‍රියාත්මක වන පහසුකම් රැසක් සහිත විධායක පන්තියේ රථයකි.

    සුරේෂ් ගුණරත්න මහතා (අධ්‍යක්ෂ - ඩීමෝ),රජීව් පණ්ඩිතගේ මහතා (සාමාන්‍යධිකාරි - Mercedes-Benz මඟි සහ වෙළඳ රථ වාහන අලෙවි ), තරංග ගුණවර්ධන මහතා (සාමාන්‍යාධිකාරි - Mercedes-Benz සේවා සහ අමතර කොටස් ) යන ප්‍රධානීන් මෙම අවස්ථාව සදහා එක්ව සිටි අතර සිතාර වාදනයක් ඇතුළු පෙරදිග සංගීත නාදයෙන් එම රාත්‍රිය වර්ණවත් විය.

    නව Mercedes-Benz E-Class මෝටර් රථය ඩීමෝ 800 හි පිහිටි “Mercedes-Benz Centre” හි අලෙවිය සඳහා තබා ඇත

    ඡායාරූප - ඩීමෝ සමූහ ප්‍රධාන විධායක ගහනාත් පණ්ඩිතගේ මහතා අතින් Mercedes-Benz E-Class මෝටර් රථය එහි ප්‍රථම පාරිභෝගිකයා වන ලාල් පින්වත්ත මහතා වෙත භාරදීම