Monik සමාගම් සමූහය විසින් ලොව සුපතල Walton වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    May, 21, 2025

    මෙරට ප්‍රමුඛපෙළේ ආයතනයක් වන Monik සමාගම් සමූහය විසින් ලොව සුපතල Walton වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගිය දා ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදුවුණි.

    Walton වෙළඳ සන්නාමයට අයත් නිෂ්පාදිත දැනටමත් ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල් 50කට වඩා වැඩි ගණනකට නිෂ්පාදන කර බෙදාහරිමින් සිටියි. මෙම නිෂ්පාදිත ජර්මානු හා ඉතාලි තාක්ෂණය මත පදනම්ව නිපයුම්වන අතර දකුණු ආසියාවේ දේශගුණය සඳහා විශේෂයෙන් ගැළපෙන අන්දමින් නිර්මාණය කර ඇත.

    Walton ශ්‍රී ලංකාව තුළ ආරම්භක වශයෙන් හඳුන්වාදෙන නිෂ්පාදන පෙළ අතර ශීතකරණ, අධි ශීතකරණ, වායුසමීකරණ, රූපවාහිනී, විදුලි උපකරණ, ජංගම දුරකතන, පරිගණක ඇතුළු තවත් බොහෝ උපකරණ ඇතුළත් වේ.

    Monik සමාගම් සමූහය අතර ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයේ හැකියාව භාවිතයෙන් පාරිභෝගිකයින් සඳහා දිගුකාලීන සහ පහසු ගෙවීම් සැලසුම් හදුන්වා දීමට කටයුතු සිදුවෙමින් තිබෙන අතර දොරින් දොරට අලෙවියෙන් පසු සේවා ලබාදීම ක්‍රමයක්ද සැලසුම් කරමින් සිටියි. මේ මගින් පාරිභෝගික අත්දැකීම වඩාත් තීව්‍ර කිරීමට Monik සමාගම් සමූහය බලාපොරොත්තු වේ.

    දැන් Walton නිෂ්පාදන Monik ප්‍රදර්ශනාගාරවලින් සහ දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයින් මගින් ලබාගත හැක.