March, 31, 2026
දිවයින පුරා සිය ව්යාපාර සන්නාමය ව්යාප්ත කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Moose Clothing සමාගම සිය තෙවන සුවිශේෂී ප්රදර්ශනාගාරය පසුගියදා ගාල්ල සිටි සෙන්ටර් (Galle City Centre) හිදී විවෘත කරන ලදී. විලාසිතා ක්ෂේත්රය පහසුවෙන් ලබාගත හැකි සහ සැමට සමීප වූවක් බවට පත්කිරීමේ සිය දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින්, විලාසිතාව, ගුණාත්මකභාවය සහ පහසුව යන අංගයන්ගෙන් පරිපූර්ණ සන්නාම අනන්යතාවය මෙම නව වෙළඳසැල හරහා දකුණුලක පාරිභෝගිකයන් වෙත සමීප කරවනු ලබයි.
කොළඹ සහ මහනුවර නගරවල ස්ථාපිත කළ සාර්ථක ශාඛාවන්ගෙන් අනතුරුව, ගාල්ලේ විවෘත වූ මෙම නව ප්රදර්ශනාගාරය Moose Clothing සමාගමේ දීපව්යාප්ත ගමන් මඟෙහි මීළඟ අදියර සංකේතවත් කරයි. 2018 වසරේ ආරම්භයේ සිටම, දැරිය හැකි මිලකට කල් පවතින හා මනාව නිමවූ ඇඳුම් පැළඳුම් ලබාදීම සම්බන්ධයෙන් මෙම සන්නාමය ඉහළ කීර්තිනාමයක් දිනා ගැනීමට සමත්වී ඇත. එසේම මෙම වසරේ දී එනම්, 2026 වසරේ දී "Superbrand" ලෙස ඇගයීමට ලක්වීම හරහා එම විශ්වාසය තවදුරටත් තහවුරු විය.
සාම්ප්රදායික වෙළඳසැලකට වඩා ඔබ්බට ගිය අත්දැකීමක් ලබාදෙන මෙම නව ප්රදර්ශනාගාරය, ගාල්ලේ සංස්කෘතික පොහොසත්කම සහ නිදහස් සැහැල්ලු බව පිළිබිඹු වන පරිදි නිර්මාණය කිරීම සුවිශේෂීත්වයකි. වෙරළබඩ ජීවන රටාවෙන් ආභාසය ලැබූ මෙම අවකාශය, නවීන විලාසිතා අලංකරණයන් සහ දේශීය අනන්යතාවයන් මනාව මුසු කරමින් පාරිභෝගිකයාට ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කරනු ලබයි. මෙහිදී පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම් මෙන්ම නිල ක්රිකට් වෙළඳ භාණ්ඩ ද ඇතුළුව පුළුල් පරාසයක නිෂ්පාදන එකම වහලක් යටදී ලබාගත හැකි බැවින්, එය තරුණ තරුණියන්ට මෙන්ම සංචාරකයින්ට ද ඉතා පහසු ස්ථානයක් වනු ඇත.
මෙම නව ශාඛාව පිළිබඳව අදහස් දක්වමින් Moose Clothing සමාගමේ ප්රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා මෙසේ පැවසුවේය. "අපගේ අරමුණ වූයේ විලාසිතාව හෝ කල්පැවැත්ම පිළිබඳ කිසිදු සැකයකින් තොරව උසස් තත්ත්වයේ විලාසිතා වැඩි පිරිසකට සමීප කරවීමයි. ගාල්ල වැනි නගරයකට ව්යාප්ත වීම අපගේ වර්ධනයේ ස්වභාවික පියවරක්. මෙම වෙළඳසැල හරහා පාරිභෝගිකයන් අපෙන් බලාපොරොත්තු වන විශ්වාසනීය අත්දැකීම ලබා දීම අපගේ අරමුණක් වෙනවා. ඒ වගේම ගාල්ලේ සංස්කෘතිය සහ ජීවන රටාව සමඟ බද්ධ වීමට අපට අවශ්ය වීමත් මෙම ව්යාප්තියේ තවත් අරමුණක් වෙනවා."
තවද, දකුණු පළාතේ ප්රධාන වෙළඳ මධ්යස්ථානයක පිහිටා ඇති බැවින්, දේශීය පාරිභෝගිකයන් මෙන්ම විදේශීය සංචාරකයින් ද ආකර්ෂණය කර ගැනීමට මෙම නව ප්‍රදර්ශනාගාරය සමත් වනු ඇත. එමෙන්ම මෙම නව පියවර හරහා දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත විලාසිතා අලෙවිකිරීම සම්බන්ධයෙන් පවතින මතවාදයන්ට අභියෝග කිරීමට Moose Clothing සමාගම සමත්වී තිබේ. ගුණාත්මකභාවය, විලාසිතාව සහ වටිනාකම යන සියල්ල එකම තැනකින් ලබාගත හැකි බව මින් තහවුරු කිරීමට මොවුන් සමත් වී තිබේ. කොළඹ සහ මහනුවරින් ඔබ්බට යමින් දිවයින පුරා සිටින ජනතාව වෙත ළඟා වීමට සමාගම දක්වන කැපවීම මේ තුළින් මනාව පැහැදිලි වනු ඇත.

Video Story