MTD Walkers බිලියන 2.1 කට මිලදී ගන්නා සමාගම මෙන්න!

    August, 28, 2014

    ඉදිකිරීම්, නිෂ්පාදන, සහ ඉංජිනේරු කටයුතු පිළිබඳව දේශීයව මෙන්ම විදේශීයව ප්‍රසිද්ධියක් උසුලන
    MTD Walkers PLC සමාගම විසින් රුපියල් මිලියන 2,174 කට දේපොළ සංවර්ධන කටයුතු, ගොඩනැගිලි කොන්ත්‍රාත්, යාන්ත්‍රික හා විද්්‍යුත් ඉංජිනේරු කටයුතු සිදුකරන Wincon Development Ceylon (Private) Limited සමාගම මිලදී ගැනීමට සූදානම් වේ.

    මේ අනුව, Wincon Development Ceylon (Private) Limited සමාගමේ සියළුම කොටස් එකක් රුපියල් 4.01 ක් බැගින් මිලදී ගැනීමට MTD Walkers PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.

    1981 වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත (List) කර තිබෙන MTD Walkers PLC සමාගම තේ නිෂ්පාදන යන්ත්‍ර නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීමද සිදුකරන අතර මෙම යන්ත්‍ර රුවන්ඩාවට සහ වියට්නාමයට අපනයනය කිරීමද කරයි.

    MTD Walkers PLC සමාගමේ සභාපතිවරයා වන්නේ Dato’ Azmil KhaIiIi Bin Dato’ Khalid මහතා වන අතර මෙරට ප්‍රකට ව්‍යාපාරික රවී විජේරත්න මහතා මෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු (Independent Non-Executive Director) ලෙස කටයුතු කරයි.

    Wincon Development Ceylon (Private) Ltd සමාගම ආරම්භ කර තිබෙන්නේ 2003 වසරේදීයි.