May, 17, 2016
මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා සමාගමක් වන MTD Walkers PLC සිය ව්‍යාපාරික කටයුතු මාලදිවයින දක්වා ව්‍යාප්ත කර තිබේ.
MTD Walkers PLC හි අනුබද්ධිත සමාගමක් වන මාලදිවයිනේ සංස්ථාපනය කරන ලද CML International (පුද්) සමාගම හරහා මෙලෙසින් සිය කටයුතු මාලදිවයින තුළ ක්‍රියාත්මක කිරීමට සමාගම පියවර ගෙන ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ MTD Walkers PLC හි සමූහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ලාල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “මාලදිවයින තුළ ඉංජිනේරු කර්මාන්තයේ නව අවස්ථාවන් අත්පත් කර ගැනීම අපේ බලාපොරොත්තුවයි. යාන්ත්‍රික ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, ගොඩනැගිලි සේවා හා නාවුක ඉංජිනේරු ක්ෂේත්‍රයන් වෙත අප මෙහිදී පිවිසෙනවා.“
මාලදිවයින් රජයේ සංවර්ධන අභිමථාර්ථ ඉටුකරලීමේ අරමුණින් එරට දේශීය හවුල්කරුවන් හා රාජ්‍ය ආයතන වෙත සිය සහාය දැක්වීමට ද CML International (පුද්) සමාගම මෙහිදී කටයුතු කරනු ඇත.
Video Story