NCPI උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී ඉහළට

    October, 22, 2020

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (NCPI, 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය.

    ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය.

    මේ අතර, 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම හේතුවෙන් ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී පැවති සියයට 13.2හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 12.7 දක්වා පහළ ගියේ ය.

    එසේ වුව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 1.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.4 දක්වා ඉහළ ගියේ ය.