September, 13, 2023
අනාගතය සැලසුම් කිරීම සහ අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම යනු සෑම විටම කොතරම් සැලසුම් කරත් අවශ්‍යතාවය අනුව වෙනස්වන දෙයකි. ඔබ ඉතිරි කරන්නේ කෙටි කාලීන හෝ දිගු කාලීන අරමුණු යනාදී වශයෙන් කුමන හේතුවක් මත වුවද, සෑම විටම ඒ සම්බන්ධයෙන් සූදානම්ව සිටීම ඉතා වැදගත් වේ. එබැවින්, ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ඉතිරි කිරීමේ කුසලතා ප්‍රගුණ කිරීම සඳහා NDB බැංකුව සිය ගනුදෙනුකරුවන්ට NDB ඉතුරුම් සැලසුම පිරිනමයි. NDB ඉතුරුම් සැලසුම යනු පාරිභෝගිකයන්ට සිය පුද්ගලික ඉලක්කවලට අනුගත වෙමින් මූල්‍ය කළමනාකරණය කිරීමට ඉඩ සලසන්නාවූ, සහතික කළ පොලී අනුපාතයක් සහිත, අවදානම් රහිත විකල්පයකි. එය පාරිභෝගිකයන්ට සිය මූල්‍ය පිළිබඳ පරිපූර්ණ ඉදිරි දැක්මක් සපයන අතර, සැබෑ කරගත හැකි අනාගත ඉලක්ක කරා ගමන් කිරීම සඳහා ද සහය වේ. එමඟින් පාරිභෝගිකයන්ට ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සවිස්තරාත්මකව පියවරෙන් පියවර සකස් කළ ඉතුරුම් සැලැස්මක් පිරිනැමේ.
විශේෂයෙන් වත්මන් අර්බුදකාරී ආර්ථිකය හමුවේ, අනාගතය සඳහා සූදානම් වන විට, ඔබේ මුදල් ඉතිරි කිරීම සහ එය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අතිශයින් වැදගත් වේ. යම් ආකාරයක මූල්‍ය සැලසුම් ක්‍රමයක් භාවිතා කරන හෝ මූල්‍ය සැලසුමක අවශ්‍යතාව හඳුනාගෙන සිටින අතිමහත් බහුතරයක් වන පාරිභෝගිකයන් එම මූල්‍ය සැලසුම ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි නොදැන සිටිය හැකි ය.
ඉතිරි කිරීම ආරම්භ කිරීම සඳහා ඉහළ ඉපැයීම් ලබන වෘත්තිකයෙකු හෝ මූල්‍ය කළමනාකරණය ළිබඳව විශේෂ දැනුම් තිබිය යුතුය යන බහුතර මතය මීට අදාළ නොවේ. තවද, ඉතිරි කිරීම ආරම්භ කිරීම සඳහා විශාල ඉලක්ක තබාගැනීමට හෝ දිගු කාලීන සැලසුම් සකස් කිරීමට අවශ්‍ය නොවේ. ඔබ සතු මුදල් හා අරමුණුවලට අනුව ඉතිරි කිරීමේ අරමුණු වෙනස් වේ. ඔබේ උසස් අධ්‍යාපනය හැදෑරීමට, ඔබේ සිහින වාහනය මිලදී ගැනීමට, සොඳුරු විවාහ මංගල්‍යය සැලසුම් කිරීමට හෝ ඔබේ ජීවිත රක්ෂණය සඳහා ඉතිරි කිරීමට ඔබට අවශ්‍ය විය හැකි ය. දුරකථනයක් හෝ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම, ඔබේ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම, හෝ බොහෝ කලක සිට ඔබ කල් දමමින් සිටි විනෝද චාරිකාවේ නිරත වීම වැනි ඉක්මන් අවශ්‍යතා සඳහා වන ඉලක්ක ඔබේ ඉතුරුම් සැලැස්ම හරහා සපුරාලිය හැකි ය.
ඔබ තෝරා ගන්නා කාල රාමුවක් තුළ ඔබේ ඉලක්ක සහ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුමක් සකස් කිරීමට ඔබට උපකාර කිරීම සඳහා NDB ඉතුරුම් සැලසුම නිර්මාණය කර ඇත. වසර 1-10 ක් අතර කාලයක් සඳහා රු. 250,000 සිට රු. මිලියන 10 ක් දක්වා පරාසයක ඉතුරුම් සැලසුම් NDB බැංකුව මගින් පිරිනමනු ලැබේ.
විද්‍යුත් ප්‍රකාශන සහ බැංකුවේ ජංගම බැංකුකරණ සේවාව වන NDB NEOS හරහා ඔබේ ඉතුරුම්වල ප්‍රගතිය නිරීක්ෂණය කරන අතරතුර, මේ සඳහා මාසිකව තැන්පත් කිරීම සඳහා දැරිය හැකි මුදලක් තීරණය කිරීමේ අවස්ථාව ඔබ සතු ය. මීට අමතරව, ලියකියවිලි ඉදිරිපත් කිරීමේ සරල ක්‍රියාවලියක් මීට ඇතුළත් වන අතර එහිදී ඔබේ ජීවන රටාව, රැකියාව සහ අනාගත ඉලක්ක සඳහා වඩාත් සුදුසු සැලැස්ම කුමක්ද යන්න හඳුනාගැනීමට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම දෙනු ලැබේ. තවද, වයස අවුරුදු 1-18 දක්වා වන ළමුන්ට NDB බැංකුව විසින් ඉතුරුම් සැලසුම් පිරිනමනු ලැබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවාගේ අධ්‍යාපනය සහ අනාගතය ඵලදායී ලෙස සැලසුම් කිරීමට සහ ඊට සහය වීමට හැකියාව උදා වේ.
තවද, ඔබගේ මූල්‍ය අවදානම අවම කරන ආදායම් මාර්ගයක් ලෙසද NDB ඉතුරුම් සැලසුම කටයුතු කරයි. ඔබ වෙහෙස මහන්සි වී උපයාගත් ඉතුරුම් කාලයත් සමඟ ක්‍රමයෙන් වර්ධනය වීම දැකීම ඔබගේ මූල්‍ය ස්වාධීනත්වය දිරිමත් කිරීමේ විශ්වාසය වර්ධනය කිරීමට ඉවහල් වේ.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම වාණිජ්‍ය බැංකුව ලෙස ලැයිස්තුගතව ඇත. NDB බැංකුව, 2023 ආසියානු බැංකුකරණ සහ මූල්‍ය සම්මාන උළෙලේ (Asian Banking and Finance Awards 2023) දී පාරිභෝගික බැංකුකරණයේ වසරේ හොඳම බැංකුව බවට පත් විය. එමෙන්ම, ඒෂියා මනී (Asiamoney) විසින් NDB බැංකුව 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලදී. තවද, ශ්‍රී ලාංකික ප්‍රකාශනයක් වන වාර්ෂික LMD ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වර්ෂයේ දී වැඩිම සම්මානයට පාත්‍ර වූ සමාගම ලෙස ජයග්‍රාහී දෙවැනි වසර NDB බැංකුව විසින් සනිටුහන් කරන ලදී. 2022 වසරේ දී ග්ලෝබල් ෆයිනෑන්ස් USA (Global Finance USA) සහ යූරෝමනී (Euromoney) විසින් පවත්වන ලද හොඳම බැංකුවලට අදාළ සම්මාන පිරිනැමීමේ වැඩසටහන් අනුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලදී. මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ Great Place Work ආයතනය ‘2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50’ අතරින් එකක් වශයෙන් ද NDB බැංකුව නම් කළේ ය. NDB බැංකුව ප්‍රාග්ධන වෙළඳපොළට අනුබද්ධ සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගමට අයත් වන වන අතර, එමඟින් අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් නිර්මාණය වී ඇත. ඩිජිටල් බැංකු සේවා හරහා බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සේවා සහ උපදේශන සේවා හරහා සමස්ත දිවයින සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව කැපවී සිටියි.
Video Story