NDB බැංකුව 2025 ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය කර්මාන්ත සම්මාන උළෙලේ කීර්තිමත් ජයග‍්‍රහණ 8 කින් පිදුම් ලබයි

    July, 28, 2025

    පසුගියදා පැවත්වුණු ශ‍්‍රී ලංකා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය කර්මාන්ත (SLIBFI) සම්මාන උළෙල 2025 හිදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු අංශයේ සිය නායකත්වය ඉතා සාඩම්බරයෙන් යුතුව තහවුරු කරන ලදී. මෙම සුවිශේෂී  ජයග‍්‍රහණ මඟින් NDB බැංකුවේ අඛණ්ඩ විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ සියළුදෙනා ඇතුලත් වන මූල්‍ය සේවා සඳහා කැපවීම වෙනුවෙන් ඔවුන්ගේ ගමන් මෙඟ් තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

    2025 වසරේ මෙම සම්මාන උළෙලේදී NDB බැංකුව ආයතනික සහ කේවල යන කාණ්ඩ දෙකෙන්ම ඇගැයීමට පාත‍්‍ර වූ අතර, වේගයෙන් විකාශනය වන ඉස්ලාමීය මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ බැංකුවේ සාමූහික සහ පෞද්ගලික ජයග‍්‍රහණ රැසක් සනිටුහන් කරන ලදී. මෙම ගෞරවයන්ට රන් සම්මාන හතරක් සහ ලෝකඩ සහ කුසලතා සම්මාන හතරක් ඇතුළත් වූ අතර, බැංකුව සහ එහි කණ්ඩායම විසින් පුළුල් පරාසයක ජයග‍්‍රහණ ප‍්‍රදර්ශණය කරන ලදී.

    ආයතන සහ විවිධ කාණ්ඩය යටතේ NDB බැංකුව වසරේ ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව සඳහා වන රන් සම්මානය දිනා ගන්නා ලදී. එම සම්මානය හිමි කරගැනීම බැංකුවේ උපායමාර්ගික විශේෂඥතාව තුළින් ඉස්ලාමික් බැංකුකරණ ගනුදෙනුකරුවන් හට වටිනාකමක් සහ ධනාත්මක බලපෑමක් ඇති කරන නව්‍ය, ෂරියා-අනුකූල මූල්‍ය විසඳුම් ව්‍යුහගත කිරීමේ හැකියාව පිළිබඳ සාක්ෂියකි. මෙම ජයග‍්‍රහණයට අමතරව, NDB බැංකුව වසරේ ඉස්ලාමීය මූල්‍ය කවුළුව/ඒකකය සඳහා ලෝකඩ සම්මානයක් සහ වසරේ ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනුව සඳහා කුසලතා සම්මානයක් ද ලබා ගත් අතර, එහි ඉස්ලාමීය බැංකු ඒකකය වන NDB ෂරීක් හි ස්ථාවර ශක්තිය සහ කඩිසර බව ඉස්මතු කළේය.

    බැංකුවේ සුවිශේෂී දක්ෂතා පිළිබිඹු කරමින්, NDB බැංකුව, පුද්ගල කාණ්ඩය යටතේ කැපී පෙනෙන ගෞරව ඇගයීම් මාලාවක් සමඟින් පිළිගැනීමට ලක් විය. NDB බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ප‍්‍රධානී බහාර් නයාන් මහතා, NDB බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ගමන් මඟ හැඩ ගැස්වීමේදී ඔහුගේ දූරදර්ශී නායකත්වය සහ පුරෝගාමී භූමිකාව සැමරීම සඳහා පරිවර්තනීය නායකත්වය සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. වසරේ නැගී එන පෞරුෂය සඳහා රන් සම්මානය (කාන්තා) මාරියම් මුබාරක් වෙත පිරිනමන ලද අතර, ඇයගේ සුවිශේෂී දායකත්වය බැංකුවේ සැමට පූර්වාදර්ශයක් වීය. බිම් මට්ටමේ මෙහෙයුම් වල විශිෂ්ටත්වය සහ සේවාදායකයින්ගේ සහභාගීත්වය වෙනුවෙන් NDB බැංකුවේ ශක්තිය පිළිබිඹු කරමින්, වසරේ ශාඛා විධායක වෙනුවෙන් ෂා සූඩින් මහතා රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී.

    මෙයට අමතරව, මෙම කාණ්ඩයේ ලෝකඩ සම්මාන දෙකක් ද බැංකුවට හිමිවිණි. වසරේ නැගී එන පෞරුෂය (පිරිමි) සඳහා අෂාඞ් අමීන් සහ ඉස්ලාමීය බැංකුකරු/වසරේ සේවකයා සඳහා අස්ලම් ෆිඩා දිනා ගනිමින් NDB ෂරීක් කණ්ඩායමේ සාමූහික විශේෂඥතාව සහ නොසැලෙන කැපවීම තව දුරටත් පිළිබිඹු කරයි.

    මෙම සම්මාන, සදාචාරාත්මක මූල්‍ය විසඳුම්, ශක්තිමත් පාලනය සහ සේවකයන් විසින් මෙහෙයවනු ලබන නවෝත්පාදනයන් තුළින් ශ‍්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු භාවිතයන් ඉහළ නංවාලීම සඳහා NDB බැංකුව දරණ අඛණ්ඩ උත්සාහයන්ගේ ප‍්‍රබල පිළිබිඹුවක් වේ. අද දින ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම පමණක් නොව, අනාගත පරම්පරාවන් සඳහා තිරසාර පදනමක් ගොඩනඟන ෂරියා-අනුකූල සේවාවන් සැපයීමට බැංකුව කැපවී සිටී.

    NDB බැංකුවේ ඉස්ලාමීය බැංකු අංශය ලෙස, ෂරීක් රට පුරා සිටින පුද්ගලයින් සහ ව්‍යවසායන් රැසකට ගැළපෙන අර්ථවත්, සියළුදෙනා ඇතුලත් බැංකු විසඳුම් ලබා දීම අඛණ්ඩව සිදුකරගෙන යයි. දශකයකට අධික පළපුරුද්දක් ඇති මෙම ඒකකය ක්ෂේත‍්‍රයේ වඩාත්ම ගෞරවණීය හා කඩිසර ඉස්ලාමීය මූල්‍ය සහකරු ලෙස සඳහන් කළ හැක.

    මෙම ගෞරවණීය ඇගයීම් පිළිබඳව NDB බැංකුව SLIBFI සම්මාන කමිටුවට අවංක කෘතඥතාව පළ කරන අතර මෙම සාර්ථකත්වයට දායක වූ සෑම කණ්ඩායම් සාමාජිකයෙකුටම සුබ ප‍්‍රාර්ථනා එක් කරයි. සදාචාරාත්මක මූල්‍යකරණය, පාරිභෝගිකයන් සවිබල ගැන්වීම සහ පරිවර්තනීය නායකත්වය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරමින්, ශ‍්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනට සහාය වීමේ මෙහෙවරෙහි NDB බැංකුව අඛණ්ඩව නිරතවී සිටියි.