March, 4, 2025
NDB බැංකුව 2024 Effie සම්මාන උළෙලේදී ඔවුන් එලි දැක්වූ AI, තාක්ෂණයෙන් නිර්මාණය කළ දින දර්ශනය සඳහා ‘Brand Experience’ කාණ්ඩය යටතේ කීර්තිමත් රිදී සම්මනයකින් පිදුම් ලැබූ බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ඇඟයීම ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් අත්දැකීමක් නිර්මාණය කිරීමටත්, දෛනිකව ගනුදෙනු කරුවන් බැංකුව සමඟ සම්බන්ධ කිරීම මෙහි අරමුණ වේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් උප සභාපති / අලෙවිකරණ ප්‍රධානී, දර්ශන ජයසිංහ මහතා ප්‍රකාශ කලේ “මෙම ජයග්‍රහණය, බැංකු ක්ෂේත්රය තුළ සීමා මායිම් ඉක්මවා යමින් සහ නව ප්රමිතීන් ස්ථාපිත කිරීම සඳහා අපගේ ඇති කැපවීම පිළිඹිබු කරයි. මෙම AI දින දර්ශනය අපගේ ගනුදෙනුකරුවන්ට නව්‍ය සහ වෙනස් වූ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් අප දරණ උත්සාහයන් නිරූපණය කරයි. මෙම නිර්මාණශීලිත්වය යතාර්ථයක් බවට පරිවර්ථනය කිරීම සඳහා කටයුතු කළ අපගේ කණ්ඩායම ඇතුලූ මේ සඳහා දායක වූ සියලූ දෙනාටම මාගේ ස්තූතිය පුද කර සිටිමි” ලෙසයි.
අලෙවිකරණ කාර්යක්ෂමතාව සංකේතවත් කරමින් ගෝලීය වශයෙන් පිළිගත් Effie සම්මාන උළෙල නවෝත්පාදන උපායමාර්ග තුළින් සුවිශේෂී ප්‍රතිඵල ලබා දෙන ව්‍යාපරයන් ඇඟයීමට ලක් කරයි. ‘Brand Experience’ කාණ්ඩය යටතේ NDB බැංකුව ලබාගත් මෙම සාර්ථකත්වය ඩිජිටල් පරිවර්තනයන් සමඟ මුසු වෙමින් ගනුදෙනුකරුවන් උදෙසා අර්ථවත් අත්දැකීම් සමූහයක් ගොඩනැගීම සඳහා අවධානය යොමු කිරීම අවධාරණය කරයි.
NDB බැංකුවේ මෙම AI දින දර්ශනයකට වඩා එහා ගිය, ඩිජිටල් බැංකුකරණ අවකාශයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා වූ සුවිශේෂී පියවරකි.
මූල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමියා ලෙස NDB බැංකුව අඛණ්ඩව සිය ගමන් මාර්ගය තුළ ස්ථාවරව ඉදිරියට ඇදෙන අතර මෙම සාර්ථකත්වය සීමා මායිම් ඉක්මවා යෑමට, ප්රමිතීන් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ බැංකුකරණයේ හැකියාව නැවත නිර්වචනය කිරීමට පෙළඹවීමට කටයුතු කරයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
Video Story