NDB බැංකුවේ නායකත්ව කණ්ඩායම සමාරම්භක 2024 Global CEO Awards හිදි සම්මානයට පාත්‍ර වෙයි

    January, 28, 2025

    NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායම පසුගිය දා කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවති 2024 Global CEO සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍රවීම පිළිබඳව ඉතා සතුටින් යුතුව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ ‘ඔස්කාර් සම්මාන උළෙල ලෙසින් හඳුන්වනු ලබන මෙම සම්මන උළෙලේ සමාරම්භක උත්සවයේදී, වර්තමාන ව්‍යාපාරික පරිසරයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව, විශිෂ්ටත්වය සහ දුරදර්ශී නායකත්වය වෙනුවෙන් කැපවී සිටින විවිධ ආයතන වල ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායම් වෙත ගෞරවය පල කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබිණි.

    NDB බැංකුවේ ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායමේ ප්‍රධානීන් හත් දෙනෙකු ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වීය. කැළුම් එදිරිසිංහ - අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී,  KV විනෝජ් -  නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී, මුදල් අංශයේ උප සභාපති හසිත අත්තපත්තු,  ෂෙහානි රණසිංහ - උප සභාපති සමාගම් ලේකම්,  සියන් හමීඞ් -  උප සභාපති ශාඛා ජාල කළමනාකරණය සහ නිෂ්පාදන සංවර්ධන, ඇලෙක්ස් පෙරේරා - උප සභාපති ප්‍රධාන අවදානම් නිලධාරී සහ සහකාර උප සභාපති, අලෙවි ප්‍රධානී දර්ශන ජයසිංහ යන මහත්ම මහත්මීන් මෙලෙස සම්මානයට පාත්‍ර වීය.

    2024 Global CEO සම්මාන රාත්‍රිය  විශිෂ්ට නායකත්වය සහ ජයග්‍රහණ සඳහා  ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනෙකු සහ ඔවුන්ගේ කණ්ඩායම්වලට ගෞරව දැක්වීම සඳහා සංවිධානය කළ ශ්‍රී ලංකාවේ එවැනි ආකාරයේ පළමු අවස්ථාව ලෙස ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. විවිධ කර්මාන්තවල කීර්තිමත් වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් විනිශ්චය ක්‍රියාවලිය අධීක්ෂණය කරන ලද අතර විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය නිසි පියවර අනුගමනය කරන ලදී.

    මෙම සුවිශේෂී අවස්ථාවට එක්වෙමින් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා සඳහන් කළේ, ‘‘මෙම පිළිගැනීම සමස්ත NDB බැංකු කණ්ඩායමේ සාමූහික කැපවීම සහ උපායමාර්ගික දුරදර්ශීභාවය පිළිබඳ සාක්ෂියක් වේ. එය අපගේ පාර්ශවකරුවන් වෙනුවෙන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනයට දායක වීම සඳහා විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් සඳහා අපගේ ඇති කැපවීම පිළිබිඹු කරයි.’’ යනුවෙනි.

    නවෝත්පාදන, පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණ සේවාවන් සහ තිරසාර වර්ධනය කෙරෙහි තියුණු අවධානයක් යොමු කරමින් විවිධ අභියෝගවලට අඛණ්ඩව අනුගත වන දුරදර්ශී නායකත්ව කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස NDB බැංකුවේ ස්ථාවරත්වය මෙම ඇගයීම් මඟින් අවධාරණය කෙරිනි. Global CEO සම්මාන උළෙලේදී NDB බැංකුවේ නායකත්වය සම්මානයට පාත්‍ර වීම බැංකුවේ උපායමාර්ගික දැක්ම සහ ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේත්‍රය කෙරෙහි එමඟින් ඇති කරන ධනාත්මක බලපෑම පිළිබඳ තහවුරු කරයි.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance Awards 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.