February, 27, 2026
NDB PLC (මෙතැන් සිට ‘බැංකුව’ ලෙස සඳහන් කරනු ලබන) 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මුල්‍ය වර්ෂයට අදාළ ප්‍රතිඵල කොළඹ කොටස් හුවමාරුව වෙත නිකුත් කරන ලදී.
බැංකුව විසින් ඉදිරිපත් කළ පූර්ණ වර්ෂ ප්‍රතිඵල අනුව, සියලු ව්‍යාපාරික ක්ෂේත්‍රයන් තුළ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරන අතර, සමාන පදනමක් මත ශුද්ධ බැංකු ආදායම (Net Banking Revenue) 45.2% කින් වැඩි වී ඇත.
අනෙකුත් බැංකු මෙන්ම, ISB ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් වීමෙන් පසුව, 2024 මුල්‍ය වර්ෂයේ බැංකුවේ මුල්‍ය කාර්යය සාධනයට ධනාත්මක බලපෑමක් ඇති විය. එම වසර සඳහා, පොලී ආදායම, ගාස්තු ආදායම සහ ශුද්ධ ණය හානිකරණ අලාභය පිළිවෙලින් රුපියල් බිලියන 1.4ක්, රුපියල් බිලියන 0.7ක් සහ රුපියල් බිලියන 9.4ක් ලෙස එක් වරක් පමණක් ඇති වූ බලපෑමක් (one-off impact) ලෙස වාර්තා විය.
බැංකුවේ සමස්ත ආදායමේ සම්භාවිතාව 75.0% කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන ශුද්ධ පොලී ආදායම (Net Interest Income - NII), සාමාන්‍යකරණය කළ පදනමක් මත 6.5% කින් වර්ධනය විය. වත්මන් අඩු පොලී අනුපාත පසුබිම හේතුවෙන්, පොලී උපයන වත්කම් මත පීඩනයක් පැවතියද, බැංකුවේ නියමිත සහ ක්‍රමානුකූල ආන්තර කළමනාකරණය හේතුවෙන් ශුද්ධ පොලී ආන්තරය (Net Interest Margin - NIM) වසර සඳහා 4.0% ලෙස ස්ථාවර කරගැනීමට හැකි විය.
සැසඳිය හැකි පදනමක් මත, එක්වරක් පමණක් සිදු වූ අයිතම ඉවත් කළ විට, NIM 4.2% ලෙස වාර්තා වී ඇති අතර, එය 2024 වසරේ 4.3% සහ 4.5% සමඟ සසඳන විට ස්ථාවර මට්ටමක් පෙන්වයි. වසර අවසානය වන විට, බැංකුවට විශේෂ ගිවිසුමක් යටතේ (netting-off පහසුකමක් සහිතව) ගනුදෙනුකරුවන් සමඟ පවත්වා තිබූ ණය සහ තැන්පතු මුළු වටිනාකම රු. බිලියන 29.3 ක් විය (2024 අවසානයේ: රු බිලියන 19.6).
▪ පොලී නොවන ආදායම් (Non-Fund Based Income)
වසර සඳහා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රු. බිලියන 8.1 දක්වා ළඟා වූ අතර, 2024 වසරේ රු. බිලියන 7.1 (අන්තර්ජාතික ස්වෛරීය බැඳුම්කර (ISB) ප්‍රතිසංවිධානයට අදාළ ගාස්තු ඉවත් කර) සමඟ සසඳන විට 14.3% ක වර්ධනයක් නිරූපණය කරයි.
මෙම වසරේ ප්‍රධාන වශයෙන් වර්ධනයට දායක වූ බැංකු සේවා ලෙස වාණිජ බැංකු සේවා (Trade Finance), ණය හා ණය පහසුකම්, ඩිජිටල් බැංකු සේවා, සහ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් අංශ හඳුනාගත හැක.
▪ ණය හා මෙහෙයුම් වියදම් (Credit and Operating Costs)
2025 වසර සඳහා ණය හානිකරණ අලාභයන් රු බිලියන 5.7 වූ අතර, 2024 වසරේ රු. බිලියන 13.2 සමඟ සසඳන විට 57.2% ක සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරයි. මෙය බැංකුවේ ශක්තිමත් ණය ඇගයීම් ක්‍රියාපටිපාටි සහ ණය එකතු කිරීම සහ ප්‍රතිසාධන කටයුතු පිළිබඳ අවධානය යොමු කළ ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයකි.
මෙම සාර්ථකත්වය වඩාත් පැහැදිලිව පෙන්වන්නේ 2025 අවසානයේ දෙවන අදියර සහ තෙවන අදියර ණය අනුපාත පිළිවෙලින් 7.9% සහ 10.8% දක්වා යහපත් වීමෙන්ය, 2024 වසර අවසානයේ එය 16.6% සහ 14.0% ලෙස වාර්තා වී තිබුණි.
තවද, තෙවන අදියර ණය වෙන්කිරීම් ආවරණ අනුපාතය 2024 වසරේ 54.5% සිට 59.1% දක්වා වැඩිවී ඇති අතර, බැංකුවේ වගකීම් සහිත ණය අවදානම් කළමනාකරණය මෙයින් තහවුරු වේ.
2025 වසර සඳහා මෙහෙයුම් වියදම් රු. බිලියන 19 ලෙස අවසන් වූ අතර, එය ගිය වසරට සාපේක්ෂව (YoY) 13.1% ක වැඩිවීමක් පෙන්නුම් කරයි. මෙම වැඩිවීම ප්‍රධාන වශයෙන් කාර්යය මණ්ඩලයට අදාළ සාමාන්‍ය වැටුප් වර්ධනයන් සහ වෙළඳපොළ සමානීකරණයන් , තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ ව්‍යාපාර සංවර්ධනය සඳහා වසර තුළ සිදු කළ වැඩි ආයෝජන හේතුවෙන් සිදු විය.
කොටස් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (Return on Average Equity – ROE) 2025 වසර සඳහා 13.5% ලෙස වාර්තා වී ඇති අතර, 2024 වසරේ එම පදනම මත 12.2% සහ අන්තර්ජාතික ස්වෛරීය බැඳුම්කර (ISB) ණය ප්‍රතිසංවිධානයෙන් ලැබූ එක්වරක් පමණක් වූ ආදායම ඉවත් කළ විට 7.7% සමඟ සසඳන විට සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි.
2025 වසරේ දෙවන අර්ධය පමණක් සලකා බැලූ විට, කොටස් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 16.4% කට ආසන්න මට්ටමකට ළඟා වී ඇති අතර, වසරේ පළමු අර්ධය සමඟ සසඳන විට ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරයි.
එසේම, බැංකුවේ වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (Return on Average Assets – ROA, බදු පෙර) සම්පූර්ණ වසර සඳහා 2.5% ලෙස සහ 2025 දෙවන අර්ධය සඳහා 2.8% ලෙස වාර්තා විය. 2024 වසරේදී, ISB එක්වරක් පමණක් ලැබූ ලාභ ඇතුළත් හා ඉවත් කළ පදනම මත ROA පිළිවෙලින් 3.1% සහ 1.5% විය.
2025 සම්පූර්ණ වසර සඳහා කොටසකට ලැබූ ලාභය (Earnings per Share – EPS) රු. 25.90 ලෙස වාර්තා වී ඇති අතර, 2024 වසරේ එම පදනම මත රු. 21.25 හා ISB බලපෑම ඉවත් කළ විට රු. 13.30 සමඟ සසඳන විට එහි වර්ධනයක් පෙන්නුම් කරයි. සමූහ මට්ටමේ එම අනුපාතය 27.8% (2024: 23.1%) ලෙස වාර්තා වී ඇත. කොටසකට ශුද්ධ වත්කම් අගය (Net Asset Value per Share) රු. 201.51 ලෙස වාර්තා වී ඇති අතර (2024: රු. 186.91), 2025 වසර අවසානයේ කොටස් මිල රු. 141.25 සමඟ සසඳන විට 2024 අවසානයේ සිට 24.7% ක අගය වැඩිවීමක් පෙන්නුම් කරයි. සමූහ කොටසකට ශුද්ධ වත්කම් අගය රු. 215.45 ලෙස වාර්තා වී ඇත (2024: රු. 199.13).
2025 වසර අවසානය වන විට, බැංකුවේ මුළු තැන්පතු රු. බිලියන 707.2 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 අවසානයේ රු. 631.7 බිලියන සමඟ සසඳන විට 11.9% ක වර්ධනයක් නිරූපණය කරයි.
එමෙන්ම, ශුද්ධ ණය රු. බිලියන 593.6 දක්වා වර්ධනය වී ඇති අතර, පසුගිය වසරේ රු. බිලියන 460.7 සමඟ සසඳන විට 28.8 ක වර්ධනයක් වාර්තා කරයි.
තවද, එක්වරක් පමණක් සිදු වූ සහ විශේෂ ස්වභාවයේ ගනුදෙනු ඉවත් කළ විට, 2024 වසර අවසානයට සාපේක්ෂව සාමාන්‍යකරණය කළ ශුද්ධ වර්ධනය පිළිවෙලින් 26.7% සහ 10.4% ලෙස වාර්තා වේ.
බැංකුවේ ජංගම සහ ඉතිරි කිරීමේ තැන්පතු අනුපාතය CASA අනුපාතය (අඩු වියදම් තැන්පතු අනුපාතය) සාමාන්‍යකරණය කළ පදනමක් මත 2025 වසර අවසානයේ 23.9% ලෙස වාර්තා වී ඇති අතර, 2024 වසර අවසානයේ 22.5% සමඟ සසඳන විට වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය අඩු වියදම් මුල්‍ය සම්පාදනය වැඩිදියුණු කිරීම සඳහා බැංකුව ගෙන යන අඛණ්ඩ උත්සාහයන් සමඟ සමානුපාත වේ.
2025 වසර අවසානය වන විට, බැංකුවේ ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් තත්ත්වයක පවතින බව වාර්තා වේ. බැංකුවේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය (Liquidity Coverage Ratio – LCR) රුපියල් සහ සියලු මුදල් පදනම මත පිළිවෙලින් 257.3% සහ 208.5% ලෙස වාර්තා වී ඇත (2024 අවසානයේ: 358.1% සහ 308.3%).
එමෙන්ම, ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (Net Stable Funding Ratio – NSFR) 2025 වසර අවසානයේ 129.7% ලෙස වාර්තා වී ඇති අතර (2024 අවසානයේ: 152.4%), මෙම සියලු අනුපාත නියාමන අවම අවශ්‍යතාව වන 100.0% ඉක්මවා පවතින අතර බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍යය සමඟ සසඳන විට ද ශක්තිමත් මට්ටමක් නිරූපණය කරයි.
බැංකුවේ ප්‍රාග්ධන ස්ථාවරත්වය සම්බන්ධයෙන්, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (CET1) සහ සම්පූර්ණ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාව අනුපාතය (Total Capital Adequacy Ratio – CAR) පිළිවෙලින් 12.4% සහ 15.9% ලෙස වාර්තා වී ඇත.
මෙම අනුපාත නියාමන අවම මට්ටම්වලට වඩා සැලකිය යුතු අමතර ආරක්ෂිත සීමාවක් (buffer) නිරූපණය කරයි (2024: 13.7% සහ 19.1%).
2025 මුල්‍ය වසර සඳහා බැංකුවේ මුල්‍ය ප්‍රතිඵල පිළිබඳ අදහස් දක්වමින්, බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය:
“මෙම වසර තුළ බැංකුව ලබාගත් කාර්යසාධනය පිළිබඳ අපි මහත් සතුටට පත්වෙමු. මෙම සාර්ථකත්වය එක්වරක් පමණක් ලැබුණු ලාභයන්ගේ ප්‍රතිඵලයක් නොව, අපගේ මූලික බැංකු ව්‍යාපාරයන්හි ඉලක්කගත ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක ණය නඩත්තු කිරීම , සූපරික්ෂාකාරී අවදානම් කළමනාකරණය, ශක්තිමත් තැන්පතු පදනමක්, ස්ථාවර ශුද්ධ පොලී ආන්තර සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ගෙන යන උත්සාහයන්ගේ එකතුවකි. අඩු පොලී අනුපාත පසුබිම තුළින් පීඩනයක් පැවතියද, අපගේ මූලික බැංකු මෙහෙයුම් විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වී ඇති අතර, එය අපගේ ආදායම්වල ස්ථායීභාවය සහ ගුණාත්මකභාවය තහවුරු කරයි.
මෙම කාර්යයසාධනය, අපගේ ගනුදෙනුකරුවන් අප මත තබා ඇති විශ්වාසය සහ සෑම දිනකම විශිෂ්ටත්වය අරමුණු කරමින් කැපවෙන අපගේ සේවකයින්ගේ උද්යෝගය හා කැපවීම ද එකසේ පෙන්වයි. ඔවුන්ගේ කැපවීම අපගේ ව්‍යාපාර පදනම ශක්තිමත් කරමින්, පුද්ගලික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සහ ආයතනික බැංකු අංශ හරහා සම්බන්ධතා ශක්තිමත් කිරීමට දායක වී ඇත. වසර තුළ අපගේ විශේෂ ජයග්‍රාහණ අතරින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) ණය පොත 25% කට අධික වර්ධනයක් වාර්තා කිරීම සුවිශේෂී විය. මෙය ජාතික ආර්ථික වර්ධනයේ ප්‍රධාන යන්ත්‍රයක් වන SME අංශය ඉදිරියට ගෙන යාම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම පැහැදිලිව පෙන්නුම් කරයි. මෙම කාර්යයසාධනය අපගේ ශක්තිමත් පදනම, අපගේ ගමන් මඟ සහ ඉදිරි සැලසුම් සහ අභිලාෂයන් පිළිබඳ නිරූපණය කරයි.
මෙම වසර තුළ බැංකුව වාර්තා කළ කාර්යයසාධනය පිළිබඳ අපි අතිශය සතුටට පත්වෙමු. මෙම ප්‍රතිඵල එක්වරක් පමණක් සිදු වූ ලාභයන්ගෙන් පමණක් ලබාගත්තක් නොව, අපගේ මූලික බැංකු ව්‍යාපාරයන්හි නියමිත සහ ඉලක්කගත ක්‍රියාත්මක කිරීම, විනයගත සහ ගුණාත්මක ණය වර්ධනය, පරික්ෂාකාරී අවදානම් කළමනාකරණය, ශක්තිමත් සහ විශ්වාසදායක තැන්පතු පදනමක්, ස්ථාවර ශුද්ධ පොලී ආන්තර පවත්වා ගැනීම සහ සමස්ත මෙහෙයුම් කාර්යක්ෂමතාව අඛණ්ඩව වර්ධනය කිරීම සඳහා ගෙන යන ක්‍රමෝපායික ප්‍රයත්නවල සෘජු ප්‍රතිඵලයකි. අඩු පොලී අනුපාත පරිසරය තුළ උද්ගත වූ අභියෝග මධ්‍යයේ වුව ද, අපගේ මූලික බැංකු මෙහෙයුම් අතිශය ශක්තිමත් කාර්යසාධනයක් පෙන්වා ඇති අතර, එය අපගේ ආදායම්වල තිරසාරභාවය සහ ගුණාත්මක ව්‍යුහය නිරූපණය කරයි.
මෙම අවස්ථාවේදී, අඛණ්ඩ මඟපෙන්වීම සහ උපායමාර්ගික දූරදර්ශීභාවය ලබාදුන් සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට, නොසැලෙන නායකත්වය ලබාදුන් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමට, සහ සියලුම සේවකයින්ට මාගේ කෘතඥතාව පළ කර සිටිමි. ඔවුන්ගේ මහත් වෙහෙස හා කැපවීම නොවන්නේ නම්, මෙම සාර්ථකත්වය අත්කරගැනීම පහසු නොවනු ඇත. එසේම, නියාමකයින්, ගනුදෙනුකරුවන් සහ කොටස් හිමියන් ඇතුළු අපගේ සියලුම පාර්ශ්වකරුවන් අප මත තබා ඇති අඛණ්ඩ විශ්වාසය සඳහා ද මාගේ කෘතඥතාව පළ කරමි. ඔබගේ සහයෝගය සහ විශ්වාසය NDB වෙත නවෝත්පාදනය කිරීමට, වර්ධනය වීමට සහ රටට සහ සියලු පාර්ශ්වකරුවන්ට දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීමට ශක්තිය ලබා දෙයි. අප ගොඩනගාගත් ශක්තිමත් පදනම මත අනාගතය වෙත විශ්වාසයෙන් සහ ධනාත්මක අපේක්ෂාවන්ගන් යුතුව ඉදිරියට පියමැනීමට සූදානම්ව සිටිමු.”
Video Story