February, 10, 2025
NDB බැංකුව කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ (HCC, OBU) සාමාජිකයන් වෙනුවෙන් ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දීම සඳහා සම්බන්ධ වී ඇත. මෙම හවුල්කාරිත්වය සඳහා නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය 2025 ජනවාරි 16 වන දින NDB බැංකු නවම් මාවත පරිශ‍්‍රයේදී NDB බැංකුවේ සහ කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
HCC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පත, කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ සාමාජිකයින් සඳහාම සුවිශේෂීව සකස් කර ඇති අතර, ඔවුන්ට වඩාත්ම වැදගත් ප‍්‍රතිලාභ රැසක් ලබා දෙයි. මුල්‍ය පහසුවට අමතරව, පළමු වසරේ වාර්ෂික ගාස්තුව අය නොකිරීම, වාරික ගෙවීමේ සැලසුම් සහ හවුල්කාර වෙළඳ ආයතන රාශියකින් විශේෂ වට්ටම් සහ දීමනා ඇතුළු සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් මෙමඟින් හිමිකර දෙයි. NDB බැංකුව විසින් HCC, OBU සාමාජිකයන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද තරඟකාරී මූල්‍ය සේවාවන් වැනි සුවිශේෂී වරප‍්‍රසාද ද කාඞ්පත් හිමියන්ට හිමි වේ.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පෞද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික සේවා, සංජය පෙරේරා මහතා ප‍්‍රකාශ කලේ, ‘‘මෙම සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පත එළිදැක්වීමට කළුතර සිරිකුරුස විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපි ගෞරවයක් කොට සලකනවා. මෙම හවුල්කාරිත්වය එක් එක් පුද්ගලයන් සඳහා ගැලපෙන විශේෂතව වූ පුද්ගලාරෝපිත බැංකුකරණ විසඳුම් හඳුන්වා දීම සහ ඒ හරහා සමස්ථ සමාජය සවිමත් කිරීම වෙනුවෙන් අපගේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂියක්ද වෙනවා’’ ලෙසයි.
HCC හි ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති ලූෂන් ඇල්වරේස්, මෙම සහයෝගීතාව සඳහා කෘතඥතාව පළ කරමින් ප‍්‍රකාශ කලේ, ‘‘NDB බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපගේ සාමාජිකයින්ට සහ අප සියලූ දෙනාට මඟහසර කියාදුන් අපගේ පාසලට කෘතගුණ දැක්වීමේ වැදගත් පියවරක්. එය ශක්තිමත් සහ වඩාත් එකමුතු කණ්ඩායමක් ගොඩනැගීම සඳහා වන අපගේ ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක්’’ ලෙසයි.
වසර 125කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත කළුතර සිරිකුරුස විදුහල, කොළඹ, එක්සත් රාජධානිය සහ ඕස්ටේ‍්‍රලියාව පුරා විහිදී ඇති ශක්තිමත් ආදි ශිෂ්‍ය ජාලයක් ගොඩනගා ඇත. ආදි ශිෂ්‍ය සංගමය විසින් ආදි ශිෂ්‍යයන් ඒකරාශී කර පාසලේ උන්නතියට දායක වීම සඳහා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
HCC OBU සමඟ ඇති මෙම හවුල්කාරිත්වය නව්‍ය මූල්‍ය විසඳුම් ඉදිරිපත් කරමින් සමාජය සවිබල ගැන්වීමේ NDB බැංකුවේ මෙහෙවර තහවුරු කරයි. HCC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දීම කළුතර සිරිකුරුස විද්‍යාලයේ උරුමය සැමරීමක් පමණක් නොව එහි වත්මන් සහ ඉදිරි කාර්යයන් සඳහා සහය දැක්වීමේ සුවිශේෂි පියවරක් වේ.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
Video Story