March, 20, 2025
වයස අවුරුදු 13ත් 17ත් අතර නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් සඳහා සුවිශේෂයෙන්ම නිර්මාණය කරන ලද නවෝත්පාදන ඩිජිටල් බැංකුකරණ විසඳුමක් වන NDB Pixel, NDB බැංකුව විසින් සාඩම්බරයෙන් හඳුන්වාදෙන ලදී. මෙම මුලපිරීම මුදල් රහිත සමාජයක් බිහි කරමින්, ජාතියේ ඩිජිටල් පරිවර්තනීය අරමුණු සමඟ පෙළගැසෙමින් වඩාත් ආරක්ෂිත සහ පහසුදායී මුල්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය මෙවලම් මඟින් තරුණ පරපුර සන්නද්ධ කිරීම සඳහා සැළකිය යුතු පියවරක් ලෙස හැඳින්විය හැක.
වර්තමාන අධිවේගී ඩිජිටල් යුගයේ මූලික මුල්‍ය අධ්‍යාපනය තීරණාත්මක වේ NDB Pixel යෞවන යෞවනියන්ට විශ්වාසනීයව තම මුල්‍ය ගමන ආරම්භ කිරීමට ශක්තිමත් වේදිකාවක් සපයයි. NDB NEOS ඇප් එක මඟින් ගිණුම් හිමියන්ට ඔවුන්ගේ මුල්‍ය ගනුදෙනු සඳහා ඕනෑම වේලාවක ප්‍රවේශ වීමේ හැකියාව සහ මුල්‍ය වගකීම සහ ස්වාධීනත්වයද ප්‍රවර්ධනය කරයි. පුද්ගලීකරණය කළ ඩෙබිට් කාඞ්පතල භෞතික මුදල් පරිහරණය මත යැපීම අඩු කරමින් එදිනෙදා අවශ්‍යතා සඳහා වඩාත් ආරක්ෂිත සහ මුදල් රහිත ගනුදෙනු සඳහා පහසුකම් සපයයි.
යොවුන් දරුවන්ගේ මුල්‍ය පුරුදු හැඩගැස්වීම සඳහා දෙමාපියන්ගේ වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, NDB Pixel දෙමාපියන්ට පහසුවෙන් නීරීක්ෂණය කළහැකි විශේෂාංග එක් කර ඇත. දරුවන්ට මුල්‍ය අධ්‍යාපනය ලබාදීමට සහය වන ප්‍රවේශයක් ගොඩනගමින්, දෙමාපියන්ට හෝ භාරකරුවන්ට ගිණුම් ශේෂයන් නිරීක්ෂණය කිරීම, සිදු කරන ගනුදෙනු සඳහා කෙටි පණිවිඩ ලබා ගැනීම සහ සියලූම ගිණුම් ක්‍රියාකාරකම් අධීක්ෂණය කළ හැකි වීම වැනි පහසුකම් රැසක් NDB Pixel මඟින් ලබාගත හැක.
ඉතිරි කිරීමට අමතරව ගනුදෙනු කිරීමේ හැකියාවද පිරිනමමින් NDB Pixel ගිණුම දරුවන්ගේ සාම්ප්‍රදායික ඉතිරි කිරීමේ ගිණුම් වලට වඩා වඩාත් කැපී පෙනෙයි. ඩෙබිට් කාඞ්පතක් සහ NDB NEOS සමඟ ජංගම බැංකුකරණ සේවාවන්ද ඇතුළත්ව, ඒකාබද්ධ ඩිජිටල් බැංකුකරණ සේවාවන් සමඟින් මෙම ගිණුම ප්‍රායෝගික මුල්‍ය අධ්‍යපනය පිළිබඳ අවබෝධයක් ලබා දේ. මීට අමතරව වියදම් මනා පාලනයක් සහිතව සිදු කිරීම සඳහා කාඞ්පත් සහ ඔන්ලයින් ගෙවීම් රු.20,000.00 ක දෛනික ගනුදෙනු සීමාවක් නියම කර ඇති අතර එම සීමාව දෙමාපියන්ගේ අනුමැතිය මත වෙනස් කිරීමේ හැකියාවද පවතියි.
NDB Pixel යනු ඊළඟ පරම්පරාවට ඔවුන්ගේ මුල්‍ය කටයුතු වගකීමෙන් හා ආරක්ෂිතව කළමනාකරණය කිරීමට අවශ්‍ය මෙවලම් සහ දැනුමෙන් බලගැන්වීම NDB බැංකුවේ අපගේ කැපවීමයි. ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන්, ශ්‍රී ලංකාවේ මුදල් රහිත ආර්ථිකයක් කරා යන ගමනට අපි දායක වෙනවා, යනුවෙන් NDB බැංකුවේ නිෂ්පාදන ජීවන චක්‍ර කළමනාකරණය පිළිබඳ සහකාර උප සභාපති දමිත සිල්වා මහතා මෙම ගිණුම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
NDB Pixel හඳුන්වාදීමෙන්, යොවුන් වයසේ දරුවන් අතර මුල්‍ය කටයුතු වලට ඔවුන් දායක කරගැනීම සහ ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වන තම කැපවීම නැවත තහවුරු කිරීමට NDB බැංකුව බලාපොරොත්තු වේ. එයට අමතරව ගෙවීම් පද්ධති ඩිජිටල්කරණය කිරීමේ සහ ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිත, මුදල් රහිත සමාජයක් පෝෂණය කිරීමේ පුළුල් ජාතිීක න්‍යාය පත‍්‍රයට දායකවීමද මෙමඟින් අදහස් කෙරේ.
Video Story