April, 16, 2025
2025 පාසල් රග්බි වාරය සඳහා නිල බැංකු සහකරු ලෙස ත‍්‍රිත්ව විද්‍යාල රග්බි කණ්ඩායම සමඟ අඛණ්ඩව සිව්වන වසරටත් සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳව NDB බැංකුව සතුටින් නිවේදනය කර සිටී. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කරන ලද මෙම සහයෝගීතාවය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩාවේ විශිෂ්ටත්වය සහ තරුණ සංවර්ධනය සඳහා NDB බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීම අවධාරණය කරයි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා ප‍්‍රකාශ කලේ ‘‘රග්බි යනු හුදු ක‍්‍රීඩාවකට පමණක් සීමා නොවූ, විනය, නොපසුබට උත්සාහය සහ කණ්ඩායම් හැඟීම විදහා දක්වන කණ්ඩායම් ප‍්‍රයත්නයකි. 2025 පාසල් රග්බි වාරය සඳහා නිල බැංකු සහකරු ලෙස, මෙම තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තම සීමාවන් අභිබවමින් විශිෂ්ටත්වය හඹා යන විට ඔවුන් හට අවැසි පිටුබලය ලබා දීමට ලැබීම අපට ඉමහත් ගෞරවයක්. NDB බැංකුවේ අපි අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ තරුණයින්ට ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා නිබඳවම අපගේ සහය ලබා දෙන්නෙමු’’ ලෙසයි.
ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය කෙරෙහි අඛණ්ඩව සහය දක්වන ආයතනයක් වන NDB බැංකුව පාසල් රග්බි ක‍්‍රීඩාවේ ඇති දැඩි කැපවීම සහ අධිෂ්ඨානශීලීත්වය බැංකුවේ ඇති ඔරොත්තු දීමේ හැකියාව සහ ඔවුන්ගේ අඛණ්ඩ ප‍්‍රගතිය සමඟ සමපාත වන ගුණාංග ලෙස හඳුනාගෙන තිබේ. ත‍්‍රිත්ව විද්‍යාලය ඉදිරියේදී එළඹෙන රග්බි ක‍්‍රීඩා වාරය සඳහා සූදානම් වන විට, තරුණ ක‍්‍රීඩකයින්ට ඔවුන්ගේ ක‍්‍රීඩාශීලීත්වයේ ඉහළම දක්ශතා දැක්වීම සඳහා සහ තරඟාවලිය ජයග‍්‍රහණය කිරීමට දිරිගන්වමින් ඔවුන් සමඟ රැඳී සිටීමට NDB බැංකුව සූදානම්ව සිටියි.
එළඹෙන බ‍්‍රැඞ්බි පලිහ තරඟාවලිය නිසැකවම මෙවර පාසල් ක‍්‍රීඩා කාලසීමාව තුළ කැපී පෙනෙන තරඟාවලියක් වනු ඇති බවට සඳහන් කල හැක. පසුගිය වසරේ ජයග‍්‍රහණය තවදුරටත් ඔවුන් වෙතම තබා ගැනීම කෙරෙහි ත‍්‍රිත්ව විද්‍යාල කණ්ඩායම බලාපොරොත්තුවෙන් පසුවෙයි. පාසල් රග්බි ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇති අතර ක‍්‍රීඩාව සෑමවිටම තරඟකාරිත්වය සහ මිත‍්‍රත්වය යන වටිනාකම් මත ගොඩනැගී ඇත. NDB බැංකුව මෙවැනි අද්විතීය පාසල් රග්බි තරඟාවලියක් සමඟ සම්බන්ධ වීමට ලැබීම ඔවුන්ටද ඉමහත් ගෞරවයකි.
ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන් සවිබල ගන්වමින් ක‍්‍රීඩාවේ ජීව ගුණය තවදුරටත් විශිෂ්ටත්වය කරා ඔසවා තැබීමට NDB බැංකුව කැපවී සිටී. මෙවර පාසල් රග්බි වාරය ආරම්භ වීමත් සමඟම, ක්ෂේත‍්‍රයේ දක්ෂතා, කැපවීම සහ අධිෂ්ඨානය සපිරි ක‍්‍රීඩාශීලී තරඟ වාරයක උණුසුම විඳ ගැනීමට NDB බැංකුවද සූදානමින් සිටියි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
Video Story