NDB බැංකුව නැවත වරක් නත්තල් සීයා ඔබේ නිවසටම රැගෙන එයි

    October, 24, 2025

    සැමගේ ආදරය දිනාගත් වැඩසටහනක් වන නත්තලේ අසිරිය තම ලාබාලතම ගනුදෙනුකරුවන්ගේ නිවෙස්වලට ගෙන එන NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම් මඟින් ක‍්‍රියාත්මක කරන සැන්ටා ප‍්‍රවර්ධන වැඩසටහන 2025 වසරේදීත් අඛණ්ඩව සංවිධානය කිරීම පිළිබඳව ඉතා සතුටින් නිවේදනය කර සිටියි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හරහා 2025 ඔක්තෝබර් 1 වන දින සිට දෙසැම්බර් 15 වන දින දක්වා දිවයින පුරා සිටින දරුවන්ට සැබවින්ම අමතක නොවන අයුරින් නත්තලේ ප‍්‍රීතිය විඳ ගැනීමට අවස්ථාව හිමිකර දෙයි.

    මෙම වසරේදි සැන්ටා ප‍්‍රවර්ධන වඩසටහන අවුරුදු 15 සිට සහ ඊට අඩු ශිල්ප ගිණුම් හිමියන් සඳහා විවෘත වේ. මේ සඳහා සුදුසුකම් ලැබීමට, දෙමාපියන් ප‍්‍රවර්ධන කාලය ඇතුළත තම දරුවාගේ ශිල්ප ගිණුම වෙත රුපියල් 50,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් තැන්පත් කළ යුතුය. ඒ වෙනුවෙන්, 2025 දෙසැම්බර් 1 වන දින සිට දරුවාට ඔවුන් කැමති විශේෂ ත්‍යාගයක් තෝරාගෙන නිවසටම පැමිණෙන නත්තල් සීයාගේ අතින්ම එම ත්‍යාගය ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

    NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම දීර්ඝ කාලයක සිට ළමා ඉතිරි කරන්නන්ගේ මූල්‍යමය අනාගතය සුරක්ෂිත කිරීම සහ ඒ සඳහා සහාය වීම සඳහාම නිර්මාණය කර ඇත. ආකර්ශණීය පොලී අනුපාත, අනර්ඝ ත්‍යාග, නොමිලේ රෝහල්ගත වීමේ ආවරණයක් සහ ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභ සමඟින්, මෙම ගිණුම දරුවන්ට ඉතිරි කිරීමේ පුරුද්ද හුරු කරන අතරම එමඟින් ප‍්‍රතිලාභ භුක්ති විඳීමේ හැකියාව සහතික කරයි. තවද, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගවලින් විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගන්නා සිසුන් සඳහා ප‍්‍රසාද දීමනා පිරිනමමින් අධ්‍යාපන විශිෂ්ටත්වය සඳහා මෙම ගිණුම මඟින් සිසුන් දිරිමත් කරයි.

    NDB ශිල්ප ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන්, දෙමාපියන් තම දරුවන්ට මෙම අපූරු නත්තල් සීයා අත්දැකීම ලබා දීම පමණක් නොව, තම දරුවාගේ අනාගත මූල්‍ය ස්වාධීනත්වය සඳහා ශක්තිමත් පදනමක් ද සපයයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන උත්සව සමයේ ප‍්‍රීතිය සහ විනයගරුක ඉතුරුම් වල දිගුකාලීන වටිනාකම ඒකාබද්ධ කරමින්, ඊළඟ පරම්පරාව පෝෂණය කිරීම සඳහා NDB බැංකුවේ නොසැලෙන කැපවීම තහවුරු කරයි.

    ශ‍්‍රී ලංකාව පුරා සිටින පවුල් වලට මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ සම්බන්ධ වී තම දරුවන් තුළ ඉතිරිකිරීමේ ප‍්‍රීතිය ඇති කරමින් ආදරණීය නත්තල් මතකයන් නිර්මාණය කිරීමට ආරාධනා කර සිටියි.

    NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම සහ 2025 සැන්ටා ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා, 0117448888 අංකය අමතීමෙන් හෝ https://www.ndbbank.com/personal-banking/accounts/childrens-savings-account/shilpa-childrens-savings-account යන වෙබ් පිටුව වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

    NDB බැංකුව සමඟ මෙම උත්සව සමය සැබවින්ම සුවිශේෂ කර, ඔබේ දරුවාට මූල්‍ය සුරක්ෂිතතාවය සහිත අනාගතයක් තෑගි කරමින් නත්තල් සීයාට නත්තලේ ප‍්‍රීතිය තම නිවසට ගෙන ඒමට ඉඩ ලබා දෙන්න.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.