NDB බැංකුව යූ ටියුබ් ග‍්‍රාහකයින් 100,000 ඉක්ම වූ පළමු බැංකුව ලෙස මුල්‍ය ක්ෂේත‍්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරයි

    October, 4, 2024

    NDB බැංකුව සිය යූ ටියුබ් නාලිකාවේ ග‍්‍රාහකයින් 100,000 ඉක්ම වූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් නව්‍යකරණය සඳහා බැංකුවේ ඇති කැපවීම සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමේ ප‍්‍රමුඛ ප‍්‍රවේශයක් ලෙස ඩිජිටල් නාලිකා භාවිතා කිරීම අවධාරණය කරමින් පෙරළිකාර ඩිජිටල්කරණ සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.

    සිය පේ‍්‍රක්ෂකයින් සමඟ සම්බන්ධ වීමට සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ ප‍්‍රමුඛයා ලෙස, NDB බැංකුවේ  යූ ටියුබ් නාලිකාව, බැංකුවේ පුළුල් පරාසයක විහිදුනු බැංකුකරණ සේවාවන් පිළිබඳ වටිනා මූල්‍ය අධ්‍යාපනයක්, අවබෝධයක් ලබාදෙන සහ යාවත්කාලීන තොරතුරු සපයන සහ ආකර්ෂණීය අන්තර්ගතයන් අඩංගු වැඩසටහන් සහිත කේන්ද්‍රස්ථානයක්  බවට පත්ව ඇත.  ග‍්‍රාහකයින්ගෙන් 96% කට වඩා වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයින් වන අතර වයස අවුරුදු 25-34 වයස් ඛාණ්ඩයේ බහුතර පේ‍්‍රක්ෂක පිරිසක් සිටින අතර එයින් පසුව අවුරුදු 35-44 පසුවන පේ‍්‍රක්ෂකයින්ගෙන් සමන්විත වෙයි. විවිධ වීඩියෝ අන්තර්ගතයන් හරහා, NDB බැංකුව විසින් තීරණාත්මක මූල්‍ය මාතෘකා පිළිබඳ දැනුමෙන් සිය නරඹන්නන් සවිබල ගන්වන අතර, එම දැනුවත්වීම හරහා විශ්වාසනීය තීරණ ගැනීමට ඔවුන්ට උපකාර කරයි.

    මෙම සන්ධිස්ථානය දිනෙන් දින පරිණාමය වන ඩිජිටල් අවකාශයේ පෙරමුණෙන් සිටීම සඳහා NDB බැංකුවේ පුළුල් උපාය මාර්ගයේ එක් අංගයක් වේ. යූ ටියුබ් නාලිකාවකින් ඔබ්බට යමින් NDB බැංකුව ෆෙස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම්, ටික්ටොක් සහ ලින්ක්ඩින් යන සමාජ ජාල වලද ක‍්‍රියාකාරීව සිටින අතර එම නාලිකා හරහා සිය ගනුදෙනුකරුවන්ට කාලානුරූපී තොරතුරු සහ අන්තර් ක‍්‍රියකාරී අත්දැකීම් ලබා දීමද සිදු කරයි.

    NDB බැංකුව නිරන්තරයෙන් ඩිජිටල් බැංකුකරණයේ කැපී පෙනෙන ස්ථානයක රැඳී සිටීමට උත්සාහ දරයි. NDB බැංකුවේ යූ ටියුබ් නාලිකාවේ ග‍්‍රාහකයින් 100,000 ඉක්ම වීම අපගේ තාක්ෂණික දැනුම ඇති පාරිභෝගිකයන්ගේ අසමසම අවශ්‍යතාවන් සපුරාලීම සහ අපගේ පේ‍්‍රක්ෂකයින් සඳහා අර්ථවත් අන්තර්ගයන් ලබාදීම සඳහා අප දරන උත්සාහය මැනවින් පිළිබිඹු වන බව NDB බැංකුවෙහි අලෙවිකරණ ප‍්‍රධානී දර්ශන ජයසිංහ මහතා පැවසීය. මෙම ජයග‍්‍රහණය නවෝත්පාදනය සඳහා අපගේ ඇති කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතර අපගේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව වටිනාකමක් එකතු කිරීම සඳහා අපගේ ඩිජිටල් අවකාශය පුළුල් කිරීමට අප බලාපොරොත්තු වන බව ඒ මහතා තව දුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

    ඩිජිටල් ක‍්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වන විට කිසිදු බාධාවකින් තොරව පරිශීලක හිතකාමී සහ නවෝත්පාදන මූල්‍ය අත්දැකීම් පිරිනැමීමේ ප‍්‍රමුඛයා වීමට NDB බැංකුව නිරතුරුව සූදානමින් සිටියී.

    මෙම ජයග‍්‍රහණයන් සමඟ NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස පමණක් නොව ඩිජිටල් යුගයේ ගනුදෙනුකරුවන්ගේ ක‍්‍රියාකාරකම් සඳහා නව ප‍්‍රමිතීන් සකසමින් ඩිජිටල් පරිවර්ථනයේ පුරෝගාමියෙකු ලෙසද සිය ස්ථාවරත්වය සනිටුහන් කරයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.