NDB බැංකුව වෙතින් බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වෙත සුවිශේෂී HFC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙයි

    September, 13, 2024

    බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙහි (HFC) ප‍්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් NDB බැංකුව සුවිශේෂී HFC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දීම සඳහා සහයෝගීතාවයකට එළඹින. 2024 සැප්තැම්බර් 3 දින බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම (HFC)  හරිත ශාලාවේදී එළිදක්වන ලද මෙම කාඞ්පත මගින් එහි ආදි ශිෂ්‍ය සංගමයේ (PPA) සාමාජිකාවන් හට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනමන ලද අතර එහිදී NDB බැංකුව සහ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය අධ්‍යාපන ආයතනයක් අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කෙරින.

    මෙම අවස්ථාවේදී , මූල්‍ය පහසුව සහ ප‍්‍රජා සහයෝගීතාවය පිළිබඳ නව පරිජේදයක ආරම්භය සංකේතවත් කරමින් HFC ආදි ශිෂ්‍ය සංගමයේ හි කීර්තිමත් සාමාජිකයින් පස් දෙනෙකුට ඔවුන්ගේ නව ඇෆිනිටි කාඞ්පත් සංකේතාත්මක අයුරින් පිළිගන්වන ලදී. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ නිල ලාංඡුනය සහිතව නිර්මාණය කරන ලද, මූල්‍ය ප‍්‍රතිලාභ රැස්කින් සමන්විත  මෙම ක්‍රෙඩිට් කාඞ් පත, පාසලේ අඛණ්ඩ වර්ධනයට සහ සාර්ථකත්වයට ඉවහල් වන අතර, එයින් ලැබෙන ආදායමෙන් කොටසක් පාසලේ විවිධ ව්‍යාපෘති සහ මුලපිරීම් සඳහා සෘජුවම යොදා ගනු ඇත.

    මෙම සහයෝගීතාවය හරහා NDB ඇෆිනිටි කාඞ්පත් හිමියන්ට පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් කිරීම, පාසල් ගාස්තු සඳහා වාරික වශයෙන් ගෙවීමේ සැලසුම් සහ හවුල්කාර වෙළෙද ආයතනයන් හරහා විශේෂ වට්ටම් ඇතුළු විවිධ සුවිශේෂී ප‍්‍රතිලාභ ලබා දෙයි. මෙම කාඞ්පත තුළින්  HFC ආදි ශිෂ්‍ය සාමාජිකාවන් වෙත මූල්‍ය පහසුව සලසන අතර එය ඔවුගේ ජීවිත මනා ලෙස හැඩ ගස්වා ගැනීමට මං පෑදු තම පාසල වෙත යුතුකම් ඉටු කිරීමට අවස්ථාවක් නිර්මාණය කරයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ NDB බැංකුවේ කාඞ්පත් අංශ ප‍්‍රධානී, සහකාර උප සභාපති, අශාන් වික‍්‍රමනායක මහතා,  ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍ය සංගමය හා මෙම හවුල්කාරිත්වය ඇතිකර ගැනීම සම්බන්ධයෙන් සහ  මෙම සුවිශේෂී ඇෆිනිටි කාඞ්පත හඳුන්වා දීමට ලැබීම ගැන සතුටු වන බව ප‍්‍රකාශ කර සිටී. තවද, එය හුදෙක් කාඞ්පතක් පමණක්ම නොව එමඟින් සාමාජිකයින් හට මූල්‍ය පහසුව අත්විඳිමින් තමන් අධ්‍යාපනය හැදෑරූ පාසල වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට තිබෙන අවස්ථාවක් ලෙසද ඔහු ප‍්‍රකාශ කර සිටියේය. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වැනි ආයතනවල අද්විතීය අවශ්‍යතා හඳුනාගනිමින් ඒ සඳහා ගැළපෙන බැංකු විසඳුම් අඛණ්ඩව පිරිනැමීමට බලාපොරොත්තුවන බව තවදුරටත් සඳහන් කළේය.

    සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍ය සංගමයේ හි සභාපති ශිහාරා විමලරත්න මහත්මිය අවධාරණය කර සිටියේ, ”මෙම හවුල්කාරීත්වය ආදි ශිෂ්‍ය සංගමය හා NDB අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කරන අතර හුදෙක් සාමාජිකයින් හට පමණක් නොව ඔවුන්ගේ අධ්‍යාපන ආයතනයේ අනාගතයට ඉවහල් වන බවයි”.

    මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමෙන් අර්ථවත් ප‍්‍රජා සබඳතා පෝෂණය කිරීමට සහ පුද්ගල අවශ්‍යතා වෙනුවෙන් සුවිශේෂී මූල්‍ය විසඳුම් ලබාදීමට NDB හි ඇති කැපවීම මින් පැහැදිලි වේ. තවද, පවුල තුළ ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය වඩාත් පහසු කරමින් පාසල් ගාස්තු ගෙවීම සඳහා තරඟකාරී වාරික ගෙවීමේ සැලසුම් ලබා දීම සහ හවුල්කාර වෙළඳ ආයතන හරහා සුවිශේෂී වට්ටම් හඳුන්වා දීම මඟින් මෙම කාඞ්පත් හිමියන්ට අමතර වටිනාකමක් ලබා දීමට ද බැංකුව මඟින් කටයුතු සිදු කරන ලදී.

    ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ විදුහල්පති අතිගරු චරිතා තණ්ඩල්ගේ කන්‍යාසොහොයුරිය ද NDB හා ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සිය ප‍්‍රසාදය පළ කළ අතර, මෙම කාඞ්පත හරහා තම පාසල විසින් විශිෂ්ට ක‍්‍රියාකාරීත්වයක් හා ප‍්‍රජා සංවර්ධනයක් කරා යන ගමනට සහාය වන ආකාරය අවධාරණය කළේය.

    NDB බැංකුව HFC වෙත ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දීම පිළිබඳව සතුටු වන අතර එමඟින් මූල්‍ය ප‍්‍රතිලාභයන්ට අමතරව ආදි ශිෂ්‍ය සාමාජිකාවන් හට ඔවුන් දැනුම හැදෑරූ පාසලේ උන්නතිය වෙනුවෙන් සහාය වීමට ඉඩ සලසයි. ලාංකීය ප‍්‍රජාවගේ අවශ්‍යතා සපුරාලමින් සහ දිගු කාලීන සබඳතාවයන් පෝෂණයට සහාය වන මූල්‍ය විසඳුම් පිරිනැමීමට NDB හි කැපවීම මේ සහයෝගීතාවය හරහා මැනවින් ඉස්මතු කරයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

     

     

    ඡායාරූප විස්තරය - NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය HFC PPA සාමාජිකයින් වෙත HFC ඇෆිනිටි කාඞ්පත සංකේතාත්මකව පිරිනැමීමේ අවස්ථාව