NDB බැංකුව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමයේ සම්මාන උළෙලේ නිල බැංකුකරු ලෙස සම්බන්ධ වෙයි

    February, 5, 2025

    NDB බැංකුව පසුගියදා පැවති ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමයේ (SLSRFR) සම්මාන උළෙල සහ සුහද හමුව සඳහා නිල බැංකු සහකරු ලෙස එම අවස්ථාවට සම්බන්ධ වීය. SLSRFR එහිදී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් තරඟ විනිසුරුවරුන් විසින් දක්වන අමිල දායකත්වය සහ ඔවුන්ගේ විශිෂ්ටත්වය සම්මානයට පාත්‍ර කිරීම සහ ඔවුන්ගේ එම ජයග්‍රහන සැමරීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුනි.

    අඛණ්ඩව වසර දෙකක් පුරාවට, NDB බැංකුව නිල බැංකු හවුල්කරු ලෙස SLSRFR සමඟ හවුල්කාරීත්වය දරයි. මෙම හවුල්කාරිත්වය රටේ තාරුණ්‍යය සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ප්‍රගතිය සඳහා බැංකුවේ ඇති දිගුකාලීන කැපවීම ඉස්මතු කරයි. SLSRFR වැනි සංවිධාන වලට සහාය දීමෙන්, NDB බැංකුව බිම් මට්ටමේ සිට ජාතික තලයේ විශිෂ්ටත්වය දක්වා ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අඛණ්ඩව දායක වී ඇත.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුව අනාගත පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෝෂණය කිරීමට සහ ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ගේ ඇති කැපවීම අවධාරණය කරන ලදී.  ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම, ජාතියේ ක්‍රීඩාවේ වර්ධනයට දායක වීමේ තිරසාර දැක්මත් සමඟ සමපාත වේ.

    ලංකා රග්බි පාපන්දු සංගමයේ (වර්ථමානයේ ශ්‍රී ලංකා රග්බි සංගමය) අනුමැතිය ඇතිව 1953 දී පිහිටුවන ලද SLSRFR  රට පුරා පැවැත්වෙන රග්බි තරඟවල අඛණ්ඩතාව සහතික කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. 1931 දී රත්නපුරයේ පැවති පළමු සත් සාමාජික රග්බි තරඟය දක්වා දිවෙන පොහොසත් ඉතිහාසයක් ඇති මෙම සංගමය වර්ථමානයේ ක්‍රීඩා සමාජ හා පාසල් රග්බි තරඟ අධීක්ෂණය කරන විනිසුරුවරුන් 103 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් ක්‍රීඩා තරඟ වල සධාරනත්වය සහ වෘත්තීයභාවය සහතික කරයි.

    NDB බැංකුව SLSRFR සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන ආඩම්බර වන අතර, ක්‍රීඩාවට එහි වැදගත් දායකත්වය හඳුනාගෙන ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ඉහළ නැංවීමට දරන උත්සාහයට සහාය වේ. මෙම හවුල්කාරිත්වය ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ ක්‍රීඩාවේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් අර්ථවත් වෙනසක් ඇති කිරීමට බැංකුවේ ඇති දිගු කාලීන කැපවීම පිළිබිඹු කරයි.