NDB බැංකුව සම්මාන 8ක් සමඟින් 2024 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ජයග‍්‍රහණ රැසක් වාර්ථා කරයි

    January, 3, 2025

    ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද ජාතික අලෙවි සම්මාන (NSA) 2024 උළෙලේදී NDB බැංකුව සුවිශේෂී ජයග‍්‍රහණ රැසකින් පිදුම් ලබයි. බැංකුවේ අලෙවි කණ්ඩායම මෙවර සම්මාන උළෙලේ දී  සම්මාන අටක් ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

    එදින සම්මාන රාත‍්‍රියේ විශේෂත්වය වූයේ කසුන් ජයවර්ධන සමස්ත ජාතික විකුණුම්  කළමනාකරු සඳහා වූ රන් සම්මානයට හිමිකම් කියමින් විකුණුම් සඳහා ඔහුගේ නායකත්වය සහ විශිෂ්ට දායකත්වය විදහා දැක්වීමයි. ඉදිරි-පෙළ බැංකු අංශය සඳහා නෙත්මි කුමාරිහාමි රන් සම්මානය දිනාගත් අතර කවීශා වීරසිංහ රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේ බැංකු කටයුතුවල ඉදිරියෙන්ම සිටින සුවිශේෂී සේවාවක් ඉටුකිරීමට ඔවුන් දැක්වූ කැපවීම පිළිබිඹු කරමිනි.

    NDB බැංකුවේ සාර්ථකත්වය තවදුරටත් ඉහළ නංවමින් ඉරේෂා ජයසිංහ විකුණුම් අධීක්ෂක බැංකු අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර S.වසන්තන් එම අංශයේ විශිෂ්ට කාර්ය සාධනය සහ කණ්ඩායම් නායකත්වය වෙනුවෙන් ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ප‍්‍රාදේශීය විකුණුම් කළමනාකාරිත්වයේ ප‍්‍රවීණත්වය සහ උපාය මාර්ගික ඥානය වෙනුවෙන් චමිල් බණ්ඩාර මහතා ප‍්‍රාදේශීය කළමනාකරු බැංකු අංශයෙන් රන් සම්මානය දිනා ගත්තේය.

    මෙයට අමතරව නිරෝෂන් ගමගේ විකුණුම් විධායක බැංකු අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ප‍්‍රවීන් සෙනෙවිරත්න ප‍්‍රාදේශීය විකුණුම් කළමනාකරු සඳහා වන ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබුවේ NDB බැංකුවේ විශිෂ්ට විකුණුම් කණ්ඩායමේ ශක්තිය, ස්ථාවරත්වය සහ හැකියාව තවදුරටත් ඉස්මතු කරමිනි.

    මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ විකුණුම් අංශයේ සහකාර උප සභාපති සමීර සෙනරත් මහතා, කණ්ඩායමේ අඛණ්ඩ සාර්ථකත්වය පිළිබඳව තම සතුට පල කරමින් ප‍්‍රකාශ කලේ , ‘‘මෙම සම්මාන වලින් පිළිබිඹු වන්නේ අපගේ සුවිශේෂී විකුණුම් කුසලතා වර්ධනය කිරීමට සහ හඳුනා ගැනීමට NDB බැංකුව දක්වන නොසැලෙන කැපවීමයි. අපගේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් පෙන්නුම් කරන ලද කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපගේ ගනුදෙනුකරුවන් අතර විශ්වාසය ඉහල නංවන අතර බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සාමාජිකයකු ලෙස අපව ඉදිරියට ගෙන යයි’’ යනුවෙනි.

    ජාතික විකුණුම් සම්මාන උළෙල (NSA),  එහි 22 වන වසරක ඉතිහාසය තුල, ඉහළ කාර්ය සාධනයක් ඇති විකුණුම් වෘත්තිකයන්ගේ ජයග‍්‍රහණ ඇගැයීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් ලෙස පිළිගනු ලබයි. SLIM ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ගෞරවනීය සම්මාන උළෙල විකුණුම් අංශයේ විශිෂ්ටත්වය සඳහා නව සීමා මායිම් සලකුණු කරන අතරම තම ආයතන තුළ සාර්ථකත්වයට පත් වෙමින් තම භූමිකාවන්හි විශිෂ්ටත්වය දැක්වූ විශිෂ්ට සාමාජිකයන් හට ගෞරවය පිරිනැමීම සිදු කරයි.

    NSA 2024 සම්මාන උළෙලේ දී NDB බැංකුව දැක්වූ සුවිශේෂී දක්ෂතා මඟින් කැපී පෙනෙන කාර්ය සාධන විශිෂ්ටත්වය, අඛණ්ඩ වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික කේන්ද‍්‍රීය ප‍්‍රවේශය සඳහා වූ කැපවීම පැහැදිලිව පිළිබිඹු කරයි. අනාගත වර්ධනය, නවෝත්පාදන සහ අසමසම සේවා සැපයීමක් සහතික කරමින්, සිය ශ‍්‍රම බලකාය සවිබල ගැන්වීම සහ කර්මාන්ත ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා බැංකුව සිය මෙහෙවරෙහි නොසැලී සිටියි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින්ද එය සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.