NDB බැංකුව ළඟ එන උත්සව සමය වෙනුවෙන් “Remittance Festival Rewards” ප්‍රචාරක වැඩසටහන ආරම්භ කරයි

    March, 25, 2025

    එළඹෙන උත්සව සමය තුළ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මඟින්, NDB බැංකු ශාඛා හරහා සිය Western Union මුදල් ගනුදෙනු කිරීම් සිදුකරන සියලූම ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා ත්‍යාග දිනා ගැනීමේ මහඟු අවස්ථාවද හිමිකර ගත හැක.

    2025 අපේ‍ල් මස 13 වන දින දක්වා ක්‍රියාත්මක මෙම ප්‍රචාරක වැඩසටහන සිය මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරාගන්නා ගනුදෙනුකරුවන්ට ත්‍යාග ලබා ගැනීමට විවිධ අවස්ථාවන් උදා කරලමින් සෑම සතියකටම වාසනාවන්ත ජයග්‍රාහකයින් තුන් දෙනෙකු තෝරාපත් කරගනු ලැබේ. මේ එළඹෙන්නේ බෙදා හදා ගැනීම සහ සතුට සෞභාග්‍ය සමරන උත්සව සමයයි. මේ කාලසීමාව තුල විදේශයන්හී වෙහෙස මහන්සි වී සේවා සපයමින් උපයන විදේශ විනිමය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී NDB බැංකුව හරහා එම මුදල් ලබා ගන්නා ගනුදෙනු කරුවන් සඳහා මෙම ත්‍යාග දිනා ගැනීමේ හැකියාව ඇත.

    NDB බැංකුව, Western Union සමඟ එක්ව සිය බැංකු ශාඛා ජාලය සහ ඩිජිටල් බැංකුකරණ විසඳුම් හරහා මුදල් ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් පහසු හා ආරක්ෂාකාරී මුදල් ගනුදෙනු ක්‍රියාවලියක් සහතික කරයි. මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරාගැනීමෙන් ගනුදෙනුකරුවන්ට වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබා ගැනීම පමණක් නොව ශ්‍රී ලංකාවේ නිල මුල්‍ය ක්‍රමවේදයන් ශක්තිමත් කිරීමට ද දායක වේ.

    මෙම ප්‍රචාරණ වැඩසටහනේ වැදගත්කම අවධාරණය කරමින්, NDB බැංකුවේ පෞද්ගලික බැංකුකරණ අංශයේ උප සභාපති සියාන් හමීඞ් මහතා ප්‍රකාශ කර සිටියේ, “ඉදිරියට පැමිණෙන උත්සව සමය පරිත්‍යාග කිරීමේ කාලයක් වන අතර “Remittance Festival Rewards” තුළින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ගනුදෙනු සඳහා අප පිළිබඳ තැබූ විශ්වාසය අගය කිරීම සහ ඒ වෙනුවෙන් ප්‍රතිලාභ පිරිනැමීම අපගේ අරමුණයි. මුල්‍ය විසඳුම් පමණක් නොව උත්සව සමය වඩාත් සතුටුදායක අයුරින් සැමරීමට අර්ථවත් ත්‍යාග පිරිනැමීම පිළිබඳ අපි ආඩම්බර වෙමු”  යනුවෙනි.

    NDB බැංකුව විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හා සම්බන්ධ වන ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ පිරිනැමීම සඳහා කැප වී සිටියි. සිංහල අලූත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය සැමරීම සඳහා සියළු ශ්‍රී ලාංකිකයන් එකට එක් වන මෙම අවස්ථාවේදී වඩාත් සුරක්ෂිත සහ ප්‍රතිලාභදායී මුල්‍ය විසඳුම් පහසුකම් සපයමින් ප්‍රජාවන් සවිබල ගැන්වීමේ වැදගත් කාර්යභාරය NDB බැංකුව අඛණ්ඩව සිදුකරයි.

    NDB බැංකුවේ මුදල් හුවමාරු සේවාවන් සහ “Remittance Festival Rewards” ප්‍රචාරක වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ළඟම NDB බැංකු ශාඛාවට පිවිසීමෙන් හෝ NDB බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැක.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.