NDB බැංකුව 118% ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 4ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

    May, 26, 2025

    • 168%කින් ඉහල ගිය රුපියල් බිලියන 9ක බදු වලට පසු ලාභයක්
    • ඉපැයුම් ප්‍රතිලාභය (ROE) - 03%
    • සමස්ත වත්කම් වර්ධනය රුපියල් බිලියන 4 කට 7% න් ඉහළට
    • සියලූ ව්‍යාපාර ක්ෂේත්‍ර වලින් ඇති වූ 5% ක ව්‍යාපාර ණය පොත රුපියල් බිලියන 2 දක්වා යහපත් වර්ධනයක්
    • 82%කින් ඉහල ගිය ජංගම ගිණුම් / ඉතුරුම් ගිණුම් අනුපාතය 91bps කි.

    NDB බැංකුව 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මාස තුන සඳහා (2025 පළමු කාර්තුව) මුල්‍ය කාර්ය සාධන වාර්තාව පසුගිය දා කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිකුත් කළ අතර, එය ආර්ථික ක්‍රියාකාරකම්වල නැවත පිබිදීම සහ පෞද්ගලික අංශයේ ණය ඉල්ලූම ඉහළ යාමත් සමඟ ශක්තිමත් වර්ධනයක් පිළිබිඹු කර තිබුණි.

    2025 වසරේ පළමු කාර්තුවේ කාර්යසධනය පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිළධාරී කැලූම් එදිරිසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ  “2024 වසර NDB බැංකු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ලාභය සනිටුහන් කරමින් අප වසරේ ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තෙමු. අපගේ ප්‍රමුඛතාවන්ට අනුකූලව 2025 වසර සහ ඉන් ඉදිරියට අපගේ අභිලාෂය උපායමාර්ගික වර්ධනය වේගවත් කිරීම සහ අපගේ සුවිශේෂී හැකියාවන් විවර කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී සැලසුම් දැනටමත් සකස් කර ඇත. කොටස් හිමියන්ගේ වටිනාකම ඉහළ නැංවීම, තිරසාර ප්‍රතිලාභ ලබාදීම, අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවන් ලබා දෙමින් රටේ ආර්ථික වර්ධනයට ධනාත්මක  බලපෑමක් ඇති කරවන ආකාරයේ දායකත්වයක් ලබාදීම අපගේ අරමුණයි” ලෙසටය.

    “සංවර්ධනය වන ආර්ථික පරිසරයක් තුළ අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මුල්‍ය දියුණුව අත්පත් කර ගැනීමේදී නව ණය පහසුකම් සඳහා ඉල්ලූමක් අපි දකින්නෙමු. අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, බුද්ධිමත් සහ වඩාත් ඉක්මන් බැංකුකරණ විසඳුම්, විශේෂඥ නිෂ්පාදන උපදේශන සේවා, ඩිජිටල් පහසුකම් සහ සුවිශේෂී පාරිභෝගික සේවාවන් ලබා දෙමින් සත්‍ය වශයෙන් ප්‍රතිලාභදායි බැංකුකරණ අත්දැකීමක් ලබා දීම සඳහා NDB බැංකුව මනාව සැදී පැහැදී සිටියී” යනුවෙන් එම මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

    ආදායම සහ ලාභය පිළිබඳ විශ්ලේෂණය

    බැංකුවේ සමස්ත මෙහෙයුම් අදායම, 2025 මාර්තු 31න් අවසන් වන මාස තුන සඳහා (සමාලෝචනයට භාජනය වන කාල පරිච්ඡේදය ) 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව (වසරින් වසර) 5% න් වර්ධනය වී රුපියල් බිලියන 10.6 ක් විය. සමස්ත මෙහෙයුම් අදායම සඳහා බහුතර දායකත්වය සැපයූ ශුද්ධ පොලී ආදායම (N), රුපියල් බිලියන 8.0 ක් වූ අතර එය වාර්ෂිකව 1%ක් සුළු පහත වැටීමකි. මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පෙර වසරේ සමාලෝචනයට භාජනය වූ කාල පරිච්ඡේදය තුළ පැවති අඩු පොලී අනුපාතයන් වන අතර එය මාසික AWPR පදනම මත 270bps අඩු විය. තැන්පතු පොලී අනුපාත නිසි කලට සකස් කිරීම, ප්‍රතිලාභ වැඩි කර ගැනීම සඳහා වඩා හොඳ ආයෝජන තේරීම් කෙරෙහි අවධානය යොමු කිරීම සහ අරමුදල් කළමනාකරණය කරන ආකාරය වැඩිදියුණු කිරීම මගින් බැංකුවට පොලී ආදායම පවත්වා ගැනීමට සහ එමඟින් ශුද්ධ පොලී ආන්තිකය (NIM) මත පීඩනය අඩු කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2025 පළමු කාර්තුව සඳහා ශුද්ධ පොලී ආන්තිකය (NIM) 3.92% විය. මෙම කාලපරිච්ඡේදය සඳහා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 1.8 වූ අතර නැවතත් එය වාර්ෂිකව 2% ක සුළු පහත වැටීමකි. ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් ගාස්තු ආදායම මන්දගාමී තත්වයක පැවතුනද, විද්‍යුත් ගනුදෙනු සහ මෙහෙයුම් සේවා ඇතුළු විකල්ප මාර්ග වලින් ලැබෙන අදායම ධනාත්මක ලෙස වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කලේය. අනෙකුත් සියලූම කාණ්ඩ වල අදායම රුපියල් මිලියන 842.4 ක් උපයාගත් අතර මෙහෙයුම් ආදායම් ශක්තිමත් කරමින් එය සංසන්දනාත්මක කාල පරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කලේය.

    හානිපූරණය සම්බන්ධයෙන් ගත් කල, බැංකුව රුපියල් බිලියන 2.6 ක මුළු හානිපූරණ ගාස්තුවක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ අදාළ කාලයට වඩා 40% ක සැලකිය යුතු අඩු වීමකි. මෙයට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී වෙන් කරන ලද ආරම්භක අලාභයෙන් කොටසක් ආපසු හැරවීමෙන් 2025 පළමු කාර්තුවේදී බැංකුව රුපියල් මිලියන 457.5 ක ලාභයක් වාර්තා කළේය. 2025 පළමු කාර්තුව සඳහා ණය සහ අත්තිකාරම් සඳහා වන හානිපූරණ ගාස්තුව වසරින් වසර 22% ක අඩුවීමක් දක්නට ලැබුණි. පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව ණය වර්ගීකරණය වැඩිදියුණු වී තිබීම දිරිගන්වන සුළු වන අතර, වත්කම් වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා බැංකුව දරන උත්සාහයේ ධනාත්මක බලපෑම පෙන්නුම් කරයි. ණය හානිපූරණ (අදියර 3) මුළු ණයවලට අනුපාතය 5.53% ක් වූ අතර එය 2024 දී 5.18% සිට ඉහළ ගොස් ඇති අතර, මෙම හානිපූරණ ණය සඳහා ප්‍රතිපාදන ආවරණය 53.26% ක් වූ අතර එය 2024 දී 54.48% සිට සුළු වශයෙන් අඩු වී ඇත.

    2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 4.4 ක ශුද්ධ මෙහෙයුම් වියදම් වාර්ථා වූ අතර එය 13% ක වාර්ෂික වැඩිවීමකි. මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ශාඛා පරිශ්‍ර සහ ආයතනික වියදම් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යාමයි. ශක්තිමත් පිරිවැය විනය සහ ඵලදායී පිරිවැය කළමනාකරණය මඟින් පිරිවැය අපේක්ෂිත මට්ටම් තුළ තබා ගැනීමට හැකි වී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 4.0 ක් වූ අතර එය වසරින් වසර 118% ක වැඩිවීමකි. මුල්‍ය සේවා සහ ආදායම් මත බදු රුපියල් බිලියන 2.1 ක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බදු වලට පසු ලාභය රුපියල් බිලියන 1.9 ක් වූ අතර එය වසරින් වසර 168% ක වර්ධනයකි.

    ශේෂපත්‍ර කාර්යසාධනය ද්‍රවශීලිතාව සහ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය

    ශේෂපත්‍රය 2025 වසරේ පළමු කාර්තුව (Q1) තුළ ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ අතර, එය 2024 අවසානයේ (වසරේ සිට මේ දක්වා /YTS) සිට 7% කින් වර්ධනය වී රුපියල් බිලියන 852.4 දක්වා ඉහළ ගියේය. බැංකුව විසින් කාර්තුවෙන් කාර්තුවට අඛණ්ඩව වාර්ථා වූ 2% සීමාව ඉක්මවා ගිය ඉහළම වර්ධනය මෙම කාර්තුවේදී වාර්ථා කරන ලදී. සියලූ ව්‍යාපාර අංශවල පෙන්වූ පුළුල් වර්ධනය හේතුවෙන්, මේ දක්වා කාලය තුළ දළ ණය 5% කින් හෙවත් රුපියල් බිලියන 25.4 කින් ඉහළ ගිය අතර එය මුළු ප්‍රමාණය රුපියල් බිලියන 535.2 ක් විය. මෙම වර්ධනය තුළ දේශීය මුදල් ණය පොත රුපියල් බිලියන 16.9 කින් වර්ධනය වී ඇත.

    වසරේ සිට මේ දැක්වා සමස්ත තැන්පතු 2% කින් හෝ රුපියල් බිලියන 10.6 කින් වර්ධනය වී රුපියල් බිලියන 642.3ක් දක්වා වර්ධනය වී ඇති අතර, සමාලෝචනයට භාජනය වූ මාස තුන තුළ ප්‍රධාන වශයෙන් දේශීය මුදල් තැන්පතු පොතේ පරිමාව රුපියල් බිලියන 9.1ක වර්ධනයක් සිදුවිය. බැංකුවේ ජංගම ගිණුම්/ඉතුරුම් ගිණුම් අනුපාතය ද 2024 වසර අවසානයේ 24.91% සිට 2025 පළමු කාර්තුව අවසන් වන විට 25.82% දක්වා 91bps කින් වර්ධනය විය. ජංගම ගිණුම්/ඉතුරුම් ගිණුම් පදනම 2025 වසරේ පළමු කාර්තුව තුළ 5% ක වර්ධනයක් පෙන්නුම් කරමින් එය රුපියල් බිලියන 8.5ක් විය. ජංගම ගිණුම්/ඉතුරුම් ගිණුම් අනුපාතයේ වර්ධන ප්‍රවනතාව ඒ සඳහාම කැපවූ උපායමාර්ගික මුලපිරීම් වල ප්‍රතිඵලයකි. බැංකුවේ සමස්ත කොටස් පදනම රුපියල් බිලියන 76.8 කි.

    බැංකුව ශක්තිමත් ප්‍රාග්ධන මට්ටමක් පවත්වා ගෙන ගිය අතර, ස්ථර 1 සහ මුළු ප්‍රාග්ධන අනුපාත 12.16% සහ 16.95% ක් වූ අතර ඒවා අවශ්‍ය අවම මට්ටමට වඩා පිළිවෙලින් 3.66% සහ 4.45% ක් විය. ද්‍රවශීලතාවය ද යහපත්ව පැවතුනු අතර, රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය 392.64% ක්, සියලූ මුදල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය 341.38% ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය 133.22% ක් විය. මේ සියලූ අනුපාතයන් 100% නියාමන අවශ්‍යතාවයට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පැවතුණි.

    ආයෝජක කාර්යසාධනය

    සාමාන්‍ය කොටස් මත ප්‍රතිලාභය 10.03% (2024 -12.22%) වූ අතර කොටසක ඉපැයීම් රු. 18.18 (2024 - රු. 21.73) විය. සමූහ මට්ටමින් පිළිවෙලින් අනුපාත 10.19% (2024 - 12.46%) සහ රු. 19.70 (2024 - රු. 23.57) විය. සාමාන්‍ය වත්කම් මත බැංකු බදු වලට පෙර ප්‍රතිලාභය 1.92% (2024 - 3.09%) විය. කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රු. 180.29 (2024 - රු. 186.91) වූ අතර එය රු. 107.00 ක අවසාන කොටස් මිල සමඟ සසඳන විට. සමූහයේ කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රු. 192.53 (2024 - රු. 199.13) විය.

    ඉදිරි දැක්ම

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ප්‍රවනතාවයක් ප්‍රදර්ශණය කරන විට, NDB බැංකුව ජාතියේ සංවර්ධන අභිලාශයන් සමඟ බැඳී සිටින අතර, සියලූම ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට කැපවී සිටී. සංවර්ධන මුල්‍යකරණයේ ශක්තිමත් ඉතිහාසයක් සහ සියලූ ආර්ථික තත්වයන් හරහා අපගේ ජනතාවට අඛණ්ඩව සහාය වීමත් සමඟ, බුද්ධිමත්, තිරසාර වර්ධනයක් කරා මඟ පෙන්වීමට අපි සූදානමින් සිටිමු. අපගේ ශක්තිමත් බැංකුකරණ සේවාවන් සහ පාරිසරික, සමාජීය සහ පාලන මූලධර්ම වල ශක්තිමත් සබඳතාවයන් හරහා, අපගේ ගනුදෙනුකරුවන්ට, කොටස් හිමියන්ට සහ ප්‍රජාවන්ට අඛණ්ඩ ප්‍රතිලාභ ලබා දෙන අතරම, තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම, සමෘද්ධිමත්, ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීම අපගේ අරමුණයි.