March, 21, 2025
ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීමය ගමන් මඟ සවිබල ගැන්වීම සඳහා සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව නිල බැංකු සහකරු ලෙස Educate Expo 2025 ප්‍රදර්ශනය සමඟ සම්බන්ධ වීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි. මාර්තු මස 07 වන දින සිට 09 වනදා දක්වා BMICH හිදී පැවැත්වූ මෙම Educate Expo 2025 ප්‍රදර්ශනය, සිසු සිසුවියන්, දෙමාපියන්, විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීය ආයතන සහ විදේශීය අධ්‍යාපන උපදේශකයින් එකම වහලක් යට මුණගැසිය හැකි ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රදර්ශනයක් වේ.
ශ්‍රී ලාංකීය අධ්‍යාපනික ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රමුඛ පෙළේ වැඩසටහනක් වන මෙම Educate Expo 2025 ප්‍රදර්ශනය, සිසු සිසුවියන්ට පුළුල් පරාසයක අධ්‍යාපනික අවස්ථා, වෘත්තීය ක්ෂේත්‍රයන් සහ විදේශීය අධ්‍යාපන අවස්ථාවන් ගවේෂණය කල හැකි පරිපූර්ණ වේදිකාවක් ලෙස හැඳින්විය හැක. සිසුන්ට හා දෙමාපියන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමේදී අවශ්‍ය වන දැනුවත් භාවය ඇති කරමින්, මෙම ප්‍රදර්ශනය අළුතින් බිහිවන අධ්‍යාපනික ප්‍රවණතා පිළිබඳ ඉතා වටිනා අවබෝධයක් ලබා දුනි.
උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් වල වැදගත්කම හඳුනාගනිමින් NDB බැංකුව සිසුන් සඳහා නිර්මාණය කළ “NDB Student File” යන ප්‍රමුඛතම මුල්‍ය විසඳුම හඳුන්වාදීම සඳහා මෙම අවස්ථාව උපයෝගී කර ගනු ලැබීය. විදේශීය අධ්‍යාපන මුල්‍යකරණය පහසු කිරීමේ අරමුණින් නිර්මාණය කල මෙම “NDB Student File” සේවාව, සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනික සිහින ඉතා පහසුවෙන් සාක්ෂාත් කරගැනීම සහතික කරයි. තරුණ්‍ය සවිබල ගැන්වීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීමේ අංගයක් ලෙස මෙම සේවාවල විදේශීය අධ්‍යාපනය හැදෑරීමට සැලසුම් කරන සිසුන්ගේ සුවිශේෂී අවශ්‍යතා සඳහා ඊටම ගැළපෙන ඉතා පහසු සහ පරිපූර්ණ මුල්‍ය විසඳුමක් ලෙස ක්‍රියා කරයි.
Educate Expo 2025 හි NDB ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි සිසුන් හා දෙමාපියන් හට බැංකුවේ මුල්‍ය විශේෂඥයින් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙමින්, NDB Student File මඟින් එතෙර අධ්‍යාපනයේ මුල්‍ය අභියෝග ජයගැනීම පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙන ලදී. මූලික ගෙවීම මත OTT ගාස්තු ඉවත් කිරීම, පඨමාලා ගාස්තුවෙන් 75% දක්වා ආවරණය වන පරිදි NDB අධ්‍යාපන ණය පහසුකම සහ පඨමාලා කාලය තුළ මුල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා AIA වෙතින් පුළුල් රක්ෂණ ආවරණයක් ඇතුළු සුවිශේෂී ප්‍රතිලාභ රැසක් මෙම සේවාවට ඇතුළත් වේ. මීට අමතරව, NDB ක්‍රෙඩිට් කාඞ්පත් මඟින් වීසා සැකසුම් ගාස්තු සඳහා 0% මාස 12 වාරික ගෙවීමේ පහසුකම මෙන්ම ISIC සාමාජිකත්වය හරහා ජාත්‍යන්තර ශිෂ්‍ය වරප්‍රසාද වලින්ද සිසුන්ට ප්‍රතිලාභ හිමිවේ.
මෙවැනි උපායමාර්ගික හවුල්කාරිත්වයන් හා නවෝත්පාදන මුල්‍ය විසඳුම් හරහා NDB බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම පිළිබඳ සිය කැපවීම තහවුරු කර සිටියි. ඔවුන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීමය අරමුණු ළඟා කරගැනීමට අවශ්‍ය සහාය ලබාදීමෙන් නිරන්තරයෙන් වෙනස් වන ලෝකයක් තුළ තරුණ තරුණියන්ට සාර්ථක ගමනක් කරා යෑමට අවශ්‍ය මෙවලම් මඟින් ඔවුන් සන්නද්ධ කිරීමට NDB බැංකුව අරමුණු කරයි.
Video Story