April, 17, 2025
NDB බැංකුව මෑතකදී, ආසියානු ජාත්‍යන්තර පාසල (Asia International School – AIS) සමඟ සහයෝගයෙන් වයස අවුරුදු 12 සිට 18 දක්වා සිසුන් සඳහා මූලික නීති සංකල්ප පිළිබඳව අවබෝධයක් ලබාදීම අරමුණු කරගෙන “Law Chronicles” නමින් එහි පළමු නීති දින වැඩසටහන පවත්වන ලදී. මෙම වැඩසටහන නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, අධ්‍යාපනඥයින් සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද්දේ දැනුම සහ අත්දැකීම් සහිත ඉගෙනුම් වටාපිටාවක් තුළින් යොවුන් මනස සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමිනි.
“Law Chronicles” වැඩසටහන සඳහා ආසියානු ජාත්‍යන්තර පාසල සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය මඟින්, NDB බැංකුව ජාතියේ තරුණ පරපුර පෝෂණය කිරීම සඳහා වන තම කැපවීම තවදුරටත් තහවුරු කරන ලදී. තරුණ පරම්පරාව සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඩිජිටල් බැංකුකරණ විසඳුමක් වන NDB Zee ගිණුම මෙම වැඩසටහනේදී පැමිණි සිසු දරුවන් වෙත ඉදිරිපත් කිරීමට ද බැංකුවට හැකි විය. NDB Zee තාරුණ්‍යයේ ගිණුම වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ගිණුම් විවෘත කිරීම සහ තම අභිරුචිය මත සැකසුනු ඩෙබිට් කාඞ්පතක් ඇතුළු සුවිශේෂී විශේෂාංග රැසක් සහිතව රු. 2,500 ක අවම මූලික තැන්පතු මුදලකින් ආරම්භ කිරීමට හැකියාව ඇත. මෙම ගනුදෙනු ප්‍රතිලාභවලට අමතරව, ගිණුම විවෘත කරන අවස්ථාවේදී හිමිවන ජංගම දුරකතන රිවොර්ඞ් ත්‍යාගයක්, උසස් පෙළ සමතුන් සඳහා මුදල් ත්‍යාගයක් සහ විවාහ මංගල්‍ය අවස්ථාවේදී රු. 25,000 ක මුදල් ත්‍යාගයක් ඇතුළු තවත් සේවාවන් රැසක් සපයයි. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳ උපදේශන සේවා ආදී ප්‍රතිලාභ රැසක් ගෙන එන, ශ්‍රී ලාංකික තරුණයින්ට ඔවුන්ගේ පුද්ගලික සහ වෘත්තීය සංවර්ධනය කරා යන ගමනේදී ඔවුන්ට සහාය වීමේ NDB බැංකුව හි දැක්ම අවධාරණය කරයි.
මෙම අවස්ථාව සඳහා නීති විශේෂඥයින් සමඟ ක්‍රියාකාරී කණ්ඩායම් සාකච්ඡ පැවැත්වූ අතර, නීතිය සහ යුක්තිය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් මේ හරහා ලබා දෙන ලදී. මෙම මුලපිරීම සියළු ක්ෂේත්‍ර ආවරණය වන අධ්‍යාපන ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ ආසියානු ජාත්‍යන්තර පාසලේ මෙහෙවර සමඟ සමපාත වන අතර, NDB බැංකුවේ සහභාගීත්වය මඟින් මුල්‍යමය වශයෙන් දැනුවත්, සමාජීය වශයෙන් වගකිවයුතු සහ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින සමාජය තුළ සාර්ථක වීමට සූදානම් වන ඉදිරි පරම්පරාව හැඩගැස්වීම කෙරෙහි බැංකුවේ ඇති දැඩි අවධානය යොමු සිටියි.
“Law Chronicles” වැඩසටහන සඳහා ආසියානු ජාත්‍යන්තර පාසල සමඟ NDB බැංකුවේ මෙම හවුල්කාරිත්වය, පාසල් විෂය ඉගෙනුම් ක්‍රියාවලිය සහ සැබෑ ලෝකයේ මුල්‍ය සාක්ෂරතාවය අතර ඇති පරතරය පියවමින් ශ්‍රී ලාංකික තරුණයින් සවිබල ගැන්වීම සඳහා වන බැංකුවේ අඛණ්ඩ උත්සාහයේ තවත් සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැක.

Video Story