March, 3, 2025
NDB බැංකුව පසුගියදා Our Lady of Victories කන්‍යාරාමයේදී “Skillshop for Students” නමින් ඉතා හරවත් වැඩමුළුවක් උසස් පෙළ හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලදී. සියලූම උසස් පෙළ විෂයන් ධාරාවන් හදාරන සිසු සිසුවියන්ගේ දැනුම මෙන්ම හැකියාවන් වර්ධනය කරමින්, ඔවුන් වෘත්තීමය වශයෙන් ගොඩනැංවීමට සහ කුසලතාවන් ඔප් නැංවීමට අවශ්‍ය මාර්ගය විවර කිරීම මෙහි ප‍්‍රධානතම අරමුණ විය. NDB බැංකුවේ පුහුණු සහ සංවර්ධන අංශයේ ප‍්‍රධාන කළමනාකාරතුමාගේ නායකත්වයෙන් NDB බැංකුවේ පුහුණු ඇකඩමිය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.
පාසැල් සඳහා විශ්වාසනීය සංවර්ධන හවුල්කරුවකු ලෙස සිය ස්ථාවරය ගොඩනඟා ගැනීමට දරණ උත්සාහයන්ගෙන් එකක් වන මෙම පුහුණු වැඩසටහන තරුණ ප‍්‍රජාවගේ සංවර්ධනය කෙරෙහි බැංකුවේ ඇති සැබෑ උනන්දුව විදහාපායි. එහිදී සහභාගීවූවන් අතර වඩාත් පුළුල් සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කොටගත් මාතෘකා රාශියක් ආවරණය කරන ලදී. තම දක්ෂතා, අවශ්‍යතාවයන් සහ අරමුණු හඳුනාගැනීම, පෞරුෂත්වය ගොඩනඟා ගැනීම, ඉලක්ක සකසා ගැනීම සහ සිසුන්ගේ අනෙකුත් අභිලාෂයන් සක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ගමන් මඟ සහ මෙවලම් වලින් සිසුන් සන්නද්ධ කිරීම වැනි වැදගත් අංගයන් මෙම සැසියට අන්තර්ගත විය. මෙම ආකර්ෂණීය සහ ඵලදායී අංගයන් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම පමණක් නොව ඔවුන්ගේ ශක්තීන් හඳුනා ගනිමින් සිසුන් දිරිමත් කිරීමද සිදු කෙරිණි.
මෙම සැසියට තවත් වටිනාකමක් එක් කරමින් NDB බැංකුව විසින් වයස අවුරුදු 13 ත් 18 ත් අතර යෞවනයන් සඳහා නිර්මාණය කරන ලද අද්විතීය ඩිජිටල් ඉතුරුම් ගිණුමක් වන NDB Pixel ගිණුම හඳුන්වා දෙන ලදී. මේ සමඟින් කුඩා කල සිටම මූල්‍ය ස්වාධීනත්වය සහ වගකිවයුතු ඉතිරිකිරීමේ පුරුදු වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව සිසුන් දැනුවත් කරන ලදී. තරුණ පරම්පරාව සඳහාම සුවිශේෂීව නිර්මාණය කර ඇති NDB Pixel ගිණුම, ඩෙබිට් කාඞ් පහසුකම්, භෑධී ජංගම බැංකුකරණ ප‍්‍රවේශය සහ සුවිශේෂී ප‍්‍රවර්ධන දීමනා වැනි විශේෂාංග පිරිනමන අතර, එය ඔවුන්ගේ මූල්‍ය ගමන් ආරම්භ කරන යෞවනයන් සඳහාම වෙන් වූ කදිම බැංකු විසඳුමක් බවට පත් කරයි.
“Skillshop for Students” වැනි දරුවන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමේ වැඩමුළු, සහ NDB Pixel වැනි නිෂ්පාදන හරහා, NDB බැංකුව ශ්රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම නැවත තහවුරු කරයි. ඔවුන්ට අවශ්‍ය මෙවලම්, දැනුම සහ මූල්‍ය විසඳුම් ලබා දීමෙන්, අනාගත පරම්පරාවන්ගේ ප‍්‍රගතියට දායක වෙමින් පුද්ගලික සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට බැංකුව උපකාරී වේ.
NDB බැංකුව ශ්රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Video Story