NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි

    November, 27, 2024

    NDB බැංකුව විසින් පසුගියදා පමුණුගම, කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර එය බැංකුව සතු ’Adopt a Beach’ ව්‍යාපෘතියේ කොටසකි. Clean Ocean Force Lanka සමඟ එක්ව පවත්වන ලද මෙම වැඩසටහන, පාරිසරික තිරසරභාවය සහ ප‍්‍රජා සහභාගීත්වය සඳහා NDB හි කැපවීම පිළිබිඹු කිරීමකි. 2024 නොවැම්බර් 9 වන සෙනසුරාදා, NDB සේවකයින් 100 කට අධික පිරිසක්, ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සහ වෙරළ තීරයට බලපාන සමුද්‍ර දුෂණය පිළිබඳ ගැටළුව විසඳීමට ස්වේච්ඡාවෙන් තම කාලය හා ශ‍්‍රමය කැප කරන ලදී.

    ‘Adopt a Beach’ ව්‍යාපෘතිය යටතේ NDB බැංකුව විසින් කැපුම්ගොඩ වෙරළ තීරයේ අඛණ්ඩ සුරක්ෂිතතාවය හා පිරිසිදුභාවය පිළිබඳ වගකීම NDB බැංකුව විසින් භාරගෙන ඇති අතර වැඩසටහන, ප‍්‍රදේශයේ ප‍්‍රජාවටද සහයෝගය දක්වමින් අවශ්‍ය ලෙස පිරිසිදු කිරීමේ උත්සාහයන් සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතියේ කැපී පෙනෙන අංගයන් ලෙස, කැපුම්ගොඩ ප‍්‍රදේශයේ කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම, ප‍්‍රජාවන් සවිබල ගැන්වීම සහ තිරසාර සංවර්ධනයෙහි ධනාත්මක වෙනසක් ඇති කිරීම සැලකිය හැකි අතර ඒ සඳහා NDB හි කැපවීම තවදුරටත් පිළිඹිබු වේ.

    මෙම වැඩසටහන පුරාවට NDB සේවකයින් එකතු වී මුළු බර කිලෝග‍්‍රෑම් 400 ඉක්මවූ කසළ සහ සුන්බුන් එකතු කිරීමට කටයුතු කළ අතර, වෙරළ තීරයේ දුෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට එය ඉවහල් විය. එකතු කරන ලද අපද්‍රව්‍ය වර්ගීකරණය කරන ලද අතර, සැකසීම සඳහා යවන ලද ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සමඟින්, පරිසරය පිළිබඳ දැනුම ප‍්‍රවර්ධනය කිරීම සහ තිරසාර භාවිතයන් පෝෂණය කිරීම සඳහා NDB හි කැපවීම මෙමඟින් තවදුරටත් ඉස්මතු විය.

    මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන, NDB හි පාරිසරික, සාමාජීය සහ පාලන (ESG) මූලධර්මවලට අනුව සැලසුම් කරන ලද්දක් වන අතර එමඟින්, NDB බැංකුවේ සේවකයින් විසින් සපයන ලද ස්වේච්ඡා සේවය සහ දැවෙන පාරිසරික ගැටළු විසඳීම සඳහා ඔවුන් විසින් ක‍්‍රියාශීලීව නිරත වීම අවධාරණය කෙරිණි.’Adopt a Beach’ වැඩසටහන හරහා NDB හි අරමුණ වන්නේ පිරිසිදු සාගර සඳහා දායක වීම පමණක් නොව සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා සාමූහික ක‍්‍රියාකාරකම් දිරිගැන්වීමයි.

    මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් අංශයේ උප සභාපති සහ NDB බැංකුවේ තිරසාර කමිටුවේ සභාපති ලසන්ත දසනායක මහතා පවසා සිටියේ, ”NDB බැංකුව, 2023 දී මෙම වෙරළ තීරය පිළිබඳ වගකීම ‘භාරගත්‘ අතර අද දින මෙම ව්‍යාපෘතියේ කූටප‍්‍රාප්තිය සනිටුහන් කරන්නේ 100 කට අධික NDB කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයක්ද සහිතව යන්නයි”  අපි ප‍්‍රජාවට පිරිසිදු වෙරළක් ලබා දෙනවා. අපි මේ වෙරළ පිරිසිදු කරන්නේ වසරේ එක් දිනක් පමණක් නොවේ; මෙම වෙරළ තීරය දිනපතා පිරිසිදු කිරීමට අපි Clean Ocean Force Lanka සමඟ හවුල් වී සිටිමු, යන්න මෙන්ම වෙරළ පිළිබඳ වගකීම භාරගත් දිනයේ සිට අද දක්වා මෙම වෙරළ තීරයෙන් සුන්බුන් සහ කුණු කිලෝග‍්‍රෑම් 7,400 කට අධික ප‍්‍රමාණයක් එකතු වී ඇති බවත් ඔහු තවදුරටත්  පවසා සිටියේය. ප‍්‍රජාව සඳහා පිරිසිදු වෙරළක් මෙන්ම තිරසාරබව සහතික කිරීම සඳහා NDB බැංකුව මෙම ව්‍යාජෘතිය තවත් වසරකින් දීර්ඝ කරන බව සතුටින් ප‍්‍රකාශ කර සිටියේය. තවද, මෙම ව්‍යාපෘතිය මඟින්  පරිසර සංරක්ෂණය සහ පරිසර දුෂණ පාලනය සහතික කරනවා පමණක් නොව, බැංකුවේ තිරසාර න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර වන ජීවනෝපාය සංවර්ධනය සහ දරිද්‍රතාවය පිටුදැකීමද ඇතුළත් වන බව දසනායක මහතා අවසාන වශයෙන් ප‍්‍රකාශ කරන ලදී.

    මෙම ප‍්‍රකාශයට තවදුරටත් සහතික කිරීම සඳහා, Clean Ocean Force Lanka හි නිර්මාතෘ සහ සභාපති ජෙරම් ප‍්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, ”අද අපට ඉතා සුවිශේෂී දිනයක්, මන්දයත් වසරකට පෙර NDB බැංකුව, Clean Ocean Force Lanka අප සමඟ එක්ව මෙම කැපුම්ගොඩ  වෙරළ තීරය ‘Adopt a Beach’ ව්‍යාපෘතිය යටතේ අත්පත් කරගැනීමට කටයුතු කරනු ලැබීම නිසාවෙනි. ’Adopt a Beach’ යනු මෙම වෙරළ තීරය දිනපතා පිරිසිදු කිරීමට කටයුතු කිරීමයි. දිනපතා පිරිසිදු කිරීමේ වැදගත්කම වන්නේ රළ පහරින් වෙරළට ගෙන එන කුණු නැවත සාගරයට යාම වැලැක්වීමයි. මෙමඟින් සාගර ජීවීන් මෙන්ම මිනිසුන්ද ආරක්ෂා වේ. කැපුම්ගොඩ පිහිටි මෙම වෙරළ තීරයේ වැදගත්කම වන්නේ එය පොදු වෙරළ තීරයක් වීමයි. සාගර වෙරළ, එය ශ‍්‍රී ලංකාවේ සාගර ආර්ථිකයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි ලෙස තවදුරටත් ඔහු අදහස් දැක්වීය. තවද, අපි මේ හරහා ප‍්‍රජාව තුළ ඉතා අවම ආර්ථික තත්ත්වයක සිටින කාන්තාවන් සවිබල ගන්වන අතර එමඟින් ඔවුන්ට තිරසාර ජීවනෝපායක් ඇති බව සහතික කරන බවත්, කුණු කසළ දිනපතා එකතු කර, කිරා මැන, වර්ග කර, ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි සියලූම ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන්ට ලබා දෙමින් පාරිසරික සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.

    NDB බැංකුව, Clean Ocean Force Lanka වෙතත්, මෙම කර්තව්‍ය හා සම්බන්ධ බලධාරීන් සහ මෙම අර්ථවත් වැඩසටහනට සහභාගී වූ කාර්ය මණඩලයේ සෑම සේවකයෙකුටම සිය කෘතඥතාව පුදකරයි. තිරසාර වෙනසක් ඇති කිරීමට සහ පරිසරයට ධනාත්මක ලෙස දායක වීමට ප‍්‍රජාවන් සවිබල ගැන්වීමේ NDB හි අඛණ්ඩ කැපවීම මෙවැනි ව්‍යාපෘතින් හරහා මනාව පිළිඹිබු වේ.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. විශිෂ්ටත්වය සඳහා වූ Euromoney Awards 2024 සම්මාන උළෙලේදී NDB ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතරල Asian Banking and Finance Awards 2024 මඟින්  ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුකරණයේ වසරේ දේශීය  බැංකුව ලෙසත්, ශ‍්‍රී ලංකවේ දේශීය මූල්‍ය ව්‍යාපෘති සඳහා වන වසරේ බැංකුව ලෙසත් NDB බැංකුව සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, ප‍්‍රාග්ධන වෙළඳපල ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසක් හා එක්ව අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයක් පිහිටුවා ඇත. තවද, ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බලගැන්වෙන අර්ථවත් මූල්‍ය හා උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටී.