NDB NEOS හරහා රජයේ ගෙවීම් කටයුතු කරගැනීමේ පහසුව දැන් ඔබත් අත්විඳින්න සුදානම් වන්න

    February, 21, 2025

    NDB බැංකුව එහි අති නවීන ඩිජිටල් පද්ධතිය වන NEOS ඔන්ලයින් බැංකුකරණය සහ NEOS ආයතනික බැංකුකරණ පද්ධතිය හරහා රජයේ ගෙවීම් සක්‍රීය කරමින් මුල්‍ය පහසුව ගෙන එමින් විප්ලවීය පියවරක් තබයි. රජයේ ආයතන වෙත ගෙවීම් සිදුකිරීම සක්‍රීය කිරීම තාරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ LankaPay විසින් මෙහෙයවනු ලබන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ඩිජිටල් ගෙවීම් වේදිකාවක් වන GovPay දියත් කිරීමට සමගාමීව සිදු කරන ලදී.

    මෙම හඳුන්වාදීම සමඟින් පුරවැසියන් සහ ව්‍යාපාරික ආයතනයන් හි ඩිජිටල් මුල්‍ය කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහ ඔවුන්ගේ ප්‍රවේශය තවදුරටත් සරල සහ ඉක්මන් කිරීම,‍ මෙන්ම ඩිජිටල් අවකාශය තවදුරටත් විවර කිරීම,‍ NDB බැංකුවේ අරමුණයි. NEOS ඔන්ලයින් බැංකුකරණ පද්ධතිය GovPay සමඟ ඒකාබද්ධ වීමත් සමඟ, ‍ පාරිභෝගිකයන්ට දැන් රජයේ සේවාවන් වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමේදී තම නිවසේ සිට හෝ ආයතන වලට අදාළ කටයුතු සඳහා සිය කාර්යාලයේ සිටම එම ගනුදෙනු සිදු කරගැනීමේ පහසුව හිමි වේ.

    පහත ආයතන වල සේවාවන් දැනට GovPay සේවාවෙන් NEOS හරහා ප්‍රවේශ වීමේ හැකියාව හිමිවේ -

    - ආයුර්වේද දෙපාර්තමේන්තුව

    - යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

    - කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

    - මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

    - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

    - තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

    - ගම්පහ මහ නගර සභාව

    - රඹුක්කන ප්‍රාදේශීය සභාව

    - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

    - ශ්‍රී ලංකා වරාය අධිකාරිය - නිෂ්කාශන අවසර පත්‍ර කළමනාකරණ පද්ධතිය

    - ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව

    - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

    - මොරටුව විශ්ව විද්‍යාලය

    - වෘත්තීය පුහුණු අධිකාරිය

    - තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව

    - අපේක්ෂා ජාතික පිළිකා ආයතනය

    GovPay සේවාව NEOS සමඟ ඒකාබද්ධ කිරීමෙන්, NDB බැංකුව එහි ඩිජිටල් බැංකුකරණ විසදුම් තවදුරටත් වැඩි දියුණු කරමින්,‍ නිරවද්‍යතාවය,‍ විනිවිදභාවය සහ ආරක්ෂාව සහතික කරන අතරම රාජ්‍ය සේවා සඳහා සිදුකරන ගෙවීම් වඩාත් සරල කරයි. මෙම නවෝත්පාදන මුල්‍ය විසදුම් හදුන්වා දීමෙන් රජයේ පරිපාලන වියදම් අවම කිරීමට අමතරව,‍ වඩාත් කාර්යයක්ෂම හා වගකිව යුතු රාජ්‍ය සේවාවක් සහතික කරයි.

    මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ PLM (Product Lifecycle Management) අංශයේ ප්‍රධානී,‍ සහකාර උප සභාපති දමිත සිල්වා මහතා ප්‍රකාශ කළේ,‍ ‘‘මෙම ජාතික මුලපිරීමට දායක වීමට ලැබීම NDB බැංකුවට ගෞරවයක්. අපෙගේ NEOS ඔන්ලයින් බැංකුකරණ වේදිකාවන් වල GovPay සේවාව සක්‍රීය කිරීම මඟින්,‍ අපි අපෙගේ ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂමතාව ආරක්ෂාව සමඟ විධිමත් මුල්‍ය ගෙවීම් විසදුමක් ලබා දෙනවා. මෙයට අමතරව පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන් සියල්ලටම ප්‍රවේශය ලබාදෙන සහ ගෙවීම් පද්ධති ඩිජිටල්කරණය සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික දැක්ම සමඟ බැංකුවත් සම්බන්ධ වෙනවා. ඩිජිටල් මුල්‍යකරණ පරිසරයක් සහිත අනාගතයක් කරා යන ජාතියේ ගමනට සහය වෙමින්,‍ නව්‍ය සහ සියලූ දෙනාටම ප්‍රවේශ විය හැකි මුල්‍ය සේවා හරහා ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමට අපෙගේ කැපවීම මෙම හවුල්කාරිත්වය මඟින් නැවත තහවුරු කරනවා’’ යනුවෙනි.

    GovPay සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා,‍ නුතන බැංකු ගනුදෙනුකරුවන්ගේ දිනෙන දින වෙනස් වන අවශ්‍යතා සපුරාලන අසමසම විසදුම් ලබා දෙමින් NDB බැංකුව ඩිජිටල් පරිවර්තනයේ ප්‍රමුඛයා ලෙස අඛණ්ඩව කටයුතු කරයි. මෙම මුලපිරීම,‍ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් බලගැන්වූ අනාගතයක් කරා ගෙන යාමට උපකාරී වන පාරිභෝගික කේන්ද්‍රීය,‍ නව්‍ය මුල්‍ය සේවා නිර්මාණය කිරීමේ පුරෝගාමියෙකු ලෙස NDB බැංකුවේ කාර්යභාරයට තවත් සාක්ෂියකි.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතරල අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.