NEXT Ventures Lanka (PVT) LTD ආයතනය 2025 වසර සඳහා වන ‘Great Place to Work’ විශිෂ්ටත්ව සහතිකය දිනාගනියි

    January, 16, 2026

    මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන NEXT Ventures Lanka (PVT) LTD ආයතනය විසින්  විශිෂ්ට උසස් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගැනීම සහිත ඇගයීමක් වන ‘Great Place to Work’ (GPTW) සහතිකය 2025 වසර සඳහා දිනා ගැනීමට සමත් විය. මෙම සමාගමේ ගෝලීය ශාඛා ජාලය වන NEXT Bangladesh සහ NEXT Malaysia යන ආයතන ද මේ හා සමගාමීව මෙම ගෞරව ඇගයීමට පාත්‍ර වී තිබීම ද විශේෂත්වයකී. මෙම ඇගයීම ඔස්සේ NEXT Ventures ආයතනය විසින් සිය ජාත්‍යන්තර මෙහෙයුම් හරහා ඉහළ විශ්වාසයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව සිය සේවක ප්‍රජාවට ප්‍රීතිමත් සහ ප්‍රතිලාභ සහිත සේවයට සුදුසු ආයතනයක් පවත්වාගෙන යාම උදෙසා දක්වන කැපවීම මැනවින් ඉස්මතු වේ.

    ලොව පුරා සේවා ස්ථානවල විශිෂ්ටත්වය ඇගයීම සඳහා පිරිනමන ප්‍රමුඛතම සහතිකයක් ලෙස ‘Great Place To Work’ සහතිකය හැඳින්විය හැකිය. මෙම සහතිකය පිරිනමනු ලබන්නේ සේවා ස්ථානයක විශ්වාසනීයත්වය, නායකත්වයේ ගුණාත්මකභාවය සහ සේවක තෘප්තිය පිළිබඳ දැඩි ප්‍රමිතීන්ට අනුගමනය කරන ආයතන වෙනුවෙන් පමණි. මෙම ඇගයීමේ ක්‍රියාවලිය සඳහා නායකත්වය , ආයතනික සහයෝගීතාවය , සේවක ප්‍රතිපෝෂණ ඇතුළු දැඩි ක්‍රියාපටිපාටියක් අන්තර්ගත වන අතර එම සියලු නිර්ණායකයන් සපුරාලන ආයතන සඳහා මෙම ගෞරව සහතිකය පිරිනමනු ලැබේ.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් අංශයේ කළමනාකරු, සුරිත් දේවගිරි මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ කලාපීය වශයෙන් අපගේ ආයතනික සහයෝගීත්වය මෙම විශිෂ්ටත්වයේ ජයග්‍රහණය තුළින් හඳුනාගන්න පුළුවන්. ගෝලීය වශයෙන් අපගේ සේවකයින් වෙනුවෙන් දක්වන සහයෝගය හා දිරිමත්කිරීම් හරහා වෘත්තිය මෙන්ම පෞද්ගලික ජිවිතයේ දියුණු සැලැස්වීමට අපි නිරතුරුවම කැපවී සිටිනවා.

    NEXT Ventures ආයතනයේ යහපත් සේවා සංස්කෘතිය සහ සේවක සංවර්ධනය වෙනුවෙන් දක්වන සුවිශේෂී උනන්දුව මෙම ඇගයීම හිමි කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. සමාගම විසින් විධිමත් ඉගෙනුම් වැඩසටහන්, නායකත්ව පුහුණුවීම් සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් පිරිනමමින් සේවකයන්ගේ වෘත්තීය මෙන්ම පෞද්ගලික වර්ධනයට ද මග පෙන්වනු ලැබේ. කුසලතා පරිපුර්ණ සේවකයන් බිහිකිරීම, කලාපීය කණ්ඩායම් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සහ විවිධ වෙළඳපල තත්වයන්ට අනුවර්තනය වෙමින් කටයුතු කිරීම හේතුවෙන් NEXT Ventures ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, ඩුබායි සහ සයිප්‍රසය ආදී රටවල වඩාත් ආකර්ෂණීය සමාගමක් ලෙස සිය ස්ථාවරය තහවුරු කර ඇත.

    මෙම සහතිකයෙන් පිදුම් ලැබූ ආයතන තුළ ශක්තිමත් නායකත්ව සබඳතා, ඉහළ සේවක විශ්වාසය සහ සේවක තෘප්තිමත්භාවය පවතින බව Great Place To Work ආයතනයේ පර්යේෂණ මඟින් සනාථ කර ඇත. ගෝලීය තරඟකාරී වෙළඳපල තුළ වඩාත් පිළිගත් සේවා ස්ථානයක් ලෙස ස්ථාපිත වීමට මේ ඔස්සේ එම ආයතනවලට අවස්ථාව හිමිවේ.

    Video Story

    Stock Market

    Exchange Rates