October, 7, 2025
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) ශ්‍රී ලංකා පරිගණක සංසදය (CSSL) සමඟ එක්වෙමින් , ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන අරමුණු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරක් ලෙස NITC 2025 සම්මන්ත්‍රණය සැලකේ.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක, CSSL උප සභාපති ඉන්දික ද සොයිසා, සහ NITC 2025 සම්මන්ත්‍රණයේ සභාපති ආචාර්‍ය අමල් ඉල්ලේසිංහ සහභාගී වූහ. මෙම සහයෝගීතාවයේ මූලික අරමුණ වන්නේ රජය සහ පුද්ගලික අංශ අතර සහයෝගීතාව වැඩිදියුණු කරමින් තිරසාර, අනාගතය සඳහා සූදානම්, ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමයි.
“Society 5.0: Empowering a Smart and Inclusive Nation” යන තේමාව යටතේ පැවැත්වෙන NITC 2025 සම්මන්ත්‍රණය, රජයේ “ඩිජිටල්කරණය සඳහා වන දින සියයේ වැඩසටහන” යටතේ දියත් කෙරෙන ප්‍රධාන සම්මන්ත්‍රණයක් වේ. මෙහිදී කෘතීම බුද්ධිය (AI), Internet of Things (IoT), විශාල දත්ත (Big Data), සහ ක්ලාඕඩ් කම්පියුටින් වැනි තාක්ෂණයන් මගින් භෞතික ලෝකය සහ ඩිජිටල් ලෝකය එකට එක්කරමින් නවෝත්පාදන විසඳුම් සෑම අංශයකටම ගෙනයාමේ අවශ්‍යතාව සහ ඒ සඳහා වන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.
මෙම සහයෝගීත්වය ශ්‍රී ලංකාව 2030 වන විට ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් සපුරාලීමේ ජාතික අභිලාෂයට ඍජුම දායක වන අතර තාක්ෂණය සහ මනුෂ්‍යත්වය සමගින් “Society 5.0” තේමාව යටතේ ශ්‍රී ලංකාව තිරසාර ජාතික සංවර්ධනයක් වෙත රැගෙන යාම සඳහා වන දැවැන්ත පියවරක් වනු ඇත.