ODEL විචිත‍්‍රවත් තේමාවක් ගෙනෙයි

    September, 9, 2015

    මෙරට ප‍්‍රමුඛතම විලාසිතා අලෙවි සන්නාමයක් වන ඔඩෙල් විසින් විලාසිතා සඳහා ඇලූම් කරන දේශීය ප‍්‍රජාව යළිත් ස්වභාව ධර්මය වෙත රැගෙන යමින් ලොව ප‍්‍රකට ‘forest couture’ විලාසිතා පෙළට අයත් අඳුරුවන් නිර්මාණ වලින් පොහොසත් නව විලාසිතා මාලාවන් යුගලයක් එළිදක්වා ඇත.

    මෙම නව විලාසිතා මාලාව ඔඩෙල් විලාසිතාගාරයේ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන අලෙවිසැලේ ඒටි‍්‍රයම් ලොබියේ පැවති විචිත‍්‍රවත් විලාසිතා සංදර්ශනයේදී එළිදක්වන ලදී.

    පක්ෂීන්, ගස්වැල්, මල් ඇතුළු ස්වභාව ධර්මයට අයත් විලාසිතාවන්ගෙන් පොහොසත්වූ ප‍්‍රධාන විලාසිතාපෙළට කොළ, දුඹුරු, කළු, සුදු සහ තැඹිලි යන පරිසරය සමග කදිමට යාවන වර්ණ යොදාගෙන තිබේ.

    මෙම විලාසිතා පෙළ සුප‍්‍රකට ජාත්‍යන්තර නිර්මාණ කරුවන් වන එලිසාබ්, ක්ලොයිල ඇන්ටෝනි යෝමරාස් සහ ඇල්බර්ටා ෆෙරෙට්ටි යන අයගේ නිර්මාණ නියෝජනය කරයි.
    o02o03o04050607080910

    Video Story

    Stock Market

    Exchange Rates