Online අධ්‍යාපනයේ විශිෂ්ටයා වන PassMe නැවත වරක් සම්මානයට පාත්‍ර වෙයි

    January, 15, 2025

    2024දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විභාග ප්‍රතිඵල නිර්මාණය කළ Online අධ්‍යාපන ආයතන ලෙස PassMe අධ්‍යාපන ආයතනය People’s Excellency Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. ගුණාත්මක අධ්‍යාපනයට අරුතක් එක් කරමින් වසර 10 ක් ආ ගමනේ කූඨප්‍රාප්තිය ලෙස Pinnacle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගණිත ගුරුවරයා ලෙස PassMe පෞද්ගලික සමාගමේ නිර්මාතෘ, ප්‍රවීණ අභිප්‍රේරක දේශක, ලේඛක, ඉංජිනේරු කාවින්ද ඉරෝෂන් (K. V. Iroshan) සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ සහ රටවල් පහක සිටින සිසුන්ට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන PassMe අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා දේශීය සිසුන්ටද Edexcel, AQA සහ OCR යන ආයතන පවත්වන විදේශීය විභාග සඳහා විදේශීය සිසුන්ටද ඉගැන්වීම් සිදු කරයි.

    සිසුන්ගේ දක්ෂතා අගයමින් දීපව්‍යාප්තව පවත්වන PassMe Golden Awards ගණිත තරගාවලිය සෑම වසරකම කොළඹ BMICH පරිශ්‍රයේදී සංවිධානය කරන අතර එහිදී විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන්ට සහතික පත්‍ර, පදක්කම් සහ සම්මාන පිරිනමයි. අධ්‍යාපන ආයතනයකින් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පණ ඇති ගණිත පොත නිර්මාණය කරමින් දෙමුහුම් තාක්ෂණ පොත් ප්‍රකාශනයේ පුරෝගාමියා බවට පත් වූ PassMe පොත් ප්‍රකාශන ආයතනයට 2023/2024 වසරේ විශිෂ්ටම නව නිර්මාණාත්මක පොත් ප්‍රකාශන සමාගමට හිමි සම්මානයද හිමි විය. ආර්ථික අපහසුතා ඇති සිසුන්ට නොමිලේ ඉගෙන ගැනීමට ඉඩ විවර කරමින් PassMe හා PassMe Video APP නිර්මාණය කර ඇත්තේ අධ්‍යාපනයේ සම අයිතිය සියලුම සිසුන්ට ඇති බව ආයතනය විශ්වාස කරන නිසාය. අඛණ්ඩව වසර දහයක් පුරා ගුණාත්මක අධ්‍යාපනයේ ඵල නෙලා ගන්නා PassMe ආයතනයේ දහස් ගණනක් වූ සිසුන් සහ දෙමව්පියන් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට සිය ස්තූතිය පළ කරන බව PassMe සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය.