Online දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතියට නව ක්‍රමවේදයක්

    August, 13, 2025

    දීර්ඝ කාලයක් පුරාවට බාහිර පාර්ශවයන් විසින් අයතා ලෙස දුම්රිය ආසන වෙන් කර වැඩි මිලට අළෙවි කිරීමේ ක්‍රියාවලිය අවසන් කරමින් , ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය ඒකාබද්ධව මාර්ග ගත දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතියට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ නිල Face Book පිටුව හරහා ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

    ඒ සමඟම මෙතෙක් නිල වෙබ් අඩවිය සහ ජංගම යෙදවුම ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමට සාමාන්‍ය ජනතාවට පැවති අපහසුකාරී වාතාවරණය නිරාකරණය කිරීමට හැකියාව ලැබී ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

    තව ද ඉදිරියේ දී පද්ධතියේ සිදු කිරීමට නියමිත තාක්ෂණික යාවත්කාලීන කිරීම සමඟින් මහජනතාවට දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පහසු වනු ඇත.

    මෙම නව ක්‍රමවේදය හරහා දුම්රිය ආසන වෙන් කිරීමේදී අදාල ආසන වෙන් කරන පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය වන අතර අදාල මගියා විදේශිකයෙකුනම් ඔහුගේ හෝ ඇයගේ විදෙස් ගමන් බලපත්‍රයෙහි අංකය යෙදීම ද අනිවාර්ය වනු ඇත.