‘Oukitel’ සහ ‘Blackview’ ස්මාර්ට් ජංගම දුරකතන සඳහා දේශීය බෙදාහැරීමේ නියෝජිතයා ලෙස බ‍්‍රෑන්ටෙල් පත් කරයි

    January, 26, 2022

    ශ‍්‍රී ලංකාව තුළ E-tel ජංගම දුරකතන සන්නාමය ගොඩනැගූ බ‍්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම යුරෝපය ඇතුළු රටවල් 80 ක ජනප‍්‍රියව භාවිතා කරන ජංගම දුරකතන සන්නාම දෙකක් ශී‍්‍ර  ලංකාවේ බෙදාහැරීම සඳහා අවස්ථාව හිමිකර ගෙන තිබේ.

    චීනයේ නිෂ්පාදිත‘Oukitel’ iy ‘Blackview’ ස්මාර්ට් ජංගම දුරකතන සන්නාම ශ‍්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා බලයලත් නියෝජිතයා ලෙස බ‍්‍රෑන්ටෙල් සමාගම පත්කර තිබෙන අතර විශ්වාසනීය වගකීමක් සමගින් අලෙවිකරණ මෙම ජංගම දුරකතන සන්නාමවල තෝරාගත් මාදිලි කිහිපයක් මුලින්ම අලෙවි කිරීමට සමාගම තීරණය කර ඇත. මෙම ස්මාර්ට් ජංගම දුරකතන කල්පැවැත්ම, ආරෝපිත බැටරිය වැඩි කාලයක් පාවිච්චි කිරීමට හැකිවීම, ඉහළ RAM සහ ROM ධාරිතාවයකින් යුක්තවීම, වැඩිදියුණු කළ කැමරා මෙන්ම ඇඟිලි සලකුණ යොදා දුරකතනය විවෘත කිරීම වැනි ඉහළ හා නවීන ගුණාංග වලින් සමන්විත බව සමාගම සඳහන් කරයි.

    ප‍්‍රමුඛතම ගෝලීය සන්නාමවල ඉහළ මිල මට්ටම් වලින් තොරව නවතම ස්මාර්ට් ජංගම දුරකතනවල තිබෙන පහසුකම් සහ කාර්යසාධනය ලබාදීමේ සමාගමේ උපායමාර්ගය සමග මෙම නව සන්නාම ඉතාමත් හොඳින් ගැලපෙන බව සමාගම පවසයි.

    මෙහිදී, බ‍්‍රෑන්ටෙල් ලංකා විසින් Oukitel සන්නාමයේ C21 ස්මාර්ට් ජංගම දුරකතනය මෙරටට හඳුන්වාදෙන අතර එයට P60 octa-core ප්‍රොසෙසරයක් මගින් සවිබලය ලබාදෙයි. සමාගම සඳහන් කරන්නේ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය උපරිම මෙහෙයුම් වේගයකින් සහ ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඡායාරූප ගැනීමේ හැකියාව සහිත selfie කැමරාවකින් සමන්විත බවයි. මීට අමතරව, බ‍්‍රෑන්ටෙල් ලංකා විසින් Oukitel C19 ජංගම දුරකතන මාදිලියද ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙන අතර එය දැකුම්කළු වර්ණ මාලාවකින් සහ අඟල් 6.49 කින් යුත් HD+ අත්දැකීමකින් මෙන්ම සුවිශේෂී ගුණ පිරිවිතරයන්ගෙන් සමන්විත වේ. සමාගම විසින් Blackview සන්නාමය යටතේ වර්ණ පෙළකින් සහ octa-core ප්‍රොසෙසර් එකකින් යුක්ත 4G Blackview A90 මාදිලිය සහ කැමරා හතරකින් සමන්විත Blackview A80 Plus මාදිලිය ලංකාවට හඳුන්වාදී ඇත. www.brantelonline.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දිවයින පුරා පිහිටි සමාගමේ නියෝජිතයින් වෙතින් මෙම ස්මාර්ට් ජංගම දුරකතන මිලදීගත හැකි බව සමාගම පවසයි. අන්තර්ජාලය වෙතින් මිලදීගන්නා ගැණුම්කරුවන්ට 15%ක් දක්වා වට්ටම් සහ නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

    2007 වසරේදී ආරම්භ කළ Oukitel සමාගම චීනයේ ජාතික ඉහළ තාක්ෂණික සමාගමකට අයත් වේ. මෙම සමාගමට ඉහළ දැනුමක් සහ අත්දැකීම් සහිත පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායමක් සහ කැපවූ නිෂ්පාදන කණ්ඩායමක් මෙන්ම තාක්ෂණික සේවාවන් තිබේ. Oukitel නිෂ්පාදන යුරෝපය, ආසියාව, උතුරු සහ දකුණු ඇමරිකාව පුරා අලෙවි කරන අතර රටවල් 60 ක ඉතාමත් සාර්ථක ලෙස බෙදාහැරීමේ නියෝජිතයින් 130 කට වැඩි සංඛ්‍යාවක් පත් කර ඇත.

    Blackview සතුව චීනය තුළ වර්ග මීටර් 8,500 ක කර්මාන්ත ශාලාවක් පවතින අතර එහි ගනුදෙනුකරුවන් රුසියාව, ස්පාඤ්ඤය, ජර්මනිය, චෙච් රිපබ්ලික්, යුක්රේනය, ප‍්‍රංශය, ඉතාලිය, තුර්කිය, ඇල්ජීරියාව, කොලොම්බියාව සහ දකුණු අප‍්‍රිකාව යන රටවල් ඇතුළුව රටවල් 80 ක විසිරී පවතී. මෙම රටවල් සහ කළාප 80 තුළ සමාගමට අයත් බලයලත් නියෝජිතයින් 100 කට වැඩි සංඛ්‍යාවක් සිටින බව බ‍්‍රෑන්ටෙල් ලංකා සමාගම සඳහන් කරයි.

    බ‍්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම ව්‍යාපාරික ගනුදෙනුකරුවන් 2000 කට වැඩි සංඛ්‍යාවක් වෙත තාක්ෂණික සහ අගය එකතුකළ සේවාවන් ලබාදෙයි. සිය අලෙවි ජාලය සරල සහ වේගවත් කිරීම සඳහා සමාගම ලෝකයේ ප‍්‍රමුඛතම තාක්ෂණික සන්නාමයන් සමග අත්වැල් බැඳගෙන තිබේ. පසුගිය වසර 18 ක කාලය පුරා සමාගම විසින් විශේෂඥ අලෙවි සහ තාක්ෂණික සහාය කණ්ඩායමක් සමග සමාගමේ දිවයින පුරා පිහිටි ශාඛා සහ අලෙවි නියෝජිතයින් මාර්ගයෙන් සේවාවන් ලබාදී ඇත.

    බ‍්‍රෑන්ටෙල් විසින් ශ‍්‍රී ලංකාවේ අලෙවි කරන ප‍්‍රමුඛතම ගෝලීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන අතරට තඹ සහ ෆයිබර් නෙට්වර්ක් කේබල්, පැසිව් නෙට්වර්ක් උපාංග, සෝලර් ඉන්වර්ටර්, සුර්ය බල පැනල, point - of - sale thermal ප‍්‍රින්ටර් සහ ඩිජිටල් ස්මාර්ට් බෝර්ඞ් විසඳුම් අයත් වේ. මීට අමතරව, E-tel කුඩා පරිගණක, ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් දුරකතන, ටැබ්ලට් පරිගණක සහ ෆීචර් දුරකථන සහ Corning නිෂ්පාදන සඳහා ශ‍්‍රී ලංකාව තුළ ජාතික බෙදාහරින්නා ලෙසින්ද බ‍්‍රෑන්ටෙල් කටයුතු කරයි.