Lead Story
පසුගිය දා ඇති වූ සුළි සුළං සහ ගංවතුර ව්‍යසනවලින් පීඩාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට තාවකාලික ණය සහන සහ නව ණය සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සියලුම බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මෙම 2025 අංක 04 දරන චක්‍රලේඛය යටතේ, බලපෑමට ලක් වූ ණය ගැතියන්ට 2026 ජනවාරි 15 වන…
Featured
සේවා විශිෂ්ටත්වය හඳුනාගනිමින් සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දිරිගන්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් ‘Unstoppable Together’ යන තේමා පාඨය යටතේ, 2024 වාර්ෂික සම්මාන උළෙල, සිය අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ ජයග්‍රහණ සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රධානය කරමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ වෙළඳපොළ ප්‍රධානියා ලෙස ඉහළම පිළිගැනීමකට පත්ව සිටින SLICGL හි…
මෙරට බැංකු සහ සිල්ලර වෙළෙඳුන් අතර ශක්තිමත් සහයෝගීතාවයන් ගොඩනගමින් ව්‍යාපාරික මට්ටමේ අවශ්‍යතා ඉටුකරදීමේ හැකියාව පෙන්වා දෙමින් කොමර්ෂල් බැංකුව, අබාන්ස් පීඑල්සී සමාගමේ දේශීය අලෙවිසැල් ජාලයට POS සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම විසඳුමක් දියත් කිරීමට නියමිතය. මෙම විසඳුම මගින් අබාන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් පහසුකම් සහිත සමාගමක් වනු ඇත. මෙයින් දිවයින පුරා අලෙවිසැල් 400කට අධික ජාලයක් ඇති…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ESOFT Uni Pvt Ltd සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. එහි අරමුණ වූයේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික ණය ලබා දීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ ESOFT හි ලියාපදිංචි වන සිසු සිසුවියන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්හිදී මූල්‍ය පීඩනය අවම කිරීම සහ ඉගෙනුම් අත්දැකීම් ඉහළ නංවා…
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, මහා මාර්ග අවහිරවීම් ඇතුළු බොහෝ හානි සිදුවීම් වාර්තා විය. මෙම මහා මාර්ග, ගස් අතු, සහ වෙනත් බාධක ඉවත් කරමින් හා ශුද්ධ පවිත්‍ර කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීමට සහාය ලබාදෙන අපගේ වටිනා ශ්‍රම බලකාය වෙත SLT-MOBITEL විසින් විශේෂ ඉල්ලීමක සිදු කරයි. ඔබට දක්නට…
තායිලන්තයේ පතායා හි පැවති 2025 ප්‍රෝ ලීග් ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේය. මෙම තරගවාලිය නොවැම්බර් 27 වනදා සිට 30 වනදා දක්වා පැවති අතර මෙය ඔවුන් ප්‍රෝ ලීග් ලෝක සවි…
මෙරට ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන D & R Exports පෞද්ගලික සමාගමේ සභාපතිනි මානෙල් ගර්ට්රූඩ් රාජ්කුමාර් මහත්මිය Women Legend Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ Legendary Woman of the Year සම්මානය දිනා ගත්තාය. රාජ්කුමාර් මහතාගේ නායකත්වයෙන් 1993දී අරලිය Impex නමින් ඇරැඹූ මෙම සමාගම වසර හතක් වැනි කෙටි කාලයකදී එනම් 2000 වසර වන විට…
වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්රයේ කීර්තිමත් හා ප්රමුඛ සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන ප්රදානෝත්සවයේදී සෞඛ්‍ය සේවා කළමනාකරණ අංශයේ විශිෂ්ටම සමාජ සත්කාර සහාය සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. සිනමන් ලයිෆ් හෝටලයේදී පාකිස්තාන හා නේපාලය තානාපතිවරුන්ගේ සහ ඉන්දියා මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උලෙළේදී රෝයල් නර්සින් හෝම් නියෝජ්‍ය…
උදා වන උත්සව සමය තව තවත් කළඑළි කරමින්, සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කිරීම සඳහා මෙවරත් SampathCards, තම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනැමීමට සූදානම් වේ. ඒ අනුව එළැඹෙන දෙසැම්බරයේ උත්සව සමය සඳහා සම්පත් බැංකුව, 2025 නොවැම්බර් 20 දා සිට දෙසැම්බර් 31 දා තෙක් තෝරා ගත් වෙළඳසැල් වෙතින් 60% දක්වා සුවිශේෂී වට්ටම්…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුභසාධනය සඳහා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම තහවුරු කරමින් විශ්‍රාමිකයින් ඇගයීමට සහ ගෞරව කිරීමට විශේෂ වැඩසටහනක් බැංකුවේ පාරිභෝගික නිෂ්පාදන දෙපාර්තමේන්තුව සහ ගම්පහ ශාඛාව විසින් සංවිධානය කරන ලදී. විශ්‍රාමිකයන් 250 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ගම්පහ රෝයල් චාන්ස් පැලස් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සෞඛ්‍යය පරීක්ෂාවන්, ඉගෙනීමේ අවස්ථා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබා දෙන ලදී….
සංවර්ධන බැංකුකරණ ක්ෂේත්රය තුළ වසර 28 කට අධික අත්දැකීම් සමුදායක් සහිත SDB බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුව තුළ ද සිය තිරසාර මූල්‍ය කාර්යසාධනය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වී ඇත. මෙය බැංකුවේ අරමුණු කේන්ද්‍රීය බැංකුකරණය කෙරෙහි දක්වන අඛණ්ඩ අවධානය මනාව පිළිබිඹු කරයි. නිරන්තරයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරයක වුව ද සිය ඔරොත්තු දීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කරමින්,…
Top News
ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ වි.ගැ.හි මිලියන 150.5ක් හෙවත් ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපර්ජෝජියෝ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත්…
පසුගියදා මුලු දිවයිනටම බලපෑ අයහපත් කාලතුණික තත්වය හමුවේ විපතට පත් වූ ජනතාව සඳහා කඩිනම් සහන සලසමින් ඔවුන් යථා තත්වයට පත් කිරීම සඳහා මෙරට ඇඟළුම් ක්ෂේත්රය මනා සම්බන්ධීකරණයක් තුළින් සිය දායකත්වය දැක්වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනය කර සිටී. ජලගැලීම් සහ නාය යෑම් ඇතුළුව සියලු ප්‍රවේශ මාර්ග බිඳවැටුණු බව වාර්තා වූ දිස්ත්‍රික්කයන්හි සේවය කල තම…
කොළඹ කොටස් වෙළෙඳපොළේ 2025 වර්ෂය තුළ මේ දක්වා ගනුදෙනු සතියක් තුළ වාර්තා වූ වැඩිම කඩා වැටීම මෙම සතිය තුළ දී වාර්තා වී තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස ඒකක 1,215.74ක පහළ යාමක් මෙම සතිය තුළ දී වාර්තා වී ඇත. එනම් පසුගිය සතියට සාපේක්ෂව 5.35%ක පහළ යාමක් මෙම සතියේ දී කොටස් වෙළෙඳපාළෙන් වාර්තා වේ. පසුගිය නොවැම්බර් 28…
මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් මුදල් නෝට්ටු තෙත්වී හෝ හානියට ලක් වී ඇත. එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබා දෙයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 329.51ක පහළ යාමක් වාර්තා කළේය. එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.51% ක පසුබැස්මක් වන අතර දිනයේ දී ගනුදෙනු අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,467.08ක් ලෙසින් සටහන්ව තිබුණි. S&P SL20 දර්ශකය අද දින ඒකක 105.03කින් පහළ ගිය අතර එහි අගය ගනුදෙනු…
කර්මාන්ත ක්ෂේත්රයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ආපදා තත්ත්වය හේතුවෙන් කර්මාන්තවලට සිදුව ඇති හානිය පිළිබඳ සංඛ්‍යා දත්ත මෙහිදී නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර කර්මාන්ත ක්ෂේත්රය යළි නගා සිටුවීම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවෙකු වන වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම (WealthTrust Securities Limited – WTS), පසුගියදා පැවැත්වූ සිය මාධ්‍ය හමුව සහ ආයෝජක සමුළුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, සිය මූලික මහජන කොටස් නිකුත් කිරීමේ (IPO) ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත. මාධ්‍යවේදීන්, ආයෝජන විශ්ලේෂකයින් සහ වෙළෙඳපොළ කටයුතුවලට සහභාගීවන්නන්ගේ දැඩි උනන්දුව දිනා ගත්…
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී HUTCH සමාගම විසින් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ව්‍යාපෘති අධ්යක්ෂ – හචිසන් ආසියා ටෙලිකොම් හොංකොං/හච්හි අධ්යක්ෂ ඈන් චෙන් සහ හච්හි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි සෞමිත්ර ගුප්තා යන මහත්ම…
Analysis
මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්රය විදෙස් ආයෝජන, ආචාර ධර්මීය නිෂ්පාදන පිළිවෙත් සහ බාධක හමුවේ නොසැලෙමින් අපනයනය පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රශස්තම සාර්ථකත්වයේ කථාවය. එහෙත් දිස්නය විහිදෙන මේ කථාවට පිටිපසින් මීට වඩා හාත්පසින් වෙනස්ම කථාවක් ඇත. එනම් අතිශය තරගකාරී වෙළෙඳපොළ තත්ත්වය, ඉහළ නැගෙමින් පවතින පිරිවැය, දැඩි නියාමන රිතී, සහ මූල්‍ය ප්රවාහයට පිවිසීම සඳහා වන බාධක හමුවේ තවදුරටත් ඇඟලුම්…
2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 කි. එය 2024 වසරේ එම කාලයට වඩා…
Research Intelligence Unit (RIUNIT) විසින් 2025 තුන්වන කාර්තුව දක්වා නිකුත් කළ නවතම දේපළ වෙළඳපොල දත්ත විශ්ලේෂණයෙන් හෙළිදරව් වන්නේ කොළඹ 05 ප්‍රදේශය සමස්ත කොළඹ නගරයේම දේපළ වෙළඳපොලේ විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය දක්වන කලාපය බවයි. මෙම විශ්ලේෂණයේ වඩාත්ම සැලකිය යුතු සොයාගැනීම වන්නේ එක්සත් ජනපද ඩොලර් වලින් මනිනු ලබන කොළඹ මහල් නිවාස වෙළඳපොල මිල ගණන්වල ශක්තිමත් යථා තත්ත්වයයි. රුපියල්වලින් ගණනය…
Biz 24x7
Video story