Lead Story
1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) වන රේගු ආඥා පනතේ 10 (අ) වගන්තිය යටතේ පනවන ලද 2026 ජනවාරි මස 31 දිනැති අංක 2473/31 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත නියමය, 2026 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධනය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක…
Featured
ටොයොටා ලංකා සමාගම 2019 වසරේ වත්තල ශාඛාවෙන් ආරම්භ කළ ‘Toyota SURE’ සංකල්පය, දැන් රත්මලාන ප්‍රදේශයට ද ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව රත්මලානේ පිහිටි සිය දෙවන නවතම ප්‍රදර්ශනාගාරය දැන් පාරිභෝගිකයින් සඳහා විවෘත වී ඇත. දැඩි පරීක්ෂාවකට ලක් කර පූර්ණ ලෙස සහතික කරන ලද ජපානයේ දේශීය (JDM) ටොයොටා රථවාහන, පාරිභෝගිකයාට උපරිම විශ්වාසයකින් යුතුව මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව…
ලොව පිළිගත් ටයිම්ස් හයර් එඩියුකේෂන් (THE) 2026 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇගයීමට ලක්ව ඇත. මෙම පිළිගැනීම SLIIT ආයතනයේ ශාස්ත්‍රීය කීර්තිනාමය සහ ආයතනික කාර්යසාධනය ජාත්‍යන්තර තලයේ ශක්තිමත් වී ඇති බව මැනවින් පිළිඹිබු කරයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා…
2026 වසරේ කාන්තා දිනයට සමඟාමීව Spa Ceylon විසින් “Her Business Matters” නමින් කරන මේ වැඩසටහන් මාලාවේ කාන්තා ව්‍යාපාරයන්ට සහයෝගයක් ලබාදීමේ අරමුණින් මාර්තු මාසය පුරාවටම මෙය දියත් කරනු ලබනවා. අපේ රටේ කාන්තාවන් විසින් ශක්තිමත් ආර්ථිකයක්, සමාජයක් සහ පවුලක් ගොඩනැඟීමට දායක වෙනවා යන අදහස මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මාර්තු මාසය…
අද වන විට වේගවත් ව්‍යාප්තියක් ප්‍රදර්ශනය කරමින් සිටින පුනර්ජනනීය බලශක්තිය, පද්ධති ඒකාබද්ධ කිරීම දක්වා සිය හැකියාවන් යොදා ගනිමින් සිටියි. එහිදී විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය, පිරිවැය කාර්යක්ෂමතාව විශාල පරිමාණයේ සම්බන්ධීකරණය වැනි අභියෝග රැසකට මුහුණ දීමට ඊට සිදුව තිබේ. ඊට විසඳුම් ලෙස සූර්ය බලය, සුලං බලය සහ බලශක්ති ගබඩා ක්රමයන් ප්‍රධාන බලශක්ති ප්‍රභවයන් ලෙස පෙන්වා දෙමින් Huawei…
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම…
සියවස් ගණනාවක අතීතයකට හිමිකම් කියන චීන සම්ප්රදාය අගයමින් චීන සංස්කෘතිය හා අභිමානය පෙරටු කොටගත් නව චන්ද්‍ර වර්ෂය සැමරීමේ සුවිශේෂී උත්සවයක් පසුගියදා City of Dreams Sri Lanka හිදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු චීන ජාතිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියේ චීනයේ සංස්කෘතික වටිනාකම් බෙදාහදා ගැනීමේ අසමසම අත්දැකීම භුක්ති විඳීම වෙනුවෙනි. රතු හා රන්වන්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පවත්වයි. මාර්තු 6 වන දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී විය. එහිදී HNB හි කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත…
Havelock City Mall වෙතින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, කාන්තාවන් සඳහාම පමණක් වෙන්වූ විශේෂ සිනමා දර්ශනයක් පවත්වන ලදී. මෙරට සිනමා ක්ෂේත්රයේ කාන්තාවන් සඳහාම වෙන්වූ මෙවැනි සුවිශේෂී මූලාරම්භයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, එමගින් ජාත්‍යන්තර කාන්තා දිනයේ සැබෑ අරුත සහ කාන්තා අභිමානය මනාව තහවුරු කෙරිණි. Havelock City Mall හි පිහිටි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්වුණු…
ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගමනාගමන ක්ෂේත්රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෝටර් රථ, තිරෝද රථ සහ යතුරු පැදි යන සියලුම වාහන එකම ස්ථානයකදී ආරෝපණය කළ හැකි දිවයිනේ ප්‍රථම පරිපූර්ණ විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානය වන ‘Synogen Evo’, 2026 පෙබරවාරි 25වන දින විවෘත කරන ලදී. කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි මෙම ආරෝපණ මධ්‍යස්ථානය, ඕනෑම කෙනෙකුට පහසුවෙන් ළඟාවිය හැකි…
සියලු ගනුදෙනුකරුවන්ට පහසු හා අති නවීන බැංකු සේවා ලබාදීමට කැපවී සිටින කොමර්ෂල් බැංකුව, නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කළුවන්චිකුඩි නගරයේ සිය නවතම ශාඛාව විවෘත කර ඇත. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්රභාගර් මහතා සහභාගී වූ අතර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය…
Top News
2026 මාර්තු මාසයේ දී දෙවැනි සතියට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (13) දින නිමාවට පත් වූයේ ආයෝජකයින් හට දැඩි පීඩනයක් ඇතිකරමිනි. ඒ පූර්ව සතිය හා සැසඳීමේ දී 4.44%ක පහළ යාමක් මෙම සතිය තුළ දී වාර්තා වූ හෙයිනි. පසුගිය මාර්තු 06 සිකුරාදා දින කොටස් වෙළෙඳපොළ නිමාවේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,701.91ක් ලෙසින් වාර්තා…
බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදු වන තෙල් මිල ඉහළ යාම, නාවික සැපයුම්වල බාධා ඇති වීම සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට ඇති…
ගෝලීය සංචාරක කර්මාන්තය තුළ වර්තමානය වන විට ස්කූබා කිමිදීම (scuba diving), ස්නෝකලිං (snorkeling), මුහුද දිය මත පාවීම සහ සමුද්‍ර ජීවී අත්දැකීම් වැනි ක්‍රියාකාරකම් ඇතුළත් සමුද්‍රීය සංචාරක වැඩසටහන් සඳහා වැඩි ආකාර්ෂණයක් හිමිව ඇත. එමඟින් සංචාරකයන් හට ස්වභාවික මුහුදේ ඇති සුන්දරත්වය, දිය යට ඇති පාරිසරික සුන්දරත්වය, ගිළුණු ඓතිහාසික නැව් ගවේශනය කිරීම ආදී අවස්ථාවන් හිමිකර දෙන අතර, මෙ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සංවර්ධකයා වන John Keells Properties වෙතින් කොළඹ නගර මධ්‍යයේ මහල් 60කින් සමන්විත සුවිශේෂී නිවාස සංකීර්ණයක් වන ‘Vauxhall DSTRCT’ සිය නවතම නේවාසික ව්‍යාපෘතිය ලෙස එළිදක්වා තිබේ. සමාරම්භක දිනයේදී ම නිවාස 100කට අධික සංඛ්‍යාවක් අලෙවි වූ මෙම ව්‍යාපෘතිය, කොළඹ නගර මධ්‍යයේ පදිංචි වීමට ඇති ඉහළ ඉල්ලුම සහ ගැනුම්කරුවන්ගේ විශ්වාසය මැනවින් පෙන්වා දෙයි….
මහනුවර පිහිටි Cinnamon Citadel හෝටලයේ හිමිකාරීත්වය දරනු ලබන සමාගම වන Kandy Walk Inn Limited හි කොටස් අයිතිය විකුණා දැමීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමක් වන ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී විසින් තීරණය කර තිබේ. මේ වෙනුවෙන් අදාළ ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය වන Lavendish Leisure සමඟ බන්ධිත ගිවිසුමකට එළඹීමට ජෝන් කීල්ස් හොටේල්ස් විසින් කටයුතු කර ඇත. Lavendish…
ඇප නැතිව ණය ලබා ගන්නා ක්‍රමවේදය සහ රටේ ආර්ථිකය රැකගන්නා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් රැකගැනීම වෙනුවෙන් රජයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මාද්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ
ශ්‍රී ලංකන් ගුවන් සේවය 2026 අගෝස්තු 02 දින සිට කොළඹ සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය අතර සතියකට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර ගණන 10 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. ඉහළ යන ඉල්ලුම සහ වෙනස් වන වෙළඳපොළ තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙලෙස සතිපතා අමතර ගුවන් ගමන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. මෑතක සිට…
දිනෙන් දින උත්සන්න වන මැදපෙරදිග අර්බුදය හමුවේ මේ වන විට ගෝලීය ආර්ථිකය බරපතළ අවදානමකට ගොදුරුව ඇත. එහි හරස්කඩක් බඳු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ද නිරන්තරයෙන් ඊට ප්‍රතිචාර දක්වමින් දිනපතා විශාල උච්ඡාවචනයක් ප්‍රදර්ශනය කරමින් සිටී. අද (12) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 363.43ක පහළ යාමක් වාර්තා කර තිබෙන අතර නැවත වතාවක් ඒ අනුව…
Analysis
2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ, දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත. මෙම ප්රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන්…
2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්රයේ නව පිබිදීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන සහ මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන පිළිබඳ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව…
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත. මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…
Biz 24x7
Video story