Lead Story
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපතිවරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 23කට අධික විශිෂ්ඨ සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ආචාර්ය ජයවර්ධන මහතා, රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ රජයේ…
Featured
ශ්‍රී ලංකාවේ වේගයෙන් පරිභෝජනය වන භාණ්ඩ (FMCG) ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමාගම සිය Elephant House Wonder සහ IMORICH යන සන්නාම යටතේ නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. උසස් Extusion තාක්ෂණය භාවිතයෙන් නිපදවන මෙම නිෂ්පාදන, දේශීය අයිස්ක්‍රීම් වෙළඳපොළේ ගුණාත්මකභාවය සහ විවිධත්වය සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් ඇති කිරීමට සමත් වී ඇත. අවිස්සාවේල්ලේ පිහිටි CCS…
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් අනාගතය තවදුරටත් හැඩගස්වමින්, MyDialog App හරහා භාවිත කළ හැකි ‘ගනුදෙනු QR’ සේවාව හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදුන් මෙම නවතම QR මුදල් ගෙවීම් සේවාව හරහා Dialog Finance සහ eZ Cash ගිණුම් මගින්, ක්ෂණිකව තවත් ඕනෑම ගිණුමකට මුදල් යැවීමේ හා ගෙන්වා ගැනීමේ…
ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධ Altair ගොඩනැගිල්ලෙහි හි නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් Kia සන්නාමය එහි අඛණ්ඩ ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවයන් හි සැලකිය යුතු පියවරක් ඉදිරියට තබා ඇත. 2026 අප්‍රේල් 7 වන දින මාධ්‍ය වෙත එළිදක්වන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය Altair ගොඩනැගිල්ලෙහි Retail 3 කොටස තුළ වර්ග අඩි 2,700 ක පමණ අවකාශයක් පුරා ව්‍යාප්තව ඇත. උපරිම…
බාර්සිලෝනාහි පැවැති 2026 MWC (Mobile World Congress) ප්‍රදර්ශනයේදී, Huawei සමාගම සිය නවතම U6GHz නිෂ්පාදන සහ විසඳුම් පෙළ එළිදක්වන ලදී. මෙය නිර්මාණය කර ඇත්තේ 5G-A තාක්ෂණයේ උපරිම හැකියාවන් ලබා ගැනීමට සහ අනාගතයේදී 6G තාක්ෂණය වෙත පහසුවෙන් මාරුවීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙමගින් Mobile AI යුගයට අවශ්‍ය ඉහළ දත්ත ධාරිතාව, ඉතා අවම දෘශ්‍යතා සහ උසස්…
Uber Eats සිය සේවා ජාලය නුවරඑළිය දක්වා ව්‍යාප්ත කිරීමත් සමඟ, ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයන්ට ද තමන් කැමති ආහාර වර්ග නිවසටම හෝ සිය නවාතැනටම ගෙන්වා ගැනීමේ පහසුව උදා වී ඇත. ඒ අනුව, සීතල සන්ධ්‍යාවක රසවත් කොත්තුවක්, බත් සහ වෑංජන වේලක් හෝ බිත්තර ආප්ප වැනි දේශීය ආහාරවල රස විඳීමට අවස්ථාව සැලසේ. සීතල දේශගුණය, ඓතිහාසික සුන්දරත්වය සහ මනරම් තේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE සිය ශ්‍රම බලකාය තුළ කාන්තාවන් දක්වන සුවිශාල දායකත්වය අගයමින් සහ ඔවුන් සවිබල ගන්වමින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. මෙම සැමරුම හරහා සිය කාන්තා කාර්ය මණ්ඩලය තවදුරටත් දිරිමත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙම උත්සවය නාවල පිහිටි HNB Finance ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු…
ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද 2026 හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය සහ තවත් කීර්තිමත් සම්මාන හතරක් දිනා ගනිමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් දිවයිනේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම ලෙස සම්මාන දිනා ඇත. සම්මාන උළෙලේදී ඉහළම සමාගම් හතළිහ ලැයිස්තුවට සියැට් කැලණි ඇතුළත් වූ…
HUTCH සමාගම වසරේ විශිෂ්ටයින් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ ‘Pinnacle Awards’ සම්මාන උළෙල, සිය ආයතනික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සාම්ප්‍රදායික දෙපාර්තමේන්තුමය සීමාවන් සහ තනි පුද්ගල ඇගයීම්වලින් ඔබ්බට යමින්, ආයතනයේ විවිධ අංශ අතර පවතින අන්තර්-ක්‍රියාකාරී සාමූහිකත්වය අගය කිරීම මෙම උළෙලේ මූලික අරමුණ විය. Monarch Imperial පරිශ්‍රයේ පැවති මෙම උත්කර්ෂවත් සැමරුම සඳහා ආයතනික නායකත්වය සහ සමස්ත…
ශ්‍රී ලංකා ජනතාවගෙන් අඛණ්ඩව ලැබෙන ජනාදරය, විශ්වාසය හා නොසැලෙන සහයෝගය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී සිව්වන වසරටත් ‘මහජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ ලෙස ගෞරවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය පෞද්ගලික අංශයේ බැංකුව ලෙස සම්මාන ලැබීය. ප්‍රමුඛ පෙළේ ගෝලීය සමීක්ෂණ ආයතනයක් වන කැන්ටාර් හි ස්වාධීන පර්යේෂණයක් මත පදනම්ව ශ්‍රී…
උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී දරුවන්ට තෑගි පිරිනැමීමේ සම්ප්‍රදායයට නැවුම් මුහුණුවරක් එක් කරමින් Atlas Axillia පුද්. සමාගම විසින් විශේෂයෙන් සකස් කරන ලද සීමිත ‘අලුත් අවුරුදු තෑගි කට්ටල රැසක්’ හඳුන්වා දී තිබේ. උත්සව සමයට සමගාමීව එළිදැක්වූ මෙම අලුත් අවුරුදු තෑගි කට්ටල, වැඩ ඇල්ලීමේ නැකත් චාරිත්‍රය අර්ථාන්විතව සිදු කිරීමටත්, අවුරුදු තෑගි පිරිනැමීම සඳහාත් වඩාත්…
Top News
ආරක්ෂාව සහ ගෝලීය භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් ලංකා පේ /JCB කාඩ්පත් යෝජනා ක්රමයේ විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු සඳහා 3D Secure (3DS) තාක්ෂණය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත් වෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් ගෙවීම් කලාවේ තම නායකත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් ලංකා පේ /JCB කාඩ්පත පූර්ණ වශයෙන් බලගැන්වුනු විද්‍යුත් වාණිජ්‍ය මෙවලමක් බවට…
සිය පාරිභෝගිකයන්ගෙන් ඉලක්ක කර ගනිමින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බරපතල වංචනික ක්‍රියාවන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ සහ සෘජු දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත….
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2026 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 7,019ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 7,270ක සංචිත වත්කම් හා සැසඳීමේ දී 3.5%ක පහළ යාමකි. 2026 පෙබරවාරි මාසයේ දී මහ බැංකු සංචිතය ඩොලර් බිලියන 7 සීමාව ඉක්වා ගොස්…
ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ව්‍යූහය තුළ ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් සඳහා මධ්‍යගත හා විනිවිදභාවයකින් යුත් වෙළෙඳපොළක් නොමැති වීම හේතුවෙන් විසිරුණු සහ අකාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නිර්මාණය වී ඇත. එමෙන්ම, රාජ්‍ය ආයතන බොහෝවිට තාක්ෂණික විසඳුම් තනි තනිව ප්‍රසම්පාදනය කිරීම හේතුවෙන් ද විවිධාකාරයේ ගැටලු උද්ගත වී තිබේ. එයට පිළියමක් වශයෙන්, 2025-10-21 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පසහසුකම් වැඩසටහනේ පස්වන සහ හයවන වාරික ලෙස එකවර ඩොලර් මිලියන 700ක මුදලක් එළඹෙන මැයි මාසය අග වන විට ලබා ගැනීමට හැකියාව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මේ වන විට…
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන YOLO සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ඔවුන් සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. මෙම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ විශිෂ්ට නාගරික ආකර්ෂණයක් බවට පත්වීමට තිබෙන හැකියාව ආයෝජනය මණ්ඩලය විසින් හඳුනාගැනීම අනුව, YOLO ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මේ…
ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබිණ. මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන හා නිවාස සංගණනය වන අතර, ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට…
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී…
Analysis
මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ දී රු. බිලියන 29,994.69ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක් අනාවරණය කර සිටී. 2024 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 28,738.70ක් ලෙසින් සටහන් ව තිබුණු අතර, ඒ අනුව රු. බිලියන 1,255.99කින්…
2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 කි. එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින්…
2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. මේ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසර අවසානයේ…
Biz 24x7
Video story