Lead Story
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell මහත්මිය අද (29) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියාය. බලශක්ති අමාත්‍ය කාර්යාලයේදී සිදුවූ මෙම…
Featured
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා…
ශ්‍රී ලාංකික විලාසිතා ශිල්පීන්ගේ මීළඟ පරම්පරාව බල ගැන්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන Singer Fashion Academy, මෙරට විලාසිතා ක්ෂේත්රය ආශ්රිත නිර්මාණශීලීත්වය, ශිල්පීය හැකියාව සහ දක්ෂතා වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් සංවිධානය කළ ‘En Vogue 2026’ ප්‍රදර්ශනය පසු ගිය දා අති සාර්ථක ව පැවැත්විණි. දෙවන වරටත් පවත්වන ලද මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ විලාසිතා අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය…
සෙලින්කෝ ලයිෆ් හි නව උපදේශකවරයෙකු ලෙස ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා පත් කර ඇති අතර, එමගින් සමාගමේ හැකියාවන් වර්ධනය කිරීම, පුහුණු විශිෂ්ටත්වය, නිෂ්පාදන නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි ඇති උපායමාර්ගික අරමුණු තවදුරටත් ශක්තිමත් කර ඇත. සිය නව තනතුර යටතේ ආචාර්ය සේනානායක මහතා මූලික වශයෙන් සෙලින්කෝ ලයිෆ් හි පුහුණු කටයුතු අධීක්ෂණය සමඟ පුහුණු කණ්ඩායම…
සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වී…
ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හි වසරේ විශිෂ්ටතම උත්සවය වන Star Awards 2025 උළෙල පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. “Rise of the Legends” මෙම වසරේ තේමාව විය. “Rise of the Legends” තේමාව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හිි අලෙවි බලකායේ කැපී පෙනෙන දස්කම් සංකේතවත්…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්රය වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණය කරා යොමු කරවන නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් ඔමෝඩා සහ ජේකූ OJ (OMODA & JAECOO) රථ වාහන 2026 ජනවාරි මස 27 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් මෙරටට හඳුන්වා දෙන ලදී. මෙම සන්නාමයේ…
1904 දී ස්ථාපනය කල අටාලේ වතුයාය අද වන විට ෙඒතිහාසික හා භූගෝලීය වැදගත්කමක් උසුලයි. මෙම වතුයාය ආරම්භයේදී මෙසර්ස් සමූහයට අයත් වතුයායක් ව පැවති අතර මෙහි හිමිකාරීත්වය පැවති කාසන්ස් ඇන්ඩ් කම්බර්බැච් සහ සමාගමට අයත් සෙන්ට්‍රල් සිලෝන් රබර් ඒස්ටේට් සමාගම අක්කර 43,000කට අධික වැවිලි ත්ෂේත්රයක් කළමනාකරණය කරන ලදි. කාලය ගත වීමත් සමග ඉට යාබද ව පිහිටි වතුයායන්…
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 22 වන මහ සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර එහිදී සංසදයේ අභිනව සභපතිවරයා ලෙස ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. ඔහුගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්රය නව මානයක් ඔස්සේ ඉදිරියට යනු ඇත. මීට ඉහතදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු සභාපතිවරයා වූ සයිෆුඩීන් ජැෆර්ජි මහතා ගෝලීය හා දේශීය වශයෙන්…
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් ආධාරයෙන් ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023-2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය…
ශ්‍රී ලංකාවට මෙන් ම ගෝලීයව ද තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දීර්ඝකාලීන කැපවීමකින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, මෙම වසරේදීි ‘ForwardTogether 2026’ වැඩසටහන සංවිධානය කරන ලදී. “තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීවයන් ගොඩනඟාගැනීම” යන තේමාව ගණුදෙණුකරුවන් සමඟ තිරසාරභාවය පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා…
Top News
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන පෙබරවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. ඊයේ (28) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති හමුවක දී ඒ මහතා මේ බව පවසා තිබේ. “අපගේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලබන මාසයේ කොළඹට පැමිණෙනවා. ශ්‍රී ලංකාවේ…
LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ කථන චලනයන් අනුකරණය කරමින්, AI තාක්ෂණය උපයෝගී කර සෑදූ ව්‍යාජ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පැවතීම සම්බන්ධයෙන් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ. මූල්‍ය ආයෝජන සඳහා ආරාධනා කිරීමක් සිදුකෙරෙන මෙම ව්‍යාජ වීඩියෝවල අන්තර්ගතයන් සත්‍ය ඒවා නොවන බව LOLC සමූහය අවධාරණය කර…
සංචාරක ආර්ථික කාන්දුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික සංවාදය අද ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ; ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සහ සාකච්ඡාව තත්ත්ව විනිශ්චය කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සිය ප්‍රමුඛතම සංඛ්‍යාලේඛන ප්රකාශනය වන “අපනයන කාර්ය සාධන දර්ශක 2024” (Export Performance Indicators 2024) වාර්තාව පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි. මෙම ප්රකාශනයේ 38 වන වෙළුම වන මෙය, අපනයනකරුවන්, පර්යේෂකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් විශ්වාසදායක මූලාශ්‍රයක් ලෙස භාවිත කරනු ලබයි. මෙම වාර්තාව මගින් 2024 වසර සහ ඊට පෙර වසර…
අද (29) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල ඉතිහාසයේ ප්‍රථමවරට 420,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ ඊයේ දිනයට සාපේක්ෂව රු. 15,000ක මිල ඉහළ යාමක් සමගයි. මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 386,400 ක් ලෙසින් ද නියම වී ඇත. ලෝක වෙළෙඳපොළේ රත්‍රං…
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) පස්වන සමාලෝචනය අත්හිටුවීමක් කර නොමැති බවත්, දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ බලපෑමෙන් පසු මෙරට ආර්ථිකය නැවත තක්සේරු කිරීමට ඉඩ සැලසීම සඳහා එය කල් දැමීමක් පමණක් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතා දිට්වා…
ශ්‍රී ලාංකික ලොජිස්ටිස්ක් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රථම බහු-පාරිභෝගික ලොජිස්ටික්ස් මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. යාපනය ප්‍රදේශයේ ස්ථාපිත මෙම නවීන පහසුකම් සහිත ගබඩා සංකීර්ණය උතුරු පළාතේ ආර්ථික තත්ත්වය සවිබල ගැන්වීම වෙනුවෙන් පෞද්ගලික අංශය විසින් සිදු කරන ලද සුවිශේෂී ආයෝජනයක් වේ….
යම් රටක සංචාරයකින් පසු හඳුනා ගන්නා ලද මූලික සොයා ගැනීම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම දූත මෙහෙය අවසානයේ නිකුත් කරන මාධ්‍ය නිවේදනයන්හි ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහස් වන අතර, එමගින් ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන්ම නියෝජනය නොවේ. මෙම දූත මෙහෙය ජා.මූ. අරමුදලේ…
Analysis
LankaPropertyWeb (LPW) විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික ඉඩම් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හී තදාසන්න නගරවල ඉඩම් මිල ශක්තිමත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ. එහි දැක්වෙන පරිදි කොළඹ 1-15 නගර සීමාව තුළ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල (Average land prices per perch) රු. මිලියන 12ක් දක්වා 4%ක…
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2025 තෙවන කාර්තුවේ දී 49.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර සිටී. මෙම ප්‍රමාණයෙන් 68.6%ක් පිරිමි පුද්ගලයින් වන අතර 33.9% ක් කාන්තාවන් වේ. 2024 තෙවන කාර්තුව වන විට 46.9% ක් ලෙසින් දැක්වුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය මෙලෙස මාස…
අසේල වෛද්‍යලංකාර දශක ගණනාවක් පුරා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්රයන්හි නව්‍යකරණයක් සමඟින් තාරුණ්‍යය වෙත ගෙන ඒමට STEM සමත්ව සිටියි. අද වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසකට මඟ පෙන්වන STEM නව සොයා ගැනීම් පිළිබඳව තාරුණ්‍යය දිරිමත් කරමින් ආර්ථික වර්ධනයේ සුවිශේෂී සාධකයක් වන දැනුම පදනම් කරගත් ලෝකයක තරඟ කිරීමේ අවස්ථාව ඔවුන් වෙත උදා…
Biz 24x7
Video story