Lead Story
අද (11) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.97ක පහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,351.55ක් ලෙසින් සටහන් විය. දිනය තුළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය භාගය තුළ දී ඒකක 22,500 ක් ඉක්මවා ඒකක 150කට ආසන්න අගයයකින් සියලු කොටස් මිල දර්ශකයේ ධන වර්ධනයක් දකිනු හැකි…
Featured
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පැවැති ගෘහ නිර්මාණ ශිල්ප ප්‍රදර්ශනයේදී, ලෝ ප්‍රකට Ozone සන්නාමයේ මෙවලම් බෙදාහැරීමේ බලයලත් සහකරු ලෙසින් කටයුතු කරන Foxygen සමාගම විසින් Ozone ගෘහ නිර්මාණ මෙවලම් ශ්‍රී ලංකාවට සාඩම්බරයෙන් හඳුන්වාදෙනු ලැබිණි. මෙම නවතම හඳුන්වාදීමත් සමග, ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්රයට අත්‍යවශ්‍ය වීදුරු නිෂ්පාදන, වීදුරු රේලිං පද්ධති, ස්වයංක්‍රීය දොරවල්, දොර අගුළු, ගෘහ භාණ්ඩ මෙවලම්, අල්මාරි…
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දුන්නේය. මාර්තු 10 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැති විශේෂ උත්සවයකදී ආසන හතකින් යුත් BYD SEALION 8, plug-in hybrid SUV…
2026 පිරිමි T20 ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා ලෙස කොකා-කෝලා සමාගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව පුරා ප්රතිචක්රීයකරණය සහ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කළේය. මෙම වැඩසටහන කොකා-කෝලා හි ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්රවලින් එකක් වන ඇසුරුම්කරණයට සහාය වේ. සමාගම වඩාත් වගකීමෙන් ඇසුරුම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර ප්රතිචක්රීයකරණය සඳහා භාවිතා කළ…
පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය විසින් පලමු වරට පැවැත්වූ සුවසේවා නායකත්ව සමුළුව 2026 අති සාර්ථක අන්දමින් මාර්තු 9වන දින වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වින. මෙම සමුළුව සඳහා පුද්ගලික රෝහල් ක්ෂේත්රයේ නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, රක්ෂණ ආයතන, ආයෝජකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් සහභාගී වූ අතර ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ප්‍රමුඛතාවන් හඳුනාගනිමින් ඒවා සාකච්ඡාවට…
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සහ එහි ප්රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා විශේෂයෙන් වෙන්කරන ලද නව Altair ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කළේය. මෙය ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහනය කරා යන ගමනේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. කොළඹ Altair සංකීර්ණයේ…
පාරිභෝගික කැමැත්ත මත තෝරාගත හැකි විවිධ වර්ණ රැසක එකතුවක් මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් නොමිලේ! හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) ආයතනයට අයත් හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility) ආයතනය, චීනයේ ප්රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Kaiyi Auto සමඟ නව හවුල්කාරීත්වයකට එළඹී ඇත. මෙම සහයෝගීතාවය හරහා හේලීස් මොබිලිටි ආයතනයේ නව බලශක්ති වාහන (NEV)…
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පන්ති කාමර ඉදිකිරීමේ දිගුකාලීන සමාජ සත්කාරක වැඩසටහන පුළුල් කරමින් අම්පාර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි සම්පත් ඌන පාසල් වෙනුවෙන් නව පන්ති කාමර ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම සඳහා අරමුදල් සපයා ඇත. සෙලින්කෝ ලයිෆ් හි මෙම වැඩසටහනින් දැනටමත් පන්ති ගොඩනැගිලි 89 ක් ඉදිකර තිබේ. අම්පාර උදයගිරි විද්‍යාලයේ සහ ගාල්ල ගල්ලන්දර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරෙන…
Techzone සමාගම පසුගියදා මහනුවර නගරයේ දී Lenovo විශේෂ ප්රදර්ශනාගාරයක් (Lenovo Exclusive Store) විවෘත කළේය. මේ මඟින් මධ්‍යම පළාතේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් වෙත AI තාක්ෂණයෙන් සවිබල ගැන් වූ ලැප්ටොප්, ඩෙස්ක්ටොප් සහ අනෙකුත් උපාංග රැසක් සමීප කරවීමට හැකි වී තිබේ. මෙම වෙළෙඳසල තුළ Lenovo සමාගමේ නවතම උපාංග රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර, AI මත පදනම් වූ කාර්ය…
ශ්‍රී ලංකාව පුරා වෙසෙන කාන්තාවන් සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් ඔවුන්ගේ දියුණුවට මග පෑදීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික ව්‍යාපාරයක් 2026 මාර්තු 08 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. “ශ්‍රී ලාංකේය තරුණ පරපුර කෙරෙහි බලපෑමක් ඇති කිරීමට සහ ඔවුන් දිරිමත් කිරීමට ශ්‍රී ලාංකේය කාන්තාව සතු ශක්තිය” යන තේමාව යටතේ පැවැත්වුණු ජාත්‍යන්තර කාන්තා දින වටමේස සමුළුවට…
1906 වසරේදී ‘Good Food Good Life’ තේමාව කරගනිමින් වෙළෙඳ සමාගමක් ලෙස ඇරඹි නෙස්ලේ ලංකා සමාගම මේ වසරේ එහි 120 වැනි වසර සමරනු ලබයි. දේශීයව අලෙවි කරන සිය නිෂ්පාදනයන්ගෙන් 90%ක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරන නෙස්ලේ ලංකා සමාගම වත්මන් සහ අනාගත ශ්‍රී ලාංකේය පරපුර පෝෂණය කරමින් සියලු දෙනාගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරමින් සිටින්නේ ගුණාත්මක…
Top News
සංචාරක සංවර්ධන වැඩසටහන 2026-2028 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සහ යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබ්නට් අනුමැතිය හිමි වී තිබේ. තිරසර සංචාරක කර්මාන්තයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක විභවතාව පවතින ගමනාන්ත හඳුනා ගෙන ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කරමින් පළාත් 09ම ආවරණය වන…
කුළුබඩු හෙවත් අපනයන කෘෂිබෝග ඉලක්ක කරගනිමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන පොකුරු ගම්මාන වැඩසටහනේ සමාරම්භය ඊයේ (10) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී ආරම්භ කෙරිණි. අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහනට සමගාමීව පොකුරු ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙහිදී අපනයන කෘෂිබෝග විදේශ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් සැකසීම හා එහි ගුණාත්මක…
වසර 50කට පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිකෙරෙන පළමු ප්‍රධාන නව තෙල් පිරිපහදුව ඉදිකිරීමට සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය Truth සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි ආයෝජන මත පදනම්ව මෙම පිරිපහදුව ස්ථාපිත කෙරෙනු ඇති බවයි. ඉන්දියාවේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමඟ සිදුකරන…
නව ශාඛාවක් විවෘත කරමින් කොළඹ කොටස් හුවමාරුව කෑගල්ල ප්‍රදේශයට ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා උදා කරයි කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාලය තවත් ශක්තිමත් කරමින් එහි කෑගල්ල ශාඛාව නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් හුවමාරුවේ අධ්යක්ෂ කෝසල ගමගේ සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන…
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත් කළ නිලධාරි කමිටුව ජනපති හමු වෙයි රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳව 2025.03.17 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්…
තනි තනිව නොව සාමුහිකව කටයුතු කරමින් මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝගය ජය ගනිමු විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් මේ යුගයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බවත් එම නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන ලෙස සියලු ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කරන…
බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති…
පසුගිය සඳුදා (09) දිනයේ දී ගෝලීය බොරතෙල් මිල මෑත කාලයේ වාර්තා වූ ඉහළම මිල සනිටුහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.60ක් දක්වා ඉහළ ගියේය. මෙලෙස බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබුණේ වසර 3 1/2ක පමණ කාලයකින් පසුව වීම විශේෂත්වයකි. මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොරතෙල් වර්ගය වන මර්බන්…
Analysis
2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ, දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත. මෙම ප්රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන්…
2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්රයේ නව පිබිදීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන සහ මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන පිළිබඳ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව…
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත. මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…
Biz 24x7
Video story