Lead Story
2025 මාර්තු මාසයේ තෙවන සතියට අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි නමුත් සතියේ ආරම්භක දිනයේ දීම ඒකක 200ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමක් දක්නට ලැබුණි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 211.14කින් පහළ ගොස් ඒකක 15,649.30 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 71.77 කින්…
Featured
මෙරට ව්‍යාපාරික ක‍්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, වෝටර්ස් එජ් හි පැවති ‘Retail Technology Trends 2025’ සඳහා සත්කාරකත්වය දරමින් සිය වෙළඳපොළ නායකත්වය යළිත් වරක් සනිටුහන් කළේ ය. එම උත්සවය සඳහා හෝටල් හා අවන්හල් ක‍්ෂේත්‍රයේ මෙන්ම ඇඳුම් වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ පොත් සාප්පු ඇතුළු ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයින් 150කට අධික සංඛ්‍යාවක් සහභාගී…
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH විසින් ‘Level-Up’ නමින් නවතම සැලසුම් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Level-Up’ යනු හුදෙක් ජංගම දුරකථන සම්බන්ධතා සැලසුම් එකතුවක් පමණක් නොව, වර්තමාන අධිවේගී ඩිජිටල් ජීවන රටාවන් තුළ තම හැකියාවන් හා සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික දියුණුව ළඟා කරගැනීමට උපකාරී වන විශේෂ කතා කාලයක් සහ Data සැලසුම් එකතුවකි. HUTCH ‘Level-Up’…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, “ අනාගතය පැහැදිලිව දකින්න” යන තේමාවට යටතේ 2025 ලෝක ග්ලෝකෝමා සතිය සනිටුහන් කරමින් ග්ලෝකෝමා රෝගයේ අවධානම සහ නිරන්තරයෙන් තම ඇස් පරීක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරයි. “ලෝක ග්ලෝකෝමා සතිය” යනු ලෝක ග්ලෝකෝමා සංවිධානය විසින් ග්ලෝකෝමා රෝගයේ අවධානම පිළිබඳව ජනතාව…
#ActForWIN Campaign එකෙන් සතියක් ඇතුළත රුපියල් මිලියන 7කට වැඩි මුදලක් එකතු වෙලා! ලොව පුරා කීර්තිමත් නාමයක් දිනාගත්, අපේ රටෙන් ලෝකයටම ගිය Luxury Ayurveda Brand එකක් වන Spa Ceylon, #ActForWIN නමින් පටන් ගත් Campaign එක හරහා, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම අරමුණු කරගෙන, Women In Need (WIN) සංවිධානය සඳහා අත්‍යවශ්‍ය අරමුදල් රැස්…
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, වරලත් මූල්‍ය විශ්ලේෂකයින් (CFA) වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වීම සඳහා අධ්‍යාපන ණයක් හඳුන්වා දී ඇත. මෙම පියවර අනාගත මූල්‍ය වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කරයි….
Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයෙකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට Dearo Investment ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව, ප්‍රධාන…
මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන Royal Asset Holdings පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය සේවා සපයන්නා ලෙසද People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන සමාගම ලෙසද සම්මාන ලැබුවේය. 2021දී ආරම්භ වූ Royal Asset Holdings සමාගම පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා රැසක් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා සපයන්නෙකු…
Finagle Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී බේකරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස (මහා පරිමාණ – ආහාර පාන කර්මාන්තය) ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානය සහ විශිෂ්ටම ආයතනික පර්යේෂණ හා සංවර්ධන ඒකකය සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ඒ තුළින්…
ශ්‍රි ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ටොයොටා ලංකා (පෞද්ගලික) සමාගම විසින් ටොයොටා ජෙනුයින් මොටර් ඔයිල්, ටොයොටා ජෙනුයින් අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani ටයර් මෙරට තුළ බෙදා හැරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන සිය අලෙවි නියෝජිතයින් අගයමින් 17 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව Cinnamon Life at City of Dreams, Colombo හිදී පසුගියදා අති…
තිරසරභාවය සම්බන්ධ තොරතුරු පාර්ශවකරුවන්හට පුළුල් ලෙස හෙළිදරව් කිරීමේ දක්ෂතාව අගයමින් කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් ඉදිරිපත් කළ 2025 තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගත්තේය. මෙම සම්මාන උළෙලේ දී බැංකුව සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූයේ පසුගිය වසරේ දී…
Top News
ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital Holdings PLC සමූහය, 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන්වූ මාස නවයක කාලය සඳහා රුපියල් බිලියන 4.53ක මුළු විස්තීර්ණ ආදායමක් වාර්තා කරමින් සිය තිරසාර වර්ධනය ඇති කිරීමට ඇති හැකියාව පෙන්නුම් කිරීමට සමත් විය. පසුගිය වසරේ දී පොලී අනුපාත පහත වැටීම සහ දේශීය ණය ප්‍රශස්තකරණයෙන් පසු First Capital සමූහය…
ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ඇඟලුම් හා රෙදිපිළි ප්‍රදර්ශන මාලාවක් වන CEMS-Global USA හි ශ්‍රී ලංකාව තුල පවත්වනු ලබන 14 වැනි අදියර පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සුවිශේෂී ප්‍රදර්ශනය මාර්තු 13 – 15 දක්වා කොළඹ 10 ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CEMS-Global USA හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී…
– නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීමට, ඒකාබද්ධ කිරීම හා සංවර්ධනයට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි. ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය….
2025 ජනවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සටහන ප්‍රකාශයට පත්කරනු ලබයි. අදාළ සටහනට අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල 2025 ජනවාරි මාසයේ දී රු. 16,334 ක් ලෙසින් දක්වා ඇත. එය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ එක්සත් රාජධානියේ SheTrades Commonwealth+ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන SheTrades Sri Lanka Hub නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය අද (14 දා) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ විය. මෙම SheTrades Sri Lanka Hub වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට අවශ්‍ය නිපුණතා වලින් සන්නද්ධ කිරීම සඳහා…
Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම Tata මගී…
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, ප්‍රමුඛ ලැයිස්තුගත සමාගම්වල නියෝජිතයින් සහ කොටස් තැරැව්කාර සමාගම්…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය පරිගණක නිෂ්පාදකයා වන EWIS Colombo සමාගම, ප්‍රථමවරට දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත සාර්ථකව අපනයනය කර ඇත. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන මෙමගින්, තොරතුරු තාක්ෂණ දෘඩාංග නිෂ්පාදනයේ නැගී එන බලවේගයක්…
Analysis
Al… මේ වනවිට අප සිටින ලෝකයේ Al තාක්ෂණයන්, සහ මිනිසුන්ට තම කටයුතු ඵලදායී ලෙස ඉෂ්ට කර ගැනීමට Al තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ කතිකාව, යම් මට්ටමකට පැමිණ තිබේ. තවදුරටත්, Al තාක්ෂණයන් මිනිසුන්ගේ ජීවිතවලට, රැකියාවන්ට බලපාන ප්‍රමාණය පිළිබඳව බිය දනවන වැරදි වැටහීම් දක්නට නොලැබේ. ස්මාට්ෆෝනයක ඇති සරල යෙදුම් තුළට පවා Al තාක්ෂණය මේ වන විට අනුහුරු වී තිබේ….
ආයෝජන ව්‍යාපෘති ලංකාවෙන් පිටවීම හේතුවෙන් ඇතිවන සංවර්ධන ගැටළු කිෂෝර් රෙඩ්ඩි විසිනි වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සැලකිය යුතු පසුබෑමකට මුහුණ පෑමට සිදු වූ හේතුවක් වූයේ ප්‍රධාන යටිතල පහසුකම් සහ ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමයි. ඊට දිය හැකි ආසන්නතම හා වඩාත් කණගාටුදායක උදාහරණය වන්නේ Adani Green විසින් සිදු කිරීමට නියමිතව තිබූ ඇමරිකානු…
2025 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 400.7ක සංචාරක ඉපැයීමක් වාර්තා කිරීමට හැකිව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. මෙය 2024 ජනවාරි මාසයේ දී වාර්තා වුණු ඩොලර් මිලියන 341.8ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.2% ක වර්ධනයකි. මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ 2025 පෙබරවාරි 1…
Biz 24x7
Video story