April, 21, 2025
ශ්‍රී ලාංකීය විලාසිතා කලාව යළි අරුත් ගැන්වීමේ ගමන් මගෙහි තවත් සන්ධිස්ථානයක් කරා එළඹෙමින්, Panthera Styles සිය නවතම ශාඛාව පසුගියදා කොළඹ 03 දී නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම අභිනව විලාසිතා මන්දිරය විවෘත කිරීම Panthera Styles හි නිර්මාතෘ වත්සලා අත්තනායක මහත්මිය සහ ඇගේ සැමියා චන්න ගුණවර්ධන මහතා විසින් සිදුකෙරිණි. එම විශේෂ උත්සව අවස්ථාව, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ මෙන්ම සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිත ඇතුළුව විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
අංක 4B, බගතලේ පාර, කොළඹ 3 යන ලිපිනයේ, පහසුවෙන් ම ළඟාවිය හැකි පරිදි පිහිටා ඇති මෙම නවතම ඇඟළුම් ප්‍රදර්ශනාගාරය විවෘත කෙරුණේ, උසස් තත්ත්වයේ හා නවතම මාදිලියේ විලාසිතා පාරිභෝගිකයින්ට පහසුවෙන් ම ලබාගැනීමට හැකියාව සලසමිනි. නිමි ඇඳුම් සාප්පු සවාරි අත්දැකීමේ නිරත වන පිරිසට, මෙම නවතම ප්‍රදර්ශනාගාරයේ දී, කාර්යාලීය නිමි ඇඳුම් මෙන් ම, නවතම මෝස්තරයේ විලාසිතා එකතුවක් වෙත පිවිසිය හැක. මෙම නවතම සන්ධිස්ථානය සමරමින්, Panthera Styles හි ඇඟළුම් ප්රදර්ශනාගාර තුන හරහා ම, සුවිශේෂී ප්‍රවර්ධන දීමනා සමගින් විශේෂ වට්ටම් මිලට නිමි ඇඳුම් ලබාගැනිමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා තිබේ.
නව වෙළඳසැල විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් වත්සලා අත්තනායක මහත්මිය මෙලෙස සඳහන් කළාය. “කොල්ලුපිටිය නගරය නිමි ඇඳුම් සාප්පු සවාරිවල නිරත වන පාරිභෝගිකයින්ගේ තෝතැන්නක්. එම නගර මධ්‍යයේ අපගේ නවතම අලෙවිසල විවෘත කරමින් විලාසිතා සම්බන්ධ නවතම පරිච්ඡේදයකට පිවිසීමට ලැබීම, Panthera Styles හි අපි සියලු දෙනාට ආඩම්බරයට කාරණයක්. පැලවත්ත සහ කිරුලපන පිහිටි අපගේ අනෙක් වෙළෙඳසැල් දෙක, දැනටමත් නවතම විලසිතාවේ නිමි ඇඳුම් එකතුන් සොයන, විශ්වාසවන්ත පාරිභෝගිකයින් සමගින් ශක්තිමත් පාරිභෝගික පදනමක් ගොඩනගා ගත් විලාසිතාගාර බවට පත්ව තිබෙනවා. නවීන ගෘහ නිර්මාණ ලක්ෂණ විදහා දක්වමින්, අලංකාර ලෙස නිමකර ඇති මෙම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය සැලසුම් කර තිබෙන්නේ, පාරිභෝගිකයින්ට කිසිදු බාධාවකින් තොර සාප්පු ඇත්දැකීමක් ලබාදීම සඳහාමයි. මෙම නවතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය තුළින් ඔබ වෙනුවෙන් ම නිමවා ඇති, අලංකාර, නවතම ප්රවණතාවයේ සහ කාලීන විලාසිතාවන්ගේ නිමි ඇඳුම් ලොවක් වෙත පිවිසෙන ලෙස මම සියලුම පාරිභෝගිකයින්ට ආරාධනා කරනවා.”
Panthera Styles හි නිමි ඇඳුම් ප්රදර්ශනාගාර තුන හා එහි pantherastyles.com වෙබ්අඩවියෙන් සාමාන්‍ය ඇඳුම්, කාර්යාල ඇඳුම්, සාද සඳහා ඇඳුම් පමණක් නොව පාවහන්, ලිනන්, සුවඳ විලවුන් මෙන් ම සුවිශේෂී Trusted by Panthera සන්නාමය යටතේ, ප්‍රජා වැඩසටහන් අරමුණු කරගත් භාණ්ඩ රැසක්ද ලබාගත හැකියි. Trusted by Panthera නිර්මාණය කර ඇත්තේ, ස්වයං රැකියාවල නියුතු කාන්තා ශිල්පීන්ගේ ජීවන මට්ටම ඉහළ නංවමින් ඔවුන් සවිබල ගැන්වීමේ ප්‍රබල දැක්මකින් යුතුවය. ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවකාශයක් සලසා දීම පමණක් නොව, ඔවුන් වෙත නිසි ඇගයීමක් ලබා දීමෙන් ද, එම කාන්තාවන්ගේ ජීවිත පරිවර්තනය කිරීමට මෙම වැඩසටහන තුළින් උත්සාහ දරයි. එම එකතුවට ඇතුළත් ස්වර්ණාභරණ, බෑග්, පසුම්බි හෝ ගෘහ අලංකරණ උපාංග ආදී සෑම නිර්මාණයක්ම එම ශිල්පිනියන්ගේ දක්ෂතාවයේ පමණක් නොව, ඔවුන්ගේ ආශාවේ මෙන් ම සහජ කුසලතාවයේ ද පිළිබිඹුවක් බැවින්,Trusted by Panthera වාණිජ අරමුණු අභිබවා ගිය මාහැඟි කාර්යයක් බවට පත්වෙයි. එය මුළුමනින්ම, කාන්තාවන් සවිබල ගැන්වීමේ අභිලාෂයෙන් දියත් කරන ලද වැඩසටහනක් වන අතර, මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමටත්, ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමටත් මෙන්ම, තිරසාර ජීවනෝපායන් සකස් කර ගැනීමටත් කාන්තාවන් දිරිගන්වයි.

Video Story