May, 18, 2014
කඩදාසි, කාඩ්බෝඩ්, කාඩ්බෝඩ් ටියුබ් වැනි සරල අමුද්‍රව්‍ය යොදා ගනිමින් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ වලට අවශ්‍ය ගෘහ නිර්මාණ සිදුකරන 57 හැවිරිදි ජපාන ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා පිදෙන ලෝකයේ උසස්ම සම්මානය වන Pritzker Prize නැමති සම්මානයෙන් මෙවර පිදුම් ලබා තිබේ.
මෙහි සුවිශේෂීත්වය වන්නේ ෂිගෙරු බෑන් නම් මෙම ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සුනාමියෙන් විනාශ වූ කිරින්ද ධීවර ගම්මානයේ වැසියන් වෙනුවෙන්ද පොල් ලී යොදා ගනිමින් අඩු වියදම් නිවාස ව්‍යාපෘතියක් නිර්මාණය කර තිබීමයි.
“පේපර් ආර්කිටෙක්ට්“ හෙවත් කඩදාසි ගෘහ නිර්මාණ ශිල්පියා යනුවෙන් ලෝකයේ ප්‍රචලිත මොහු දශක දෙකක පමණ කාලයක් සිය සරල නිර්මාණ මගින් ස්වභාවික විපත් වලින් කරදරයට පත් ජනතාවට සෙත සලසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1995 වසරේදී ජපානයේ කෝබේහි, ඇතිවූ භූමි කම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බෑන් විසින් බීර අසුරන පෙට්ටි වලට වැලි බෑග් පුරවා තාවකාලික නිවාස නිර්මාණය කරදී තිබේ.
2011 දී ජපානයේ සිදුවූ භූමි කම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මොහු බහාලුම් යොදා ගනිමින් නිවාස නිර්මාණය කරදී තිබෙන අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි වැසියන් වෙනුවෙන් කාඩ්බොර්ඩ් ටියුබ් භාවිතා කරමින් පල්ලියක් නිර්මාණය කරදී ඇත.
හයිටියේ සිට රුවන්ඩාව දක්වාත්, චීනය දක්වාත් ඔහුගේ අඩු වියදම් නිවාස ආපදාවන්ට ලක්වූ ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා ඉමහත් අස්වැසිල්ලක් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඡායාරූපවල දැක්වෙන්නේ කඩදාසි, කාඩ්බෝඩ්, කාඩ්බෝඩ් ටියුබ් භාවිතා කරමින් ෂිගෙරු බෑන් විසින් ලෝකයේ විවිධ රටවල් වෙනුවෙන් සැකසූ නිර්මාණ එකතුවකි. මෙහි කාන්තාවක් හිඳගෙන සිටින සේයාරුවේ දැක්වෙන්නේ කිරින්දේ ධීවර ගම්මානයේ වැසියන් වෙනුවෙන් ඔහු නිර්මාණය කළ අඩු වියදම් නිවාසයකි.
ෂිගෙරු බෑන්ගේ සේයාරුවක්ද මෙහි පළවේ.