December, 18, 2024
උපයන විට ගෙවීමේ බද්ද (PAYE tax) පැනවූ රු. ලක්ෂයක වැටුප් සීමාව රු. එක්ලක්ෂ පනස්දහසක සීමාවක් දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහාතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අවස්ථාවේදී යි.
"අපි විශේෂයෙන්ම අපේ රටේ වෘතීයවේදීන් මත පනවා තිබූ PAYE tax එක පිළිබඳව අපේ රටේ වෘතීයවේදීන්ගේ විශාල කනස්සලක් තිබුණා. මට මතකයි විශ්වවිද්‍යාල ආචාරවරුන්ගේ සමිති සම්මේලනය ඒ් වගේම වෛද්‍යවරුන්ගේ සංගම්, බැංකු කළමණාකරුවන්ගේ සංගම් මේ අය විශාල ප්‍රමාණයක් මේ PAYE tax එක පිළිබඳව විශාල කනස්සල්ලක හිටියා. අපි නැවත සාකච්ඡා ආරම්භ කරා. අපි බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය ලක්ෂ එකහාමාර දක්වා වැඩි කරගන්න සමත් වී තිබෙනවා. ඒ වගේම 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පලමු කාණ්ඩය ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට සංශෝධනය ලබාගන්න අපි සමත් වී තිබෙනවා. ඒ අනුව ලක්ෂ එකහාමාරක මාසෙකට වැටුපක් ගන්න කෙනෙක්ගේ බදු 100%ක් නිදහස්. ලක්ෂ දෙකක වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද 71% කින් නිදහස්. ලක්ෂ දෙකහාමාරක වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද 61%කින් නිදහස්. ලක්ෂ තුනක වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද 47%කින් නිදහස්. ලක්ෂ තුනහාමාරක වැටුපක් ගන්න කෙනෙක්ගේ බද්ද 25.5%කින් නිදහස්. ඒ කියන්නේ මොකක්ද වැඩි ආදායම් ලබාගන්නා අයට අඩු සහනයකුත් අඩු වැටුප් ලබන අයට වැඩි සහනයකුත් ලැබැන ආකාරයට අපි paye tax එක සංශෝධනය කරගන්න සමත් වී තිබෙනවා."
Video Story