Payoneer ගිණුම් හිමියන්ට දැනුම් දීමක්

    October, 4, 2024

    ඔන්ලයින් ක්‍රමවේද හරහා මුදල් හුවමාරු සහ ඩිජිටල් ගෙවීම් සේවා සපයනු ලබන Payoneer විසින් සිය සේවාදායකයින් වෙත දැනුම්දීමක් කර තිබේ. ඒ Payoneer  සේවාවන් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුවලට අදාළවයි.

    ඒ අනුව Payoneer ශේෂය, සිය බැංකු ගිණුම වෙත වෙනත් විනිමයකින් ලබා ගැනීමේ දී 3% ක ගාස්තුවක් ද, විනිමය පරිවර්තනයකින් තොරව මුදල් ආපසු ලබා ගැනීමේ දී 3% ක ගාස්තුවක් ද අයකරනු ලබන බව සඳහන් වේ.

    එසේම ගෙවීමේ සිදුකිරීමේ දී ද මෙම 3% ගාස්තු ක්‍රමවේදය අදාළ වනු ඇත.

    මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වෙන අතර 2024 ඔක්තෝබර් 20 වන දින සිට මෙම නියමයන් බලාත්මක වීමට නියමිතය.